30

දැන් හොඳටෝම ඇති

එකෙක් එක් දෙයක් කියයි
අනෙකාද තව තව කියයි
දිගක් පළලක් නොමැති
කතාවේ කෙලවර නොමැති

සිත මගේ දැන් මෙසෙයි
නෑ නෑ දැන් මගෙ මෙසෙයි
කී දේක හරයක් නොමැති
සිත රිදුම ඉතිරි ඇති

කී දෙයක් ගනු බැරි සෙයකි
නොකියනා තරමට සැපකි
පරණ කුණු පල නොමැති
ඇද්ද තරමටම ගඳ ඇති

පාඩමක් සිතට ගමි
අද සිටම සිතට ගමි
සැනසීම මෙතන ඇති
ආදරෙත් රැඳී ඇති

GD Star Rating
loading...
දැන් හොඳටෝම ඇති, 7.3 out of 10 based on 10 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=8443 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


30 Responses to "දැන් හොඳටෝම ඇති"

  1. Avatar of suddi suddi says:

    ඔය කියන්නේ කොතන ගෑනද මලියේ?.

    GD Star Rating
    loading...
    • Avatar of marmite marmite says:

      මාවත් ටිකක් කරකෝල අත ඇරිය වගේ. හිටුකෝ! මම කොහොම හරි මේකේ හැංගිච්ච තේරුම හොයා ගන්නවා

      GD Star Rating
      loading...
  2. මේ කියල තියෙන්නේ අන්තිම පේලිය ගැන. :)

    GD Star Rating
    loading...
    • Avatar of marmite marmite says:

      හප්පා, ඇත්ත නේන්නම්. මේකි හිම්මිච්චිවගේ ඉඳගෙන අපි ගැනම නේද මේ ලියල තියෙන්නෙ? විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. මේ ටිකට කවියකුත් ලියල දාල.

      GD Star Rating
      loading...
  3. Avatar of Jayya Jayya says:

    සිත බරින් තොරව
    එනු මැන මෙහි
    අන්තිම පේලිය
    දෙනු ඇත සැනසුම

    GD Star Rating
    loading...
  4. මට නම් හිතෙන්නේ කියන්නා කෙසේ කීවත් අසනන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා……

    GD Star Rating
    loading...
    • Avatar of marmite marmite says:

      ඔය කියන මහත්තයත් හොඳටම ඇඳල හිටිය වගේ තමා මට නම් මතක. හෙ හෙ හේ..

      GD Star Rating
      loading...
      • කව්ද දන්නේ නෑ නිදාගන්න යන්න හදපු මාවත් නවත්තගෙන නහයෙන් අඬන්න ගත්තේ. ඈ බොල මයිටෝ, මම ඊයේ බොට කීසැරයක් කීවද පොඩ්ඩක් කලබල නොවී හිටු කියලා. බලපන් මම ඊයේ දාපු ක්ෂණික කෑලි ටික ආයෙත් කියවලා. පොඩි සැකයක් තිබ්බට මම නම් උඹලා වගේ ඇන්දේ නෑ. යකෝ මූට උදව් කොරන්න ගිහින් මම අහගන්න ඒවා. අනික මම මේ කිවේ ඊයේ සිද්ධිය ගැනම නෙවෙයි. කොයිදේත්. උඹ අනිත් දවසේ එහෙම අනාගෙන වරෙන්කො. මගෙන් නෑ වචනයකින්වත් සපෝර්ට් එකක්….. ( පුළුවන් නම් මී හරකා වගේ මේකත් සිරා ගනින් ) :D

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        ආයේ ඕකෙ වගේ මොකද්ද ගොඩයො? කෙලින්ම කියහන්කො බය නැතුව මීහරක කියල. උඹට එච්චරම ලේසියෙන් පුලුවන්ද බන් මාව තරහ කරගන්න?

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        අපි ස්කොලෙන් out වෙලා class එකක හිටියා. එකේ හැම පේලියකම කොල්ලෝ,කෙල්ලෝ කලවමේ හිටියේ….අපි හිටපු පේලිය අන්තිම එක(කියන්ට ඕන නැනේ)..එකේ කොල්ලෝ විතරයි හිටියේ,නසරානිම වගේම ෆිට්ම පේලිය.අපිට ඉදිරියෙන් තිබ්බ පේලියේ කෙල්ලෝ විතරයි. එකේ ඉන්න එවුන් විතරයි අපිත් එක්ක ෆිට්(ගොඩක් එවුන්),අනිත් පේලිවලට අපිව පේන්ට බෑ( කොල්ලෝ,කෙල්ලෝ දෙපාර්ශවයටම, sirත් ඇතුළුව-එත්එක පෙන්නන්නේ නැ,)).හැබැයි ඉතින් මොනා කලත් අපි මාට්ටු නැ,බුලට් දෙකතුනකුත් හිටියා උන් පේළියම ආරක්ෂා කොරනවා. අපි කොරන්නේ වලියක් දා ගන්නවා, ඒ වෙලාවට නම් ඉතින් ඇත්ත වගේම තමයි..පස්සේ කට්ටිය තරහ වෙලා වගේ ගිහින් අනිත් පේළිවල වාඩි වෙනවා(විශේෂයෙන්ම්ම කෙල්ලෝ ඉන්න තැන් වල),පස්සේ අනිත් එවුන්ගේ වැරදි කියනවා, ටිකක් ෆිට් උනාම අනිත් පේළිවල උන් ටික වමාරන් නැතේ අ.පේ. එවුන්ගේ වැරදි, අපිත් ඉතින් තව ෆෝරම් කලාම උන් හිතේ තියෙන එව්වා ඔක්කොම වමාරනවා. මෙහෙම දවසකට දෙකකට පස්සේ අපේ සෙට් එක අයෙත් අන්තිම පේලියට සෙට් වෙනවා,අයෙත් පරණ විදිහටම…අනේ අර වැරදි කිව්වා එව්වොන්ගේ මුණු බලන්ට එපාය ඒ වෙලාවේ, තොරණ වගේ(හැබැයි ඉතින් උන් කියපුවා ගැන නම් මොකුත් අහන්නෙත් නැ කවදාවත් එත් ඉතින් උන් දන්නවා නේ ඇත්ත…)
        අපි තරහ වෙලා ඉන්නකොට කෙල්ලෝ විතරක් ඉන්න පේලියේ උන් ඇත්තටම දුක් වෙනවා,පුදුම ට්‍රය් එකක් දෙන්නේ අපිව යාලු කොරන්ට, වෙලාවකට පව් කියලත් හිතෙනවා..
        ඔන්න ඔහොම තමයි ඇත්තටම අ.පේ. තත්වය..මේක කොහෙටත් පොදුයි(අ.පේ. හිටපු එවුන්ට මවගේ සිද්දි දැන් අනන්තවත් මතක් වෙනවා ඇති)
        ප.ලි..: එදා සිද්ද වෙච්ච එකේ නම් වැරැද්ද උනේ වැඩේ පත්තු උනා වැඩි උන, මට වෙලාවට එන්ට බැරි වීම නිසා..එකට වෙන කාගේවත් වැරද්දක් නැ….(සමහර විට මේ වගේ වැඩ වලින් අපි නොදෙනුවත්වම හරි හිත රිදවීම් වෙනවා කියන එක නම් සහතික ඇත්ත..එත් අ.පේ. වල ඊට පස්සේ ෆිට් එක වැඩි වෙන්ට ඕන….තව එකක් අන්තිම පේළිවල වල් පල්,සින්දු,කතා,මඩ තමයි වැඩිම ..ඕන වෙලාවට ඕන දෙයකටත් ඔට්ටුයි..වැදගත්ම දේ මනුස්සකම තිබීම තමයි, කාටවත් පෞද්ගලික තරහ වලට මඩ ගහන උන්ට නම් අ.පේ. එව්වොන් ගෙන් සමවාක් නැ )
        අයෙත් දිග comment එකක් !

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        ඇති ඇති බන් උඹේ ඔය ඇඬියාව. මිනිහ මැරිච්ච ගෑනි වගේ වෙලානෙ උඹත්. ඔන්න මම නොකිව්වයි කියන්න එපා! දැන් වහගනින් උඹේ ඔය ටැප් එක. උඹ මටත් එක්ක ලැජ්ජා කරනවනේ.

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        උඹලා නටපු නාඩගම නිසානේ බොල මට මෙහෙම උනේ,මට මතක් වෙනකොටත් ලැජ්ජාවේ ඉන්ට බැරිව ඉන්නේ( විහිළු!).එහෙනම් ආයේ ඔය මගුල කතා නොකර හිටහල්ලකෝ..

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        අඩෝ මයිටෝ, උඹ මේකත් මතක තියා ගනින් ආයේ එහෙම ඕවා කතා කොරල මැරුම් කන්ට තමයි..මේ dongage හැටි තාම දන් නැ එහෙනම්.. මට උඹත් එක්ක මීට පස්සේ කතාවක් නැ ..
        ආ අමතක උනා රණ්ඩු වෙන්ට එපා කිව්වනේ…අනේ එහෙනම් මට සමා වෙලා….අයෙත් අමතක උනා අඬා වැටෙන්ටත් එපා කිව්වනේ..මඩත් බැ එහෙනම් මොන මගුලද කොරන්ට ඉතිරි වෙලා තියෙන්නේ දැන් ….
        (මේ පොස්ට් එකේම මේවා ලිව්වම මේක වැඩක් නැති වෙලා යනවා වගේ..ඒ නිසා ඇති වගේ..ඇති නෙමෙයි වැඩියි වගේ නේද? )

        GD Star Rating
        loading...
  5. Avatar of මලී මලී says:

    හැමෝටම ගැලපෙන විදියට හිතලයි ලියුවේ.තම තමන්ට ගැලපෙන විදියට ගත්තොත් වැඩේ හරි….. :)

    GD Star Rating
    loading...
    • මලී ව එවලා තියෙන්නේ, ස්කොලේ විනය භාර සර්.
      අන්තිම පේලියේ එවුන්ගේ වැඩ නවත්තන්න.
      හික් හික්..හික්……

      :-) :-) :-)

      GD Star Rating
      loading...
  6. Avatar of nishantha nishantha says:

    හැමෝටම ගැලපෙන කෝකටත් තයිලයද :)

    GD Star Rating
    loading...
  7. Avatar of Ranja Ranja says:

    ඇන්ඩටයි, මටයි, ඔබාටයි, එක්කමද?

    GD Star Rating
    loading...
  8. තේරුම් ගන්න ඔබ..
    ජීවිතය කුනු ගොඩක් බව..
    හිතුවත් වෙනස් වී යැයි…
    ඔබ…
    සිතෙන්නෙ නැද්ද..
    හිටපු කෙනාම බව….
    හරිම පුදුමයි….
    ජීවිතය….
    කඳුලකට…
    කොච්චර දේවල්….
    කරන්න පුලුවන්ද…

    GD Star Rating
    loading...
  9. Avatar of මලී මලී says:

    හරි පුදුමයි…
    ඔබ කොහොමද කියන්නේ…
    මා නොවෙනස් වග…..
    ඇත්ත ඔබනම් වෙනස් වීලා….
    කාලයක අරුමය…..
    මගේ හොඳ ගතිගුණ නම්….
    නැත මා වෙනස් කරන්නේ……
    වැරදි නම් හදාගත යුතුයි…..
    සහතිකයි…..
    එහෙත් නොකරනු විනිශ්චය….
    ඔබ….
    ඔතරම් දුරින් සිට…….

    GD Star Rating
    loading...
    • Avatar of marmite marmite says:

      @මානවක + @මලී

      හ්ම්ම්….
      මෙතනත් කුමක් හෝ
      හොරයක් ඇති බව හැඟේ…
      පෙර පෙම්වතුන් වූ දෙදෙනෙක්
      යලි හමුවී යැයි මට සිතේ….

      GD Star Rating
      loading...
      • නොකිව්වට මොකද මාමයිට් අයියේ.මානවකගෙ මුල්ම කවියට මලී කෙල්ල දාපු කමෙන්ට් එකෙන්ම මට නම් සීන් එක තේරුණා.
        මල් කඩන්න ‍තෝරගත්ත ක්‍රමෙත් මාරයි නේද මුන් දෙන්නා…

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        පිසාචයා මලේ
        මටත් නොතෙරුනේ නොවේ
        මුන් අලුත් කලේ
        හිත්රිදවීම නොහොබී යැයි සිතේ

        GD Star Rating
        loading...
  10. Avatar of Ranja Ranja says:

    වාසනා වේවා වාසනා වේවා !!!

    GD Star Rating
    loading...
  11. මගෙ සොඳුරු කවි වලට…
    වසඟ නොවනූ කවුරු…
    පෙම් දමක් ඔනෙමද…..
    පිලිතුරක් ලියන්නට……

    GD Star Rating
    loading...
    • Avatar of මලී මලී says:

      අනේද කියන්නෙ… :)

      GD Star Rating
      loading...
      • Avatar of marmite marmite says:

        ලියන්නට පිළිතුරක්
        ඕනි නෑ පෙම්දමක්
        නමුත් මෙහි ඇත යමක්
        අපට නෑ කිසි සැකක්

        GD Star Rating
        loading...
    • Avatar of MEDDI MEDDI says:

      මානවක අර අඳියි – කුමක් හෝ ගේමකට
      අහිංසක මලී කෙලි – වශී වී ඇත ඔහුට
      ඔන්න මම කියන්නේ – හිතේ හිතවත් කමට
      මලී නොබසින් ගඟේ – වතුර ගැඹුරුයි බොහොම

      GD Star Rating
      loading...
  12. Avatar of Pancha Pancha says:

    මානවක අමාරුවෙ වැටෙයිද?

    GD Star Rating
    loading...
  13. Avatar of Observer Observer says:

    වි ලියන්න බැරි එවුන් දැන් මොකද කොරන්නෙ?

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.