8

මගේ සඳ ඔබ

මේ කවිය මන් ළඟ ගොඩක් කල් ඉඳල තිබුන එකක්.මේක මන් ගාවට කොහෙන් ආවද කියල මටම මතක නෑ.එත් මේක ලස්සනෛ කියල හිතෙන නිසා අන්තිම පේලියේ දාන්න හිතුන.

කඳුල සුසුමට හාද වෙද්දී

හිතේ සිතුවිලි අකුරු කරලා

නුඹේ නමට ලියු කඳුළු කවියේ

අකුරු දැන් හොඳටෝම මැකිලා

ගලප ගන්නට නොහැකි දේවල්

පේලි අතරේ නතර කරලා

හිතට එන දුක අකුරු කෙරුවෙමි

කෙලෙස හෝ ඔබ දකී කියලා

 

පැතුම පතුමම වෙලා හෙමිහිට

ටිකෙන් ටික ගොස් කාලේ ගෙවිලා

සති ගණන් මා බලා සිටියත්

නුඹට නෑ තව මාව දැනිලා

සහසකුත් මල් පිපී තිබුනත්

හතර මායිම සුවඳ කරලා

පාලු මේ සිත් විලේ තවමත්

නෑනේ සුවන්දැති මලක් පිපිලා

පොසොන් මහ පුර පෝය සඳ රැලි

පාලු හිත ළඟ නතර කරලා

සඳේ සාවිත් මගේ කඳුලට

හිත රිදෝගෙන සුසුම් හෙලලා

කඳුළු මතකය රැඳුණු සිතුවිලි

සිතින් ඈතට මුදා හැරලා

ඉතින් සැනසෙමි කඳුළු පිසගමි

මගේ පුරහඳ ඔබයි සිතලා

GD Star Rating
loading...
මගේ සඳ ඔබ , 8.9 out of 10 based on 13 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=9158 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


8 Responses to "මගේ සඳ ඔබ"

  1. Avatar of Jayya Jayya says:

    සිතෙහි රැඳෙනා
    අඳුරු සිතුවිලි
    කවි ගඟෙන් සෝදා දමාලා
    සිනාසෙනු මැන
    ජීවිතේ හැටි
    ඔහොමයි
    මොලයෙන් සිතාලා.

    GD Star Rating
    loading...
  2. Avatar of Observer Observer says:

    බොරු නං කියන්න එපා මලී, ඕක ඔයාට දුන්නු එකා මතකවත් නැහැ කියල.

    GD Star Rating
    loading...
  3. Avatar of DongaAyya DongaAyya says:

    අපි නොදන්නා මොණරතැන්න කිව්වාලු!
    කවි දදා හිටියා කියලා කිසිදෙයක් හරි යන් නැ බෝල!

    GD Star Rating
    loading...
  4. මලියෝ කඳුළු නැති කවියක් ලියහන්කෝ..

    GD Star Rating
    loading...
  5. මගේ යාලුවෙක් ඉන්නවා මරදගහමුල. ඌට තියෙනවා ගල් මෝලක්. ඌ ඒ ගල් අස්සට හාල් ටිකකුත් දාලා විකුනනවා. උගෙන් අහුවමනම් කියන්නේ කරන්නේ හාල් බිස්නස් කියලා. එත් උගෙන් හාල් ගන්න එවුන් දන්නවා හාල් වල හැටි.

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.