147

වචන හුටපට 2

වචන හුටපට කතාවෙ තියෙන මාතර පැත්තෙ කතාවට දෙවනි නෑ නුවර පැත්තෙ කතාබහ.

අපි කට්ටියක් නුවර යාළුවෙක්ගෙ ගෙදරකට හදිසියෙම ගියා. දවල් කෑම වෙලාවෙ ගිය නිසා යාළුවගෙ අම්මගෙන් කරදරේ බත් ටිකක් කාල යන්න කියලා. ඒත් අපි කලින් කියලත් නෙමෙයි ගියේ.

ඒ ඇන්ටි ඇහුව ‘තියෙන විදියට කාලා යන්න පුතේ, බත් තියෙනව මාළු තියෙනවා පිඟන් වලටම බෙදල ගෙනත් දෙන්නද’  කියලා. අපිත් ඉතින් ‘හා එහෙනම් ඇන්ටි කියන එකේ කමු’ කියලා එකඟ වුණා.

අපේ එක යාලුවෙක් මාළු කන්නෙ නෑ. මිනිහා කිව්වා අනේ ඇන්ටි මට මාළු බෙදන්න එපා මම මාළු කන්නෙ නෑ කියලා.
ඇන්ටි පුදුම වෙලා අහනවා ‘ඈ පුතේ, මොනම මාළු ජාතියක්වත් කන්නෙ නැද්ද?’
යාළුවා : නෑ ඇන්ටි.
ඇන්ටි: ඉතින් පුතේ නිකම් බත් කන්න පුළුවනෑ? ඉන්න මම පපඩමක් බැදල දෙන්නම්.

ඇන්ටි කුස්සියට ගිහින් ටක් ගාලා පපඩමුත් බැදලා බත් බෙදල ගෙනත් දුන්නා. අපිට බතුයි, පරිප්පුයි, සෝයා මීටුයි, පපඩමුයි තව මොනවදෝ තිබුණා.
මාළු කන්නෙ නැති යාළුවගෙ පිඟානෙ බත් එක්ක පපඩමක් විතරක් තියෙනවා. ඌට තරු පෙණුනෙ එතකොට තමයි. නුවර පැත්තෙ මාලු කියන්නෙ මුහුදු මාලු වලට විතරක් නෙමෙයි. ඔක්කොම curries වලට කියන්නේ මාළු කියලා.

අනේ ඉතින් අර කොල්ලා හිතේ තරහටත් එක්ක හයියෙන් සද්දෙටම පපඩම කඩාගෙන බත් එක්ක අනාගෙන කටවල් දෙක තුනක් හිර වෙවී කෑවා. ඇන්ටි එහාට ගියා විතරයි අපේ පිඟන් වලට පැනලා ‘මාළු’ අරගෙන කෑවා.

GD Star Rating
loading...
වචන හුටපට 2, 8.3 out of 10 based on 29 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=6978 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


147 Responses to "වචන හුටපට 2"

  1. Avatar of baka baka says:

    reply from galle වචන හුටපට තව කතාවක් නුවර කෙනෙක් ලියන්න බලන්න.

    GD Star Rating
    loading...
  2. දැන් එතකොට සොබනි අක්කා.. කරීස් වලට ඔය පැත්තෙ කියන්නෙ මොනවා කියලද?

    ඔය මාළු කියන්නෙ “මාළු පිණි” කියන එකේ ශෝට්න්ඩ් ෆෝර්ම් එක නෙව..

    GD Star Rating
    loading...
    • අපේ පැත්තෙ නම් ඉතින් එලවලු, ව්‍යාංජන කියලා තමයි කියන්නේ.

      GD Star Rating
      loading...
  3. නියම කතාව. :)

    GD Star Rating
    loading...
  4. Avatar of suddi suddi says:

    මෙහේ ඉන්නවා කාන්ති ඈන්ටි…එයාලා කුලියපිටියෙ….දවසක් මට කිය්න්වා කොප්පේ කිරි කුයිලයි ලු….
    අපි නම් ඒ ගදට කියන්නේ පිලි ගද්යි කියලා….තව බාල්දියට එයාලා කියන්නේ පනිට්ටුව…කියලා…පොඩි ලමයි ට කියන්නෙ පොඩි ඈයො…

    GD Star Rating
    loading...
    • Avatar of DongaAyya DongaAyya says:

      පොඩි ඈයෝ කිව්වාම හරියට චුටි සත්තු ජාතියක් වගේ !!!!!

      GD Star Rating
      loading...
    • Avatar of Observer Observer says:

      කුයිල කතාව කුරුණෑගල (වයඹ) තව ඒ පැත්තෙ ගඳක් එනවට කියනව උෂ්නයක් එනව කියලත්.

      GD Star Rating
      loading...
  5. marmite says:

    ඒ නැන්දට තිබුනේ තව මැල්ලුමකුත් අප්පල්ලෙට දාල කරු ගාල දෙන්ට

    GD Star Rating
    loading...
    • Avatar of suddi suddi says:

      අහ්,,,ඒ පාර මෙ මොකක්ද?

      GD Star Rating
      loading...
    • marmite says:

      මට ඕක ඇහුනෙත් උඩරට පැත්තෙන්ම තමා. මට තේරුණ විදිහට නම් ඔය කියන්නේ ඇතිළිය කට දාල කූරු ගාන්න කියන එක. නුවර කොල්ලෙක් ඉන්නවනම් හරියටම තේරුම දැන ගත හැකි.

      GD Star Rating
      loading...
  6. මම නම් මේ වචන හුටපට ගැන මුලිනම පොස්ට් එකක් දැම්මා… කට්ටියට මතකද දන්නේ නෑ… හෝදිසි බම්බුවයි, අඟල් සුකනායි. ඉතින් මොනවද කතා??? කට්ටිය අහලා ඇති නේද අර මාතර මනුස්සයෙකුයි රජරට පැත්තේ මනුස්සයෙකුයි අතර බස් එකක දුර ගමනක් යද්දී වෙච්ච දෙබසක්. දන්නේ නැති අයට දැන ගන්න කියන්නම්කො. දෙන්න එක ළඟ වාඩි වෙලා යනවලු දුර ගමනක් රජරට පළාතේ. මාතර මනුස්සයට මාර කම්මැලියි පාලුයිලු. ඉතින් අනිකව කතාවට අල්ලගන්න හිතාගෙන ඇහුවලු ” ඇයි අයියා දොඩන් නැත්තේ ? ” කියලා. දකුණේ අය ඉතින් දොඩනවා කියන්නේ කතා කරනවා කියන එකටනේ. පොර ඇහුවේ ” ඇයි කතා කරන්නේ නැත්තේ” කියලා. අර මනුස්සයා දුන්නලු උත්තරේ මෙහෙම ” ආ… මේ අවාරෙනේ. දොඩන් හැදෙනවා හොරයි කියලා……. කතාව එතනින් නිමි.

    GD Star Rating
    loading...
    • Avatar of suddi suddi says:

      මට නම් මතකයි….ඈයි කස්සා අය්යත් ලියලා තිබ්බෙ කතාවක්

      GD Star Rating
      loading...
    • hasa says:

      ඒකෙ ලින්ක් එක දාපන්කො.

      GD Star Rating
      loading...
    • Avatar of DongaAyya DongaAyya says:

      ” ඇයි නගා දොඩන් නැත්තේ ?…..
      ” දොඩන් අවාරේ නෙව අයියන්දී?

      GD Star Rating
      loading...
    • ක‍ටුනායක ගාමන්ට් එකක වැඩට ආපු නුවර පැත්තෙ “තුනී කෙල්ලෙකුට” සෙට් උනාලු මාතර ඉඳං ආපු කොල්ලෙක් . . . . දෙන්න දවසක් බස් එකේ පස්සා සීට් එකේ පෙං කෙලියෙ යනවලු . . . . කෙල්ල නෝ කතා . . . කොල්ල බැරිම තැන කෙල්ලගෙං ඇහුවලු
      කොල්ලා: මොකෑ නගා දොඩන්නැත්තෙ ?????
      කෙල්ල දුකෙං වගේ දුන්නලු උත්තරේ . . .
      කෙල්ල: දෙයියො දීල තියන හැටි තමා අයිය . . . .

      GD Star Rating
      loading...
      • අප්පේ ඇන්ඩයියගේ වල් කටට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි !!!
        මේ දෙබසම මම බොහොම අචාරශිලිව සංවරව දැම්මා. ඇන්ඩයියා ඔය දාලා තියෙන්නේ… එලම කිරි ඇන්ඩයියේ…. අනේ උඹේ ඔය කුණු කටට නම් මැස්සෙක් තියා කෝඳුරුවෙක්වත් වහන්න එපා……………….

        GD Star Rating
        loading...
      • Avatar of Observer Observer says:

        දෙහි වත් තිබිල නැද්ද බං?

        GD Star Rating
        loading...
      • කෙල්ල පස්සෙ කිවුවලු . . . . දොඩං මක්කටෙයි අයිය . . . . දෙහි තියෙන්නෙ දොඩං කරල ගන්න තමයි

        GD Star Rating
        loading...
      • ඔය ඔක්කොම දෙහි දොඩම් කරන්න ඕන අපිද…?

        GD Star Rating
        loading...
      • ආ…… පිසාචයා මල්ලි බය වෙලා ඌට කවදා හරි දෙහි දොඩම් කරන්න වෙයි කියලා….. මලේ උඹ ඇඹුලට මනාපනම් දෙහි උනහම මක්කැයි??? එහෙම මානාපයක්‌ නැත්නම් දොඩම්ම හොයාගනින්. මක්කෙටයි ඕවා ගැන හිත හිත වද වෙන්න???

        GD Star Rating
        loading...
      • re says:

        ඒ ඒ වලත්තයා…. තෝ මේ හොදට ඉන්න අපිවත් නරක් කරනවා.
        :-) :)

        GD Star Rating
        loading...
      • Avatar of Observer Observer says:

        මේක කෂ්ටිය අහලනන් ඇති මගෙ හිතේ….

        දෙළුම් ගෙඩි රැක්කා
        තැඹිලි ඉඳහිට වික්කා
        පසුව වට්ටක්කා
        වැලක එල්ලී සිටිනු දැක්කා

        GD Star Rating
        loading...
  7. hasa says:

    මරු කතාව

    GD Star Rating
    loading...
  8. Avatar of Jayya Jayya says:

    ඇයි පිසාච මල්ලි කියන්නේ ඉදිය අපි කියන්නේ හිටිය

    GD Star Rating
    loading...
    • Avatar of Observer Observer says:

      මං හැම බ්ලොග් එකකම දකිනව ඔය “ඉදිය” කියන එක, මං හිතාගෙන හිටියෙ කොල්ලන්ගෙ slang වචනයක් කියල.

      GD Star Rating
      loading...
    • ජය්යා අයියේ මට මේක එච්චර පැහැදිලි නැ‍තෝ…..මං මොකක් කිව්වයි කියලද කියන්නේ….

      GD Star Rating
      loading...
      • කියන්නේ මේකයි පිසා…අපි “මම ගෙදර හිටියා” කියනවනං උඹ කියන්නෙ “මම ගෙදර ඉදියා” කියලලු..මටත් වැඩේ නෝට්..ඒකත් එල බං :)

        GD Star Rating
        loading...
      • BABBI says:

        ඉදියා කියන්නෙ මතුගම පෑත්තෙ අය

        GD Star Rating
        loading...
    • ඇයි නුවර පැත්තෙ බස් නවත්තනව වෙනුවට හිටවනවා නේ.

      GD Star Rating
      loading...
      • අන්න සොබනි අක්කා බොරුවක් කිව්වා.. නුවර පැත්තෙ කියන්නෙ බස් නවත්තනවා කියලම තමයි.. මේ මුකදාන නුවර කොල්ලෙක් හරිය..

        GD Star Rating
        loading...
      • එහෙනම් මොන පැත්තෙද බස් හිටවන්නෙ?

        GD Star Rating
        loading...
      • ඔය කොයි පැත්තෙත් බස් එකක් කැඩිලා මග නැවතුනාම “හිටියා” කියල තමයි කියන්නෙ මගේ හිතේ..!!

        GD Star Rating
        loading...
      • re says:

        බස් හිටවන්නේ ගම්පහ පැත්තේ. හැබැයි මම කියන්නේ අපේ තාත්තාලගේ කාලේ. තාමත් එහෙම කියනවද දන්නේ නෑ

        GD Star Rating
        loading...
      • මගේ මතකයේ හැටියට නම් බස් හිටවනවා කියලා කියන්නේ කුරුණෑගල පැත්තේ කට්ටිය.ඒකෙන් අදහස් කරන්නේ බස් එක නවත්තනවා කියලා.

        GD Star Rating
        loading...
  9. Avatar of wije wije says:

    එල එල …

    GD Star Rating
    loading...
  10. Avatar of Observer Observer says:

    සොබනි,
    ඔයාලගෙ පැත්තෙ වැව් මාළු එහෙමත් නැත්තන් ඔය වෙල් මාළු කියන ජාතියට කියන්නෙ මොකද්ද?

    GD Star Rating
    loading...
    • වැව් මාළු වලට කියන්නෙ වැව් මාළු කියලා තමයි. ඇයි ඔබා මාමගෙ පැත්තෙ කියන්නෙ කොහොමද?

      GD Star Rating
      loading...
  11. Avatar of kirimalli kirimalli says:

    අනේ මට පොඩි උදව්වක් කරනවද තරහ නැතුව… මේකේ තිබ්බ Neils Bohr ගැන කතාවක් එකේ ලින්ක් එක හොයල දෙන්නකෝ හරි එකේ නම මොකක්ද කියල හරි කියනවද

    GD Star Rating
    loading...
  12. marmite says:

    කවුරු හරි දැකල තියෙනවද වහලේ දොර වල් තියෙන ගෙවල්??? නැත්තම් යන්න මාතර. මොකද මම ඔය මාතර පැත්තේ ගිය දවසක ඇහුනා ගැනියෙක් මිනහගෙන් අහනව,
    “ඒයි මේ, ඔය දොර වහලෙයි??”

    GD Star Rating
    loading...
    • මං හිතන්නෙ දොර හෝදලා වේලෙන්න දාල වහලෙ උඩට..

      ඒක නෙවේ මාමයිට්, ඔහේ කොයි පලාතෙද? :D

      GD Star Rating
      loading...
      • marmite says:

        මගේ ගම මචෝ රජරට, දැන් නම් ඉතින් මමත් කොළඹ කාක්කෙක් වෙලා. ඔන්න උඹ ඒකට හෙම මඩ පාරක් ගහනවා නෙවේ

        GD Star Rating
        loading...
      • හික්ස්.. නෝ මඩ..
        මම නම් උඩරට.. ස්ටිල් උඩරට මචෝ..

        GD Star Rating
        loading...
      • ස්ටිල් උඩරට . . . කිවුවෙ . . .????? කොයි පලාතද . . . .????

        GD Star Rating
        loading...
      • ඕන්න ටිකක් පොස් වෙන්න ගිහින් මට වෙච්චි දේ..

        ස්ටිල් උඩරට තියෙන්නෙ ඇන්ඩ අය්යෙ උඩරටට හෝල්ට් දෙකක් විතර කලින්.. :P

        GD Star Rating
        loading...
      • marmite says:

        මුකදාන මල්ලියේ, උඹට මේ ආදරේට කියන්නේ. දනිස් දෙක කසන්ඩ නැමුනත් ඇන්ඩයිය ළඟ පාත ඉන්න වද කියල බලල නැමියන්

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        ඇන්ඩ ළමයෝ , මන් හිතන්නේ ඔයයිත් මන් වගේ කොළොඹ, හරිය!

        GD Star Rating
        loading...
      • කොළඹදත් අහනව කොළඹ හොඳම එකේ . . . .

        GD Star Rating
        loading...
  13. අන්තිම පේලියෙ ඉන්න අයගෙන් ඩොංගා ගාලා තියන අය අත උස්සන්න බලන්න.
    @DongaAyya: ඔයාවත් ඩොංගා කාලා තියෙනවද?

    GD Star Rating
    loading...
    • marmite says:

      අපෝ ඕනි තරම් පොඩි කාලෙ ඩොන්ග ගාල තියෙනවා, මොකද හැබැට සොබනි පොඩි උන්ගේ භාෂාවෙන් කතා කරන්න ගත්තේ? ලඟදිම අම්ම කෙනෙක් වත් වෙන්නද ඉන්නේ?

      GD Star Rating
      loading...
    • uncle sam says:

      ඩොන්ගා කාපු කාලයක් මතක නැහැ.. ඉස්සර නන් ඉස්කොලේ යනකොට අනිවා කෑමක් තමයි..

      GD Star Rating
      loading...
    • හලේ.. මම කාලා නෑනෙ ඔය ඩොන්ගා.. :(

      GD Star Rating
      loading...
    • Avatar of marmite marmite says:

      ඩොන්ග කියන්නේ මලේ, කහ තැඹිලි පාටට හුරු, පොත්ත ගැලෙඋවම මැන්ගුස් වගේ මද තියෙන ගෙඩි ජාතියක්. පැණි රසයි ටිකක් ඇඹුලයිත් එක්ක. කාල නැති උන් ඉන්නවා නම් මාමයිටට rs . 500/= money order එකක් එවපල්ලා. මම DHL එකෙන් ගෙදරටම ලැබෙන්න සලස්වන්නම්.

      GD Star Rating
      loading...
      • ෂෝන් says:

        එතකොට ඩොන්ග ගෙඩියක් රුපියල් 500 ද?
        ඒක හෙන ලොකු ඇති නේද?

        GD Star Rating
        loading...
      • එපා එපා මාමයිට් අය්යා, ඒ ගනුදෙනුවෙ විනිවිද බාවයකින් තොර ගතියක් මට පේනවා.. මම ඔය ගෙඩියක් ඉබේ.කොම් එකෙන් ගෙන්න ගන්න ට්‍රය් එකක් දෙන්නම්..

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        ඔව් ඔව් පුහුල් ගෙඩි size lorry බාගෙක තමා ගෙන එන්න වෙන්නේ :P

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        මොකද්ද මුකදාන මලේ මේ කොලේ? මම feasibility study එකත් කරලා, බෑන්ක් එකෙන් ලෝං එකකුත් ඉල්ලල ඉවරයි ඩොන්ග බිස්නස් එක පටන් ගන්න

        GD Star Rating
        loading...
      • ඇනලයිසින් පාට් එකේදිවත් අහු උනේ නැද්ද මාමයිට් අය්යා, මගේ කමෙන්ට් එක? හරියට ඇනල්යිස් කරා නම් මේ වින්නැහිය වෙන්නෙ නෑ නෙව..

        GD Star Rating
        loading...
      • ඈ බං මාමයිටො . . . . “පුහුල් ගෙඩි සයිස් ලොරි බාගයක්” කිවුවෙ . . . . ??? මට හරියකට තේරුනේ නෑ නෙව

        GD Star Rating
        loading...
      • marmite says:

        කොමාව මිස් වෙලා නෙව ඇන්ඩයියේ

        GD Star Rating
        loading...
  14. ෂෝන් says:

    ඔය උඩහ පැත්තේ කට්ටියක් දවල්ට කන්න කොළඹ hotell එකකට ගියාලු.
    “මල්ලි අපට මලුත් එක්ක බත් ගෙන්න.”
    වේටර් මල්ලි හෝටලේ තිබුන මාළු සේරම ජාති පිගන්වලට බෙදාගෙන ආවලු

    GD Star Rating
    loading...
  15. Avatar of suddi suddi says:

    කහා පාට පොත්ත ගලේව්වාම මෑන්ගුස් වගෙ …එහෙම තියන්නෙ ගොරක ගෙඩි නෙ?එතකොට ඩොන්ගා කියන්නෙ ගොරක ගෙඩි ද?

    GD Star Rating
    loading...
    • Avatar of marmite marmite says:

      අයි වදේ, මැන්ගුස් වගේ තියෙන්න පුළුවන් ගොරක ගෙඩි විතරද? ගොරක ගෙඩි වගේ තමා මේකත්
      ශික් donga google කරලා මට වෙච්ච වැඩක්(පොඩ්ඩක් “sri lankan donga” key words ගහල බලපල්ලා )

      GD Star Rating
      loading...
      • Avatar of suddi suddi says:

        හපොයි මමය්ට් බට්ටො,, sri lankan donga kiyala key words දුන්නහම එන්නේ ඩොන්ගා ද?

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        මට ආවේ නම් පොත්ත ගලවපුම ඩොන්ග වගයකට යන links වගයක්. office එකේ මෙඋව බලල අහු උනොත් ජොබ් එකත් ඩොන්ගම වෙලා යාවි

        GD Star Rating
        loading...
  16. Avatar of DongaAyya DongaAyya says:

    සොබනියේ,
    ඔන්න ඕකනේ මම වැඩිය ජනතාව අතරට නොඑන්නේ, මාව කන්න හදනවනේ!!

    GD Star Rating
    loading...
  17. Avatar of DongaAyya DongaAyya says:

    එහෙනම් කියහල්ලකෝ බලන්ට, ” පාරේ අඹනවා ” කියන එකේ තේරුම
    වාක්කියක් ඕන නම් ” කොල්ලා කෙල්ලගේ පාරේ අඹයි “

    GD Star Rating
    loading...
    • මට දැනෙනා ලෙසට පාරේ අඹනව කියන්නෙ පස්සෙන් පන්නනවා වගේ එකක්..මම හරිද?

      GD Star Rating
      loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        විම්පා , උඹ දෙයියම්පා හරියටම හරි, හරිය!
        අම්මපා , ගුණසිරි බුල්ටෝ පැකට්ටුවක් දෙන්ට ඕන උඹට!!!!

        GD Star Rating
        loading...
      • මට ඒ කාලෙත් සිංහල වලට A :D මං වගේ සිදත් සඟරාවෙ මාසික කලාපය අරන් කියවහල්ල… ;)

        GD Star Rating
        loading...
      • චිම්පා අයියේ,
        ඔයා මේක දැනගෙන ද කිව්වේ නැත්තම් අනුමානෙන්ද….මාත් හිතුවේ මේකම තමයි.
        ඒක නෙමෙයි ගොයියො., ඔයත් මෙඩිකල් කොල්ලෙක්ද…?

        GD Star Rating
        loading...
    • ඈ? අඹනවා කියන්නෙ එතකොට හඹා යනවා කියන එකද? හැබැයි ඇඹෙනවා කියන්නෙ නම් වෙන එකක්. ඒකෙ තේරුම කවුරුහරි කියන්න බලන්න. :D

      GD Star Rating
      loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        “ඇඹෙනවා” ද? “ඇඹරෙනවාද”?
        “ඇඹෙනිය ” නම් දන්නවා!

        GD Star Rating
        loading...
      • ඇඹේනිය නෙමෙයි. ඇඹෙනවා කියන එක ක්‍රියා පදයක්. මටත් මේ වචනෙ තේරුම කියා දෙන්න තේරෙන්නේ නැත. වචනේ භාවිතා වෙන උදාහරණයක් නම් දෙන්න පුළුවන්. කෝ මේ නුවර අප්පොලා???

        GD Star Rating
        loading...
      • Avatar of සඳා සඳා says:

        නුවර එහෙම අඹන කතා කියන්නෙ නැතෝ…….

        GD Star Rating
        loading...
      • එහෙනම් සඳා කියන්ඩ බලන්න. ප්ලාස්ටික් බෝතලයකට උණු වතුර දැම්මම ඒ බෝතලේ චප්ප වෙලා යන එකට නුවර පැත්තෙ අය කියන්නෙ මොකද්ද කියලා?

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        සොබා ළමයෝ,
        ඕකනේ බොලන් මම කලින්ම කිව්වේ, ඇඹරෙනවා කියල,
        බෝතලය ඇඹරිලා කේඩෑරි වෙලා යනවා නෙව

        GD Star Rating
        loading...
      • නෑ නෑ. එයාලා කියන්නෙ ඇඹෙනව කියලා. හැමෝම කියනවද මං දන්නෙ නෑ. මට නම් කීප දෙනෙක්ම මුණගැහිලා තියෙනව ඔය වචනේ කියන. ඇක්සිඩන්ට් එකක් හැප්පුනාමත් කියන්නෙ අයියෝ කාර් එකේ මූණ ඇඹිලා කියලා. ඒ කියන්නේ චප්ප වෙලා ඇතුලට එබිලා කියන එක.

        GD Star Rating
        loading...
      • සඳා says:

        ආ ඒ ‘ඇඹිල්ලද’…ඔව් ඔව් මොකක් හරි චප්ප වෙන එකට ඇඹෙනව කියල තමා නුවර පැත්තෙ කියන්නෙ.මම මෙච්චර කල් හිතාගෙන හිටියෙ ඒක ලංකාවටම එකයි කියලා. හැබැයි පාරෙ අඹන කතා නම් මේ පැත්තෙ නෑ. ‘කර අඹනව’ කියල නම් මම අහල තියනවා.තේරුම දන්නෙ නෑ ඒත්. සොබනියෙ ඒ ව්දිහට ප්ලාස්ටික් බෝතල්වලට වෙන නස්පැත්තියට නුවරු නොවන අය මොකද්ද කියන්නෙ හැබෑට….චප්ප වෙනව කියලද????

        GD Star Rating
        loading...
      • marmite says:

        “කර අඹනව” කියන්නේ සඳා, ඔය ඉස්සර කාලේ මතයක් තිබිල තියෙනවනේ පිරිමි හරකුන්ගේ කාය ශක්තිය අඩු වෙනවා කියල පට්ටි වැටුනම( ඔන්න බොලා මගෙන් පට්ටි වැටෙනවා කියන එකත් අහ ගන්න හදන්න එපා ඔං). ඉතින් ඕකට ඉස්සර කරපු දෙයක් තමා බර වැඩ ගන්න හරකුන්ගේ අන්ඩ කෝෂ දෙකට ඉහලින් චප්ප කරලා උන්ව වඳ කරන එක ඕකට තමා “කර අඹනව” කියන්නේ. ඔන්න මේක අහල බොලා එහෙම කොල්ලොන්ගේ ශක්තිය වැඩි කරන්න යනවා නෙමෙයි

        GD Star Rating
        loading...
      • සඳා says:

        මමායිටා බට්ටා වගේ හිටියට දන්න ජාති…. අහුබුදු මහත්තය පරාදයි නොවැ…

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        තැන්කු මාව වැනුවට

        GD Star Rating
        loading...
  18. Avatar of suddi suddi says:

    @marmite……..ඔය ඈත්තමද?මට එන්නේ වෙන එව්වා වගයක් නෙ?

    GD Star Rating
    loading...
    • ඒ ඩොන්ග හෙවිල්ල අත ඇරල දැම්මනම් සුද්දියෙ.. මටත් ආව ඩොන්ග ගෙඩියක් නම් නෑ… :D

      GD Star Rating
      loading...
      • Avatar of suddi suddi says:

        එක නේන්නම්…මම ගූගල් ඉමෙජ් පවා චෙක් කොලා

        GD Star Rating
        loading...
  19. Avatar of marmite marmite says:

    අනේ මන්ද මට නම් උඩින්ම ආවේ “http://donga.magnify.net/: Sri Lanka sex ***” කියල සිතේ එකක්

    GD Star Rating
    loading...
    • Avatar of suddi suddi says:

      ඈහ්,,,,මටත් ආවේ එක තමයි….මෙ මාමයිට් පොඩ්ඩෙන් බොරු කියලා අපිව නොමග යවනවා….සිකෙය්යා

      GD Star Rating
      loading...
  20. ඩොංගා කියන්නෙ දොඩම් වර්ගයක් බව මෙහි මොනවට සඳහන් වේ…
    http://www.silumina.lk/2008/03/16/_art.asp?fn=ak0803161

    GD Star Rating
    loading...
    • පිස්සු. ඩොංගා කියන්නෙ දොඩම් ජාතියක් නෙමෙයි. ඒ නමින් වැල් දොඩම් ජාතියකුත් ඇති. ඒත් මම කියන්නෙ ඒක නෙමෙයි. මේ සිළුමිණ ලින්ක් එනේ තියෙන්නෙ මොකද්ද පුල්ලි රෝගයක් හැදුණු පැෂන් ෆෘට් ගෙඩියක්.

      ඩොංගා වල පුල්ලි නෑ. ලස්සනම ලස්සන කහ පාටයි ටිකක් වෙල්වට් වගේ (කහ පාට ටෙනිස් බෝල වගේ). ඇතුල මැංගුස්ටීන් වගේ. හැබැයි එච්චර දියාරු නෑ, ඇඹුල් රසයි පැණි රසයි මිශ්‍ර රහක් තියෙන්නෙ. ඩොංග ගෙඩි හරිම හයියයි මැංගුස්ටීන් වගෙ අතින් කඩන්න බෑ. පිහියෙන් කපන්නත් බෑ. කියමු බලන්න ඒව කොහොමද පලන්නෙ කියලා?

      GD Star Rating
      loading...
      • Avatar of suddi suddi says:

        මෙතන නොදන්න ඩොන්ගා ගෙඩියක් දලා අපිව කුලප්පු කොලා මදිවට මෙන්න සොබනි අක්ක ඒ පාර එක පලන විදියක් අහන්වා…ඈයි හත් ඉලව්වෙ අපි මේ ගෙඩිය වත් දෑකලා නෑති කොට පලන්නේ අහවල් විදියටද කියලා දන්නේ කොහොමද?

        GD Star Rating
        loading...
      • marmite says:

        පොල් පලනවා වගේ නේද සොබනි පලන්නේ?? අනේ යන්න සොබනි යන්න.. පච කියන්නේ නැතුව. ඩොන්ග හොඳට පිහියෙන් කපත හැකි

        GD Star Rating
        loading...
      • අනේ මන් දන්නෙ නෑ ඔව්ව අක්කණ්ඩී…. ගූග්ල් මාම මට පෙන්නල දුන්න එකම ඩොන්ග තමයි ඔය..

        GD Star Rating
        loading...
      • ඩොන්ගා කෑවා වගේ නෙවෙයි දත් අස්සේ කෑලි හිර වුනාම ඒවා අයින් කරන්න හෙන ගේමක් දෙන්න ඕන.

        GD Star Rating
        loading...
      • මම පොඩි කාලේ වතුර දාගෙන ඩොංගා ගහක් වැව්ව..ගහත් ලොකු උනා..අඩි 25ක් 30ක් උසයි,,ගෙඩිත් හැදුන..හැබැයි එකක්වත් කන්ඩ බෑ..හැදෙන හැදෙන ගෙඩි පණුවො ගහල වැටෙනව..එබැවින් තාම ඩොංග කාල නෑ මම…සොබනියෙ..ඩොංගෙක් එවන්ටකො :(

        GD Star Rating
        loading...
      • @පිසාචය: ඔව් ඔව්. හැබැයි ඒ පෙරේත කමට කන්න ගියාම තමයි. ලෝබ නැතුව කනවනම් දත් වල හිරවෙන්නෙ නැතුව කන්න පුළුවන්.
        @චිම්පා: අයියො චිම්පො. ඔයාලනේ කැලේ ගස් වල ගිහිල්ලා හරිනම් අපිටත් ඩොංග ගෙනත් දෙන්න ඕන. මේ ඩොංගා සීසන් එක නෙමෙයි මගෙ හිතේ. අපේ ගෙදරත් දැන් ඩොංගා ගස් නෑ. මාත් ගොඩක් කාලෙකින් ඩොංග කාලා නෑ.

        GD Star Rating
        loading...
  21. Avatar of suddi suddi says:

    අහ්…මෙක තියන්නෙ ඉන්ග්ලිශ් වලින් නෙවේ….වෙන එකකින් නෙ?ගෙඩිය නම් දක්කා…මම නම් ඔය ඔහොම ගෙඩියක් දෑක්ක මයි….පේර වගේ නෙ

    GD Star Rating
    loading...
  22. Avatar of suddi suddi says:

    ඔබ සෙවූ වදන් “ඩොන්ගා ගෙඩි” සඳහන් පිටු කිසිවක් හමු වූයේ නැත.

    යෝජනා:

    සියළු වචන සඳහා අක්ෂර වින්‍යාසය නිවැරදිදැයි බලන්න.
    වෙනත් නිශ්චිත වචන යොදා උත්සාහ කරන්න.
    වඩාත් නිශ්චිත වචන යොදා උත්සාහ කරන්න.
    නිශ්චිත වචන අඩුවෙන් යොදා උත්සාහ කරන්න.
    ‍සෙවුම් ප්‍රතිඵල

    GD Star Rating
    loading...
  23. Avatar of suddi suddi says:

    google.lk හෙව්වහම ඔන්න ඔහොමයි ගූගල් දෙය්යො උත්තර දුන්නෙ

    GD Star Rating
    loading...
  24. අප්පේ මේ සොබනිගේ ඩොන්ගා ගෙඩියක් හින්දා මුන් කන කට්ටක්…. :P

    GD Star Rating
    loading...
  25. යුරේකා යුරේකා යුරේකා!!!

    මෙච්චර මේ හැම ඉලව්වම තියෙන ඉන්ටනෙට් එකේ ඩොංගා ගෙඩියක් හොයාගන්න නෑනෙ කියල දුක් වෙවී හිටපු මම මිනිත්තු 3ක මහා පර්යේෂනයකින් පසු මෙන්න හොයා ගත්තා!

    ඩොංග වල ඉන්ගිරිස් නම Santol fruit ලු. ඒක ගූගල් කරාම මේ තියෙන්නෙ ගෙඩි පිටින්. හැබැයි ඔක්කොම ඉදිලා වැඩි වෙලා පොත්ත තැඹිලි පාට වුණ ඒවා. ලංකාවෙ ඩොංගා මීට වැඩිය ලස්සනයි.

    මෙන්න රියල් ඩොංග ගෙඩිය:
    http://sumanlatik.wordpress.com/2011/02/26/thinking-of-who/

    GD Star Rating
    loading...
  26. marmite says:

    අම්මට හුඩු ඔය තියෙන්නේ ඩොන්ග!!!
    හැබැයි සොබනියේ “යුරේකා යුරේකා” කියාගෙන හිපොක්ක්‍රටිස් වගේ පාරවල් ගානේ දුවනවා හෙම නෙමේ

    GD Star Rating
    loading...
    • ඩොංග දැකල කාලා තියෙන ඔයයි මමයි මේ ඩොංග දැකල නැති උන්ට ඕකෙ හැටි කියල දෙන්න මෙතන දඟලපු දැඟලිල්ල නිසා මමාමයිටට කියන්න මේක හොයාගත්ත වෙලාවෙ දැනුණේ අප්‍රමාණ සතුටක්!

      GD Star Rating
      loading...
    • hasa says:

      හිපොක්‍රටීස් නෙමෙයි යකෝ ආකිමිඩිස්

      GD Star Rating
      loading...
    • අඩේ මාමයිටො . . . එහෙම දිවුවෙ ආකිමිඩීස් නෙමේද එතකොට . . . ???? මං මේ නොදන්න කමට අහන්නෙ ????

      GD Star Rating
      loading...
      • Avatar of marmite marmite says:

        යකෝ, උඹල අහල නැද්ද ඒ කතාව? ඔන්න එහෙනම් අහගනිල්ලකො
        හිපොක්‍රටීස් කියන්නේ හෙනම හෙන ඇඹලයාලු. ගෙදර කොච්චර හොඳ ටයිල් කරපු බාත් රූම් එකක් තිබුනත් මු රින්ගන්නෙම ගැනු නාන පොදු පොට්‌ එකකටලු. ඔන්න ආයෙත් දවසක් හිපොක්‍රටීස් ගොයියට නාගන්න ආසාවක් ඇති වෙලා ගියාලු පොට්‌ එකකට. රුපියල් පහක ටිකට් එකකුත් ඇන්න ඇදුම් ටිකත් උනල බැහැ ගත්තලු ටැංකියට. හැමදාම මේ සින් එක නෝට් කරන් හිටපු ඇම්ඩ වගේ නසරාණි කොල්ලෝ ටිකක් මුට ගේමක් දෙන්නත් එක්ක හැන්ගුවලු මුගේ සරම. ගොඩට ආපු හිපොක්‍රටීස් ගොයියට යන එන මං නැතිලු. බැරිම තැන ලැජ්ජාව අත් දෙකෙන් වහගෙන යනවලු සරම හොයාගෙන. ඔහොම හෙනම චාටරයක් කාපු හිපොක්‍රටීස් දැක්කලු උගේ සරම තියෙනවා පොල් ගහක එල්ලලා. මුට ඉතින් පස්වනක් ප්‍රීතියෙන් හිනා ගිහින් සරමත් උස්සගෙන “යුරේකා, යුරේකා” කියල පාර දිගේ දුවන්න ගත්තලු.

        GD Star Rating
        loading...
      • හයියෝ..මට බැරියෝ… බත් කෑව ගමන් මෙහෙම හිනාවෙලා කාපු ඒවා ආයෙත් එලියට එනවා.
        අයියෝ පව් අප්පා හිපොක්‍රටීස්. එයා ඉන්න ලෝකෙක ඉඳන් අන්තිම පේලිය බලනවනම් මාමයිටට හොඳ වැඩක් කරයි බොරු කතා හදනවට.

        GD Star Rating
        loading...
      • ඈ . . . එතකොට බොලා කියන්නෙ හිපොක්‍රටීස් සරං ඇන්ද කියලද . . . . ????? බොලාලැයි අපුච්චයෙ සරමද දන්නෑ ඇන්දෙ . . . .???

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        වයස අනුව නම් බලද්දී ඔය අපේ අප්පුච්චාගේ සරම වෙන්ඩ නම් කොහෙත්ම බැ, එක්කෝ ඇන්ඩයියේ ඕක උඹේ සරම නැත්තම් උඹේ අප්පුච්චාගේ සරම

        GD Star Rating
        loading...
    • Avatar of MEDDI MEDDI says:

      මාමයිටෝ………… යුරේකා යුරේකා කියලා දිව්වෙ ආකිමිඩීස්වත් හිපොක්‍රටීස්වත් සොක්‍රටීස්වත් නෙමේ………. අපේ සවුක්ය අමාත්‍යංශයේ හිටපු ලොක්කෙක්…. එයාගෙ wife එනවා දැකලා……..

      GD Star Rating
      loading...
      • Avatar of marmite marmite says:

        ලොක්කෙක් නෙමෙයි මේඩ්ඩියේ ඇමති තුමා ඇමති තුමා (මාව සුදු වැන් එකකින් උස්සයි ද දන්නේ නැ ඔං)

        GD Star Rating
        loading...
  27. Avatar of සඳා සඳා says:

    නුවර පැත්තෙ ටිකක් පිටිසරට වෙන්න ‘තේ බිව්වද? ‘ කියලා අහන්නෙ…’තේ බුන්නද?” කියලා. ළමයි නිදිකරනවට කියන්නෙ ‘ළමයා පුන්නනවා..’කියලා

    එක දවසක් අපි යාලුවො කට්ටිය ගියා තවත් යාලුවෙකුගෙ ගෙදර.(නුවර පැත්තේ )මේ ගමනට දකුණු පලාතෙ යාලුවෙකුගෙ අක්කගෙ පොඩි එකාත් ආවා. දැන් කට්ටියම ළග තියන ඇලට යන්න හදන්නෙ නාන්න. එත් ගෙදර දොරවල් වහල යන්නත් බෑ. එතකොට නුවර යාලුවා කිව්ව ‘අපි අපෙ මල්ලිව ගෙදර හිටවල යමු’ කියලා. එතකොට අර පොඩි එකා අහනවා ‘ඇයි නැන්දි ඒ මාමව ගෙදර ඉස්සරහ හිටවන්න යන්නෙ…. අර කුබුරෙ ඉන්න පබය වගෙ ලීයක් ගහලද ඒ මාමව හිටවන්න යන්නෙ…” කියලා. හිතාගන්නකො පොඩි එකාගෙ හිතෙ මැවුන දේ.පිරිමි ළමයෙක් ලීයක් උඩ හිටවලා ගෙදර ඉස්සරහා………..

    පොඩි උද්වුවක් අර අගල් සුකනා ගැන තියන එකෙ එක දාන්නකො …මොකද පිසා ගොයියා මට දාපු කොමෙන්ටුවක ඒ ‘සතා’ ගැන තිබුනා…..

    GD Star Rating
    loading...
    • මෙන්න සඳා ලින්ක් එක http://tlr.thelastrow.net/archives/3398

      GD Star Rating
      loading...
    • මට ඔන්න ගොයියා ගොයියා කියන්න එපා හරි.ලසනට කියන්නකො…”පිසා මලයා” කියලා.
      බලන්නකො ඒකේ කොච්චර ගතියක් තියෙනවද කියල.

      GD Star Rating
      loading...
      • Avatar of සඳා සඳා says:

        මලයා කියන එකේ නම් පොඩි ගතියක් තියනවා…ඒත්….පිසාචයා????

        (නෑ නෑ…තරහ ගන්ට කාරි නෑ ඒක හරි smart නමක්….)

        GD Star Rating
        loading...
      • අන්න එහෙම එන්න.
        සදා අක්ක හදටම හැගලා වගේ.කවදයි පොළවට බහින්නේ?

        GD Star Rating
        loading...
      • Avatar of සඳා සඳා says:

        ආයෙත් අහල පිසා මලය…කම්මැලිකම යන්නත් එක්ක ගිය weekend එකෙ හද පැත්තෙ පොඩි රවුමක් ගියා…

        GD Star Rating
        loading...
  28. ලොක්කා says:

    අපි ගාල්ලේ… ඩොංගා කාලා කාලම එපා වෙලා… සමහර අය ඩොංගා අහලත් නෑ. ඩොංගා පලන්නේ පොලේ ගහලා… (පොලේ කිව්වේ පොලොවේ)

    GD Star Rating
    loading...
    • marmite says:

      නැ මචෝ අපිනම් ඩොන්ග පලන්නේ ඩයිනමයිට් දාල

      GD Star Rating
      loading...
    • @ලොක්කා: ඔව් ඔව්. අපරාදෙ නේ කන්දෙ තිබුණ ඩොංග ගස් ටික කැපුවෙ? ;-)

      GD Star Rating
      loading...
  29. සෙල්ලං සේන says:

    මමත් ගාල්ලෙ ගිය වෙලාවක ඇතිවෙන්න ඩොංගා කාල තියෙනව.

    GD Star Rating
    loading...
    • අන්න ඒකනෙ ඩොන්ගා කන්න ගාල්ලෙ එන්න.ඩොන්ගා වලටයි ඩොන්ගා පලන්නයි ගාල්ල තමයි ප්‍රසිද්ද

      GD Star Rating
      loading...
  30. Avatar of DongaAyya DongaAyya says:

    අඩේ, මොන වරදක් කොලටද බන් මේ අහිංසක මාව මරාගෙන කන්ට තනන්නේ!
    සමහර එව්වෝ මාව පලන්ට හදනවා පොලවේ ගහල,කන්ට හදනවා, ඩයිනමයිට් ගහන්ට හදන එකෙකුත් හිටිය මට මතක විදිහට!
    අනේ admin මගේ ආරක්ෂාවට මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගන්ට ඇහැක්ය ?
    අනේ කලින් වගේ නිහඩව හිටිය නම් ජීවිතේ හරි ඉතුරු වෙනවා!
    අනේ මේ සොබා , තමා මට වින කටින්න පටන් ගත්තේ!!!

    GD Star Rating
    loading...
    • අයියෝ ඩොංගයියෙ මම හිතලා කරපු දෙයක් නෙමෙයි නේ. ඒ වුණාට දැන් මම නිසා ඔයාව දන්නෙ නැති කී දෙනෙක් ඔයා ගැන දැන ගත්තද? :)

      GD Star Rating
      loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        එකනේ බොලන් ගැටලුව , දැන ගෙන විතරක් නම් මදැයි මුන් ඩයිනමයිට් ගහන්ටත් හදනව නෙව!

        GD Star Rating
        loading...
      • marmite says:

        අයියෝ! ඩයිනමයිට් ගහන්නේ නෑ බන්, මුලින්ම හාරනවා පොඩි හිලක් ඊට පස්සේ බස්සනවා ඩයිනමයිට් කුර. ඊට පස්සේ ගිනි තියල ගල්බොරේ කියල දුවනවා (කලින්ම හාරපු හිල් තියේ නම් වැඩේ තවත් ලේසියි)

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        කලින්ම හාරපු හිල් වලට උඹේ ඩයිනමයිට් කුර තමා පාවිච්චි කරන්නේ එහෙනම්! හරිය මලේ
        කුර ඩයිනමයිට්, තියෙන්නේ මාමයිට් …..වගේ
        ( මෙහි වෙනත් තේරුම් නොමැත – නැත්නම් අපි නොසරුප් වදන් කිව්වා කියල හිතන්ට බැරි නැත , මුන් ගේ හිත්වල හැටි උඹ දන්නවනේ මලේ!!)

        GD Star Rating
        loading...
  31. marmite says:

    අයෙත් අහල අයියේ, උබේ හිලත් හාර ගත්තු දවසට කියහන්කෝ, මම එන්නම් ඩයිනමයිට් කුරත් ඇන්න

    GD Star Rating
    loading...
    • Avatar of DongaAyya DongaAyya says:

      හපොයි හපොයි !! මුන් මාව කපල කොටලා, පොලවේ ගහල නවත්තන පාටක් නෑ, **ත් ඇරලා තමයි නවතින්නේ!! මම කර ගත්තු වින්නැහියක්..
      ( ** =” හිරේ ” ලෙස විය යුතු බව සලකන්ට. මන්ද , මාමා ගේ කෝමේන්ටු කියවීමෙන් පසු ඩයිනමයිට් කුරක් ලග තබා ගත් බව පවසා මා සිර ගත කරන්ට උත්සහ කල හැකි බවට මතුළ බියක් ඇති විය )

      GD Star Rating
      loading...
      • marmite says:

        මට නම් ** දැකපු ගමන් තේරුණා උඹ ඔය කියන්නේ හිරේ ගැන තමා කියල. කෝකටත් උඹ ඕක තේරුම් කරලා දාපු එක හොඳයි, මේකේ ඉන්න කුපාඩි කොල්ලෝ ටික මොනවා තේරුම් ගනියි ද දන්නේ නැ නේ

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        ඇයි බොල දැන් කුපාඩි කෙල්ලෝ ටිකකුත් ඉන්නවා නෙව,

        GD Star Rating
        loading...
  32. Avatar of ෂෝන් ෂෝන් says:

    අම්මෝ ඩොන්ග ගිය දුර.
    ඩොන්ග කාල නැති අපි වගේ ළමයින්ට ඩොන්ග ටිකක් එව්වොත් නරකද ?
    දැන් කට්ටිය ඩොන්ග දන්නවා, ඩොන්ග පලන්න දන්නවා, හැබැයි කන්න තමයි දන්නේ නැත්තේ

    GD Star Rating
    loading...
  33. marmite says:

    මම නම් දවසක් දැක්ක කටුබැද්දේ cargills බිග් සිටි යේ තියෙනවා. තාම තියෙනවද දන්නේ නෑ. ඕනි කමක් තියෙන එකෙක් ගිහින් බැලුවත් වරදක් නෑ

    GD Star Rating
    loading...
  34. Avatar of gajaya gajaya says:

    අපි උ පෙ කරන කලේ, අපේ ඉස්කෝලෙට(මාතර පැත්තේ ) අවා පොළොන්නරුවේ dial එකක්. දවසක් මු පන්තියට හති දාගෙන දුවගෙන ඇවිත් කියපි,
    මචන් , තව පොඩ්ඩෙන් ෆොනේ එඅක ලොකු සර් ට මාට්ටු කියල.. අපිට අඤ්ඤකොරොස් කව්ද මේ ලොකු සර් කියල.. බලනකොට අපේ ආදරණීය පිනා ගැන කියල තියෙන්නේ.

    GD Star Rating
    loading...
    • marmite says:

      අඩෝ ගජය, උඹ ඔය ඉල්ලන් මාමයිට් ගාගන්න හදන්නේ හරිය. පොළොන්නරු අනුරාධපුර පැත්තේ එකෙකුට ආයේ මොනවා හරි කියල තිබුනොත් බලාගත හැකි හරිය.
      ලොකු සර් කියන්නේ principal ට තමා බොල, දන්නේ නැත්තම් දඹානේ එකෙක් ගෙන් හරි අහල දැනගනින් හරිය

      GD Star Rating
      loading...
  35. Avatar of gajaya gajaya says:

    කොරන්න බෑ නේ මේ වැඩේ. ඇත්ත කිව්වම මල අතට ගන්නවනේ . අපේ මේ කතානායකයාගේ තව රස කතා( ඇත්තම එව්වා) තිබුනා. මතක නේ. මතක් උනොත් අනිවා දාන්නම්. :)

    GD Star Rating
    loading...
  36. Avatar of සඳා සඳා says:

    කොහොමින් කොහොමින් හරි සොබනි කෙලී තමන්ගෙ ගෙදර ඉතුරුවෙලා තියන ඩොංග ගොඩට මාර මාර්කටින් පාරක් නේද දුන්නෙ…..කට්ටියම අහුවුනා

    GD Star Rating
    loading...
  37. marmite says:

    දැන් මේකට කොමෙන්ටු දැම්ම ඇති බොලවූ! මේකේ උඩ ඉඳල පල්ලෙහට එන්න ත්‍රිවීල් එකක් හයර් කර ගන්න වෙලානේ

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.