ස්තානය : අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය.
ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඇත. විදුලි පංකා කීපයක්
ඇතත් ගැහැණු කුඩා අත් ලේන්සු වලින්ද , පිරිමි පත්තර වලින්ද , නීති වේදියෝ නඩු කොපි වලින්ද පවන් සැලූහ.
ශාලාව පුරා එකම ගාල ගෝට්ටියකි. හිටි හැටියේ තෝල්කයා..
උසා…. වි… ය.. නිශ්ශබ්ද වෙනු…
සියළු දෙනාම නිහඬ වේ. නඩු කාර උතුමා සැපත්වේ.
නඩුකාරයා තෝල්කයා සමඟ මොනවාදෝ මුනු මුනු ගායි.
“නඩු අංක 15225.”..තෝල්කයා බෙරිහන් දෙයි.
පැමිණිලි කාරිය .. වත්සලා ගුරුසිංහ
විත්තිකරු… නිහාල් ගුරුසිංහ…
“your honor”.. මම පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටිනවා..
“your honor” මම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටිනවා.. කළු කබා හැඳ ගත් දෙදෙනෙක් හිස නමා ආචාර කොට කබා සකස් කර ගනිමින් අසුන් ගනී.
නිහාල් ගුරුසිංහ කළු පාට කලිසමක්ද, සුදු අත් දිග කමිසයක්ද හැඳ රතු පාට ටයි පටියක්ද පැළඳ විත්ති කූඩුවේ සිටී.මඳක් තරබාරු , කෙස්ස ටිකක් සුදු වී ගෙන එන ඔහු මැදිවියේය.
පැමිණිලි කූඩුවේ සිටින ඇය සුදු හැට්ටයක් හා සුදු සාරියක්ද ඇඳ සිටින අතර කරේ හීන් මාල පොටක්ද, දෙකන් වල රතු ගල් ඇල්ලූ කුඩා කරාඹු දෙකක්ද පැළඳ සිටින ඇය මැදිවියට එබිකම් කරන රූමතියකි. එහෙත් මුහුණ මලානිකය.
තෝල්කයා.. ස්වාමිනී , මේ විත්තිකරු ද්වේෂ සහගත ලෙස ඔහුගේ නීත්‍යානුකූල බිරින්ද වන මේ පැමිණිලිකාරිය හැර දමා… සමාවෙන්න ස්වාමීනී මෙය ටිකක් අමුතු ජාතියේ පැමිණිල්ලක්….
විත්තියේ නීතිඥයා වත්සලාගෙන් ප්‍රශ්න අසයි..
නඩුකාරයා: විත්තිකරුගේ තරාතිරම?
තෝල්කයා: ඔහු උගත් කෙනෙක්. රැකියාව ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයක විධායක නිලධාරියෙක්.
ඔහුට දාව පැමිණිලිකාරියට තරුණ දියනියන් දෙන්නෙක් සිටිනවා. ඔවුන් මේ ශාලාවේ ඉන්නවා. අවශ්‍ය වුවොත් සාක්කි දීමට කැඳවිය හැකි.
වි.නී: මේ විත්තිකරු පවුලේ ඔනෑ එපා කම් මග හරිනවාද ”
පැ. නැත ස්වාමිනී.
වි. නී: ඔහු මත්පැන් පානය කරනවාද ?
පැ: ඉඳ හිට..ඒත් දැන් වසර දෙකක සිට කිසි මත්පැනක් පානය කරන්නේ නෑ.
වි.නී: එසේ මත් පැන් පානය කල විට ඔහු ඔබට පහර දී තිබෙනවාද ?
පැ: අනේ නැහැ.. කවදාවත් නැහැ.
වි.නී: ඔහු ගෙදර දොර වියදම් පැහැර හරිනවාද?
පැ: නැහැ ස්වාමිණී. ගෙදර හැම වියදමක්ම කරන්නේ ඔහු.
වි:නී: ඔහු දරුවන්ගේ යුතුකම් පැහැර අරිනවාද ?
පැ: අපෝ නැහැ. ඔහු දරුවන්ට හරිම ආදරේ.
නඩුකාරයා. එහෙමනං මොකද්ද මේ පැමිණිල්ල ?
පැ: ස්වාමිනී ඔහු හොඳ ගති පැවතුම් තියෙන සාමන්‍ය කෙනෙක්. උදේට හොඳට නිවසින් පිටවන ඔහු සවස ගෙදර එනවිට අමුතුයි.
වි. නී: තව ටිකක් පැහැදිලි කරන්න.
පැ: ගෙදර ආ විගස ඇඳුම් මාරු කරන්නේවත් නැතිව කොම්පියුටරය ළඟ වාඩි වෙනවා. නෝට් පෑඩ් එකේ මොනවද දාගෙන කොටනවා. ඒක අමුතු භාෂාවක්. ඉන් පස්සෙ.. යුනිකෝඩ් කොන්වර්ටරය ඕපන් කරගෙන ඒවා සිංහලට හරවනවා. ඊට පස්සෙ බ්ලොග් එකක්ද මොකක්ද ඇර ගෙන අර කොටපුවා ඒකට අප්ලෝඩ් කරනවා.
නඩුකාරයා: ඉන් පස්සෙ ?
පැ: ඊට පස්සෙ තනියම හිනා වෙනවා. සමහර වෙලාවට ඇස් වල කඳුළු පුරෝගෙන ඉන්නවා. මට නං මේ ජීවිතය එපාවෙලා ස්වාමිනී.
නඩුකාරයා : ඔබ නිකමටවත් බැලුවෙ නැද්ද ඔය කොටන්නෙ මොනවද කියල.?
පැ: නෑ.. මට රවනවා එතකොට.
වි: නී: ඒක සමහර විට ඔහුගේ විනෝදාංශය වෙන්න ඇති.
පැ: වෙන්නෑති. ඒත් ඒකෙන් මගේ විනෝදාංශය නැති වෙනවනේ.
වි: නී: ඒ කොහොමද ?
වත්සලා මඳක් ලැජ්ජාවෙන්..
ස්වාමිනී.. 2010 සැප්තැම්බරයේ සිට ඔහුගෙත් මගෙත් කිසිම කායික සම්බන්ධතාවයක් නැහැ. ඔහු හරිම අපිරිසිදුයි.. නාන්නෙත් නැහැ.
වි: නී; සමහරවිට ඔහු පුරුෂකාර්යයේ අසමත්.. බෙලහීන…
පැ: ඒක දැනගන්නවත් විදියක් නෑ ස්වාමිනී..
නඩුකාරයා: හොඳයි.. ඔබ මේ අධිකරණයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
පැ: ස්වාමිනී මා ඉල්ලා සිටින්නේ මෙපමණයි.. ඔහුගේ අත් දෙකේ ඇඟිලිවල උඩ පුරුක් දහය කපා දැමීමට නියම කරන ලෙසටයි.
ඒ කියනවාත් සමඟම පැමිණිලි කාරිය සිහිසුන්ව ඇද වැටේ.
විත්තිකරු.. කූඩුවට උඩින් පැන ” වත්සලා……” යැයි කෑගසමින් ඒ දෙසට දිව යයි.
**********************************************************************************
මළ වදයක් මේක. රෑට පන්සිල් අරන් බුදියන්නෙ නැතිව රෑ තිස්සෙ බෙරිහන් දෙන්ව. වත්සලා සැමියාට වැලමිටෙන් ඇන අනික් පසට හැරුනාය.



ඒක දෑන ගන්නවත් විදියක් නෑහෑලු :O …. ඔන්න ඕකයි නිහාල් අයියගෙ පුල්මුඩේ තත්වෙ….
තව ටික දවසක් යනකොට මේක ඇස් පනා පිටම බලාගන්ඩ පුළුවන් වෙයි,හැබැයි විත්තිකරු ඔබා අයියා
මේක මාර කෙලියක්නෙ. කාට හරි හයියෙන් ප**ක් ගියත් ඒකටත් වැරදි කාරය ඔබා අයිය. මුන් ඒ වයක මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑනෙ.
ඉහත කමෙන්ටුව සම්බන්දව මා සමාව බජනය කර සිටිමි
ඔබයියාට වයසක මනුස්සයා කියන්ට එපාය. ඔබයියාට ඔය හිතන තරම් වයසක් නැත! ඔබයියා පාඩුවේ ඉන්ට කැමති පුද්ගලයකු බව මටනම් නොපෙනේ!
ඔබා අයියාට වඩා සූට්ටක් වයස අඩු ඩොන්ගා අයියා හිතාගෙන ඉන්නේ තවම ඔයා කොල්ලා කියලද? ඇත්තටම අහල පහල මූන බලාගන්න කන්නාඩියක්ඇත්තේම. ඔය දෙන්නම කොල්ලෝ නම් අපි තවම තාත්තා ගාව විය යුතුයි නේද? මඩසැර වැඩිද මන්දා
හිංචිගේ තාත්තා සම්බන්ධ උන නිසා මුකුත් කිව නොහැකිය.
දැන් බලන විට මට වඩා සුට්ටක් වැඩි මහලු හිංචි මල්ලියා ඔබයියාගේ වයසේ විය යුතුය!
(ඔබයියාට මේ ලබන අවුරුද්ද වන විට යන්තම් 72 පිරෙනවාය .ඕකත් වයසක්ද!):)
ඒ කොහොමද ඔබා අයිය මේකට සම්බන්ද.? නිශ්.
නිහාල්…ආයිත් ඇවිත්…හරීම සතුටුයි…දිගටම ලියන්න ආයිත් අ:පේ දාල යන්න එපා..
ELA
අඩේ අප්පඩා විත්තිකාරයා ගෙන්න ගත්ත එක පාඩු නෑ කියන්න මේ තියෙන්නෙ හොද උදාහරණ. සෝයි සෝයි,
අපේ ගෙදරින් නම් නඩු කිය කිය ඉන්නැතිව කෙලින්ම අංගොඩ හෝ නෙට් නැති ඩොටේ පළාතකට ගිහින් දායි වගේ
කලකට පස්සේ වේලකට බැස්සේ කිවුවලු… මේක පෙන්නුවොත් වත්සලා නෝනාගෙන් ගුටි කන එක සිකුරුයි… ඔය කපා දාන්න කිවුවේ ඇඟිලිවල පුරුක් නේද ? හොඳටම විස්වසද ? පාවිච්චි කරන එවුවද පවිච්චි නොකරන හින්ද කපල දාන්න ඕන එවුවද ?
ඔහුගෙත් මගෙත් කිසිම කායික සම්බන්ධතාවයක් නැහැ…………… හෝක් හෝක් හෝක් හෝක්
ඔය ලියල තියෙන්නේ.. එල එල !!!! චන්දෙකුත් දැම්ම
“ඒත් දැන් වසර දෙකක සිට කිසි මත්පැනක් පානය කරන්නේ නෑ”
මේක සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්…..
හික් හික්……
පට්ට යකෝ….
lolzzz……………
කතාව නම් එළ කිරි නිහාල් අයියේ… එත් හීනෙකින්වත් වත්සලා අක්ක ඔයාව උසාවියකට නම් ගෙනියන එකක් නෑ…. ඒක නිසා සිල් අනුමෝදන් කරලා නිදා ගන්න… හික් හික්
තීන්ත ටික වේලෙන්නත් කලින් කමෙන්ට් 18 ක්ම වැටිලා. මට හිතෙනව ලංකාවට ගිහින් චන්දෙ ඉල්ලන්න. මගෙ ඊ මේල් එකත් පිරිල. හැමෝටම ස්තූතියි මගෙ යාං හෑලි කියවනවට. එක්කෙනෙක් කියල තියෙනව හිනා යන කතා ලියන්න කියල නැත්නම් ආයෙම එලවනව කියල. නව කතා , කෙටි කතා හැදුවට හිනා කතා හදන්න බෑනෙ. පුළු පුළුවන් වෙලාවට අනෙක් අයගෙ කතාත් කියවන්න බලන්නම්. කොහොමටත් දැන් ඉස්සරට වඩා හොඳයි වගෙ.
ඕය වගේ අමුතු දේවල් හිතෙන්නේ නිහාල් අයියටමද මන්ද ??? වෙනස් කතාවක්….. එල කිරි….. දිගටම ලියමු. හොඳ දෙයක්, වෙනස් දෙයක්, අලුත් දෙයක් ලියන කෙනෙක්ව එලවගන්න නම් එක්කෙනෙක්ට ලේසි වෙන්නේ නෑ. මොකද අ.පේ කියවන්නේ එක්කෙනෙක් විතරක් නෙවෙයිනේ. දිගටම ලියන්න අයියා. හොඳ, වෙනස්, අලුත්, රස ලිපි පෙළක් අයියගෙන් බලාපොරොත්තු වෙනවා……
වත්සලා අක්කට කලන්තෙ දැම්මෙ එක පාරටම ඇඟිලි 10 කපන්න කියලා ඉල්ලීමක් කරපු නිසා නෙමේයි …නිහාල් අයියගෙ හුරු අතේ ( දකුන හෝ වම ) මැද ඇඟිල්ල ඉතුරු කරන්න කියල කියන්න බැරි වෙච්ච නිසා……..ඉල්ලීම කරාට පස්සෙ තමයි අක්කට මීටර් වෙලා තියෙන්නෙ ………….
හනේ .. හනේ.. බෙන්ටන් මලයෝ…
හෑබෑට බෙන්ටො නිහාල් අය්යගෙ මෑද අගිල්ල මක්කෙටෙයි වත්සලා අක්කට?
අවංක පැට්ටා.. මම ඔය පඩික්කම තියෙද්දි ජනේලෙන් කෙළ ගහන ජාතියේ මිනිහෙක් නෙවි.. හරිය…
තවමත් සිනාවෙමින්……!!