Post Rating:
GD Star Rating
loading...
ඔන්න ඉතින් හා හා පුරා කියල මලී කෙලීත් කට්ටියටම කතාවක් කියන්නයි යන්නේ ඔන්න.අනේ ඉතින් මේකට හිනා නම් යන්නේ නෑ.ඒත් ඉතින් මේක කිව්වා කියල කාටවත් හානියකුත් නැනේ.මේවා ඉතින් ජීවිතේට අත්දැකීම් කියලවත් හිතමු. ඔන්න ඉතින් ඉස්කෝලේ යන කාලෙ(o /l ) එක වාර විභාගයක සුබ්ජෝට් එකක් ඉවර කොරල මලී ළමයයි එයාගේ සගයෝ දෙන්නයි කෝච්චියේ පළමු වතාවට තනියම(දෙමෞපියෝ නැතුව,ගෙදරට හොරෙන්) ගෙදර යන්න කියල හිතුවනේ.ඒ පැත්තේ ස්ටේශෝන් එක අමුතු විදියටනේ අප්පා තියෙන්නේ(අර එන්ජිම මාරු කොරන්න වෙන්නේ අනිත් දිසාවට යන්න නම්.එන්නේ එඋවගේ ජාතියේ එකක්).ඉතින් ඉස්කෝලේ ඇරෙන වෙලාවට දෙපැත්තටම යන පාසල් දුම්රිය එකේ නවත්තල තියෙන්නේ.
ඉතින් මේ හුරුබුහුටි ළමයි ට්‍රිබල ගත්ත ටිකෙට් නැග්ග කෝච්චියට ආයේ නෑ නිකන් එඩිතර ළමයි වගේ(හිතට දැනුන එඩිතර කම කියල නිම කරන්න බෑ අප්පා ඒ වෙලාවෙනම්).කෝච්චියේ ළමයි කන්න වගේ බැලුවනේ.හිතට ඉතින් ආඩම්බරයි තමයි.කොච්චිය ඔන්න යනව.පරණ ළමයි ට්‍රීට් ඉල්ලන්න පටන් ගත්තේ නෙව.හුටපටයි.අලුත් එවුන් කෝච්චියේ යන පලවෙනි දවසේ එහෙම දෙන්න ඕනලු.අපි සැලුනේ නෑ.මොකෝ අපි ගියේ ඒ පැත්තේ තියෙන ජනප්‍රියම බාලිකා පාසලටනේ(ඉතින් අලි ඔලුව).
ඔන්න දැන් මේක ස්ටේශෝන් තුන හතරක් පහු කොලා.දැන් නම් ඇඟ සීතල වේගෙන එනවා.මොකෝ කෙල්ලෝ ටිකට තේරුණා ගෙවල් පැත්තට යන කෝච්චිය නෙවෙයි මේ අනිත් පැත්තට යන එක කියල.මොනවා කොරංනෙඉ ඉතින් දැන්.තියෙන පැහිච්ච කමට කොරගත්ත වැඩේනේ.දඩිබිඩි ගාල ඊළඟ නැවතුමෙන් බැස්ස.ටිකෙට් එකතු කරන අන්කල් ඉන්නවනේ.දුන්න ටිකෙට් එක අනිත් පැත්ත හරවල,ඇන්ටි කෙනෙක්ගෙන් බස් පාර කොහෙද ඇහුව,බස් එකේ නැගල ගෙදර ආව.
ඊට පස්සේ නම් හැමදාම හරි කෝච්චියේ ගියා……
GD Star Rating
loading...
වැරදුනු කෝච්චිය , 6.2 out of 10 based on 19 ratings
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.
⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=8407
post එක උස්සපු එකක් නම් කෙලින්ම
ට ලියන්න.
© Thelastrow.net කොපි කරන්න කලින් මෙතන ඔබන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=8407" style="font-size:16px;" target="_blank"> <strong > post : වැරදුනු කෝච්චිය by මලී </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=8407][size=16][b] post : වැරදුනු කෝච්චිය by මලී[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්‍රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
මලී අක්කා..ගාල්ලෙවත්ද…….
loading...
ගාල්ලට එද්දි කෝච්චියෙ එන්ජින් මාරු කරන්නෙ නැහැනේ?
loading...
සිරාවට නැද්ද……මං මෙච්චර කල් හිතන් ඉදියේ එහෙමයි කියලා.
මලා.. මං ගාල්ලෙද…..
ආ…හරි මතක් වුණා.මාරු වෙන්නෙ කෝච්චියෙ ඉස්සරහ පිටිපස්සනෙ….
අයියෝ ඉල්ලන් ටින්කිරි ගා ගන්නව කියන්නෙ මේවට වෙන්න ඇති…
loading...
මම නම් දන්නෙ කොළඹ ඉදන් ත්‍රිකුණාමලේ යන කෝච්චිය ගල් ඔය හන්දියේදි දෙකට බෙදල එක කෑල්ලක් මඩකලපුවට යනව, අනිත් කෑල්ල ත්‍රිකුණාමලේ යනව කියලා… මලීත් ඒ පැත්තෙ වෙන්න ඇති :පී
loading...
අනේ අනේ ඔයා මට වැඩ බාලද වැඩිමල්ද ?
loading...
ඇයි දෙයියනේ, අච්චර පොල් ගෙඩි සයිස් එකෙන් කියලා තියෙනවා “අක්ක” කියලා.ආයිත් අහනවා.මං බාල නිසානේ එහෙම ලියන්නේ.
බාල උනත් වැඩිමල් වුනත් කමක් නෑ.මට පිසා මලයා කියන්න.
එහෙම උනාම ප්‍රශ්න අඩුයි අප්පා….
loading...
ඕන් මලී කෙල්ලෙ මගෙන් මනාපයක්….කෝච්චියෙ බෝර්ඩ් එක බලල නගින්ට තිබ්බනේ බං
loading...
නැත්තම් කොන්දගෙන් අහන්න තිබුණා මේ හරි කෝච්චියද කියලා….
loading...
බලාගෙන යනකොට තෙලෙස්ට්‍රෝ එකේ වැඩි පුරම ඉන්නෙ දකුනේ කස්ටිය වගේ.
loading...
මටත් ඔය වැඩේම උනා.කෝච්චියෙ නෙමේ හැබැයි බස් එක මාරු වෙලා.
loading...
@ Shaggy මලයෝ ,මම දන්න විදිහට නම් තිරිකුනාමලේ කොච්චිය බෙදෙන්නෙ මහව හන්දියෙන්….හරිද දන්නෑ ඕන්..මට හිතෙන්නෙ මලී කෙල්ල මහව පෑත්තෙද කොහෙද
loading...
එසේය සර්*යියේ… සිදු වූ ප්‍රමාද දෝශයට මාගේ බලවත් මෙව්ව එක ප්‍රකාශ කරමි.. :එස්
loading...
සර්ප අය්යා,
මාහෝ, රේල් පාරේ හන්දියක් වුනාට, මට මතක හැටියට, මටකෙලපු සහ ට්‍රින්කො යන කෝච්චි දෙකට බෙදුනෙ ගල්ඔය හන්දියෙන්. යාපනේ පැත්තට යන කෝච්චි පාරේ ගල්ඔය පැත්තට යන පාර බෙදෙන හන්දිය විතරය් මාහෝ.
loading...
uthuru margaye dumriya negenahirata bedenne mahawa handiyen. negenahirata ena ewa gal oya handiyen aye bedenawa trinco walatai betticaloa walatai
loading...
අනේ කට්ටිය ටිකක් ඉස්ටේශෝන් ටපලගෙන වගේ ….. හයියෝ……..
ඒකට නම් කමක් නෑ…..කොමෙන්ට් වලට මාගේ ප්‍රණාමය හැමෝටම…..
loading...
මලී ඉතින් කිව්වනං කොය් ස්ටේෂන් එකේද ඔය එන්ජින් හෙය්යම්මාරුව කියල.
loading...
that’s කැරට් ඔබා මාමා.. මමයි සර්ප අයියයි පොඩි මුට්ටියක් දැම්මා station එක මොකක්ද අහගන්න…. අපි ඉතින් ඔබා මාමා වගේ පළපුරුදු ක්‍රීඩකයො නෙවෙයිනෙ කෙලින්ම අහන්න :පී
loading...
කතාව හොඳයි මලී. ලියන්න දිගටම…
loading...
මලී, ඊලඟට කවියක් දැම්මොත් හොඳයි නේද? හොඳ කවියෙක් කියල තේරෙනව.
loading...
මේක මේ එක කෝච්චිය දෙකට බෙදිලා යන පැත්තක් නෙවෙයි කොල්ලනේ.ඒ ස්ටේශෝන් එක ලඟින් රේල් පාර නතර වෙනවා.එකයි මේ එන්ජින් සෙල්ලම(ඔන්න හෝඩුවාව).මාමයිට් කිවුවත් වගේ කවියක් ගැන හිතන්න ඕන කලේ හරි.
loading...
හ්ම්ම්ම්, ඉට්ටේසොම ලඟ කොච්චිනේ මලී නතර වෙන්නෙ. රේල් පාර කොහෙ යන ගමන්ද ඔය ඉට්ටේසොම ලඟ නතර වෙලා තියෙන්නෙ?
loading...
සුවර් එකටම මලී ඉන්නෙ යාපනය හන්දියේ, එතනින් එහාට රේල් පාර ඉවරයිනෙ.
loading...
යාපනේ හංදිය කියලා අනුරාධපුරෙත් හංදියක් තියෙනවා මං හිතන්නේ….අර ලොකු ඔරලෝසු කණුවකුත් එක්ක.අනුරාධපුරෙට පොඩ්ඩක් මෙහායින්…..
හරිද මන්ද….
loading...
අඩේ පිසා මලයා උඹ දන්න තරම්.මල්ලි හරි මල්ලි.අනුරාධපුර නැති හන්දියක් නැහැ
මාතලේ හන්දිය,කුරුණෑගල හන්දිය,පුත්තලම් හන්දිය
loading...
Maxa Rep+++
loading...
මලී නගෝ මිනිස්සුන්ව මහන්සි කොරන් නැතුව ඔන්න ඕක කියලා දැම්මනම් අහවරයිනෙ.
loading...
ඕන් එහෙනම් කියල දැම්ම…. ගාල්ලේ එහෙමලු.අනේ කාටවත් කියන්න එපා.
loading...
ගාල්ලේ…….ආ..හරි හරි..මාතර කෝච්චියයි.කොළඹ කෝච්චියයි එකම පැත්තටනේ හරවල තියෙන්නේ.මම එහෙනම් හරි නේ…සුට්ටන් විතර මෙව්වා එකක් දැනෙනවා.
කොහෙද මේ ශැගියා මාව නොමඟ යැව්වනේ…
loading...
ආ, පිසා මලයෝ මම ජීවිතේටම එකම එක පාරයි ගාල්ලට කෝච්චියෙ ඇවිත් තියෙන්නේ.. (2007 දි)
loading...
ඔව්..ඉතින් මාස තුනක් වුණත් මං මලයා නෙවැ….හිහි….හි..
අම්බලංගොඩ ඉඳලත් එක පාරද ශැගි…..
මම නම් ඔය පැත්තේ අනන්තවත් ඇවිල්ල ඇති.සැරයක් අයියගෙ ස්කොලෙටත් ආවා,ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට.අපි දිනලයි ගියේ හරි…..බොලාලගේ සයන්ස් සෙක්ශන් එකම කට ඇරන් බලන් ඉඳියෙ අපි දිනලා යනකොට….
loading...
අම්බලන්ගොඩ නෙවෙයි කොල්ලෝ, මම හික්කඩුවෙ.. ගෙදර ඉදන් එද්දි මුලින්ම තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එක.. එතන ඉදන් තව මීටර් 100ක් විතර තියෙනවනෙ ස්ටේශන් එකට, ඒ දුර යන්නෙ නැතුව බස් එකක එල්ලෙනවා..
අපේ කස්ටිය කට ඇරන් ඉන්න ඇත්තෙ ඇස් දෙකෙන් බලල මදි නිසා වෙන්න ඇති :පී
loading...
ඉස්සරහින් නගින ගමන් ඩ්‍රයිවර් අන්කල් ගෙන් ම අහන්න තිබුනනේ කෝච්චිය කොහෙටද යන්නෙ කියලා…..
loading...
කෝච්චිනම් කමක් නෑ කියමුකෝ. මොකද යන දිහාව ලියල බෝඩ් එකක් වත් නෑනේ.
ඒ උනාට හොදට සිංහලෙන් ලියපු බෝඩ් බලාගෙන මම වැරදි බස් වලට නැගල තියනවා සැහෙන වතාවක්.
loading...