109

ඇයට බැඳී පෙම…

සමඟ  පෙම්  බැඳ  ඇයත්  සමඟින
සිටිය කාලය  සිවු  වසක් විය

මහැර  ඔබ ගොස් ගෙවුණු කාලය
දැනුණු මාහට කල්පයක් ලෙස

මදිද උඹ මට දුන්න ගින්දර
ඉන්නේ ලැගගෙන තවම මගෙ සිත

කුමට මට ගැන උඹේ මතකය
අරන් පලයන් ඉලවු සෙනෙහස …

 

මේක නම් අනේ මන්ද, ජිවිතේ පලවෙනි වතාවට ලියුවේ. මෙලෝ රහක් නැතුව ඇති. ඔන්න ඔහේ ලියවෙච්චි නිසා දැම්ම.
උඹල දැන් මට බැනහල්ල පලු පැලෙන්න.

GD Star Rating
loading...
ඇයට බැඳී පෙම..., 9.0 out of 10 based on 21 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=7139 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


109 Responses to "ඇයට බැඳී පෙම…"

  1. Avatar of MEDDI MEDDI says:

    maxxaaaaa marmite…. niyamayi. mahagamasekarawa mathak unaa.

    GD Star Rating
    loading...
    • Avatar of DongaAyya DongaAyya says:

      ඇයි ඒ මනුස්සයත් බූට් එකක් කැවද?

      GD Star Rating
      loading...
      • Avatar of MEDDI MEDDI says:

        ඔන්න කිවුව ඉඳලා ඉඳලා කතාවක්…

        GD Star Rating
        loading...
    • marmite says:

      තැන්කු මේඩ්ඩි කරපු අගයට. එත් උඹේ රස වින්දනයනම් අන්තිමයි නැත්තම් මේ ජරාවට හොඳයි කියයි යැ..

      GD Star Rating
      loading...
  2. අප්පා කාලා මාමායිටා තඩි බූටක්
    අන්තිම පේලියට කිවා දුක් කවියක්
    ඕවා ගැන හිතා වෙයිදෝ අනේ පලක්
    මුහුදේ මාළු ඇත තව අල්ලපිය එකෙක්

    GD Star Rating
    loading...
    • Avatar of MEDDI MEDDI says:

      මුහුදේ මාලු හිටියත් රෑ තරු වාගේ
      වෙන්නට නොහැක ඒ සිටි මාලුව වාගේ
      කනකට නොගෙන මේ ගොන් බස් ගොඩයාගේ
      යන්නකො මාමයිටො ඇය සමගම දීගේ

      GD Star Rating
      loading...
      • ඒකත් බොලේ එහෙමද කවුදෝ දන්නේ
        ඇත්තක් වගේ මෙඩ්ඩිය මේ පවසන්නේ
        කෙල්ලෙක් නොසිටි මා නෑ ඕවා දන්නේ
        කැමති දෙයක් මාමයිටා කොරගන්නේ

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        මෙඩ්ඩි මුහුදේ මාළුන් ගැන දන්නේ නැත
        සමහර මාළු විස නිසා ලං වෙන්නේ නැත
        ආදාත් මාළුවෙකි ඌ අහුවෙන්නේ නැත
        එක මාළුවට එලනා දැල් ගොඩක් ඇත

        කොපමණ මසුන් සැරි සැරුවත් සාගරයේ
        ඒ මසු නොවේ ඔබ හා බැඳී ආදරයේ
        විසිරි නොයන් මේ ජීවන මාරුතයේ
        මෙඩ්ඩියේ එකට එක්වී යනු ජීවිතයේ

        මාළුවා නොවේ දිය කිඳුරිය උව සයුරේ
        එක්වී නොගොස් තනිකර යයි නම් සොයුරේ
        මනුසත්කම රැකන් හොඳ මිනිසකු අයුරේ
        යා යුතු මගම පලයන් ජීවන සයුරේ

        GD Star Rating
        loading...
      • marmite says:

        @ Meddi
        කෙලෙසද යන්නේ මා ඇය සමගින් දීගේ
        ඇය ගොස් ඇත වෙනකෙකු සමගින් දීගේ

        GD Star Rating
        loading...
      • marmite says:

        උඹටත් ගොඩයෝ ඉක්මනටම ගැනු පරානයක් සෙට් වෙලා උඹේ ඔය ආතල් ජිවිතේ හැඳි ගැවිලම පලයන් කියල මම මගේ මුළු හදින්ම ප්‍රර්ථනා කරනව

        GD Star Rating
        loading...
      • ආතල් ජිවිතේ හැඳි ගෑවිලා ගියත් අවුලක් නෑ මාමයිටෝ හරි හමන් එකක් සෙට් වෙනවනම්…. එහෙම නැතිවුනොත් වෙන්නේ ආතල් ජීවිතෙත් හැඳිගෑවිලා, මාවත් හැඳිගෑවිලා යනඑක. උබලගේ මේ කතන්දර අහ අහා කොහොමද ඔහොම දේකට හිතහදාගන්නේ………..

        GD Star Rating
        loading...
      • marmite says:

        “නෝ පේන් නෝ ගේන්” කියල කවුද සුද්දෙක් කියල තියෙනවනේ බන්

        GD Star Rating
        loading...
      • සිටියත් මාළු අපමණ ලෙස නිල් දියඹේ
        දිය කිඳුරියො එනවද පි‍ටුපස නුඹගේ
        දැකුමට තාරකා ඇතිමුත් නුවන් ගැඹේ
        පායනු ඇත්තේ එක සඳකිය රෑ අහසේ

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        තරු පති නුඹයි පායපු මගේ රැ අහසේ
        ගෙවුනද පස් වසක් නැත පෙම අඩු වුයේ
        නොලැබුණු නමුදු එක් වන්නට මේ දිවියේ
        සත්තයි නුඹ මගෙයි උපදින හැම භවයේ

        GD Star Rating
        loading...
      • ගසකට මලක් සදහට හිමි වී ඇතිදෝ
        තරුපති සමඟ තරු කෙදිනක යා වේදෝ
        පෙම් කරනා සැම දෙන ලොව එක් වේදෝ
        දම්මි සුගත් වෙන්වන්නට ලං වීදෝ

        GD Star Rating
        loading...
    • marmite says:

      ඇගේ තැන ගන්ට
      එන ගැහැ නුන්ට
      හිතෙනවා දෙන්ට
      ඈතට විසි වෙන්ට

      ඔන්න ඕකයි ගොඩයෝ පුල්මුඩේ දැන් තත්වේ

      GD Star Rating
      loading...
      • මුකදාන says:

        දීපන් යන්න ඈ හට
        සමඟින් ඇගේ ප්‍රේමය
        සෙල්ෆිෂ් ලඳුන් කුමටද
        උයලා මාලු කන්නද?

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        සුද්දියේ, ප්‍රවේසමෙන් හිටු!!

        GD Star Rating
        loading...
      • marmite says:

        @ මුකදාන: මචෝ එකී මට බුටක් දුන්න නෙමෙයි, ගෙවල් වලින් වැටුන තොප්පියක් නිසා සමාදානයෙන් සේපරේට් උනා. එකී හොඳ එකී.

        GD Star Rating
        loading...
      • මුකදාන says:

        ආහ්… සොරි වේවා!
        මම ඒක කිව්වෙ පොදුවෙ මචෝ…

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        අවුලක් නැ මචෝ, බුජු පිට්

        GD Star Rating
        loading...
  3. අරන් ගියොතින් උලවු සෙනෙහස හැකිද ඔබ හට දරා ගන්නට.
    මතකයන් මැද විඳින ඔය දුක හැකිද එතකොට නිම කරන්නට.
    ගෙවුණ සිවු වස අතැර මතකෙන් හැකිද ඔබ හට කල් ගෙවන්නට.
    බැඳුනු ප්රේමය බින්ද ඇය හට හැකි වෙයිද දැන් දොස් නඟන්නට.

    GD Star Rating
    loading...
    • marmite says:

      බට්ටියේ උඹේ ප්‍රශ්න වලට නම් දෙන්න උත්තර මන් ළඟ නැ. උඹේ කවිය නම් පංකාදු පහයි, බොහොම ඉස්තුතියි.

      GD Star Rating
      loading...
  4. Avatar of suddi suddi says:

    මම මේකට කවියෙන් කොමෙන්ට් ක්ලොත් අනික් අය කවි ලියන එක නවත්ත්න්ව……එ නිසා මම නොලියා ඉනනම්…..නියමයි මය්ටො….නියමයි…(කයි කිව්වා කුයි කිව්වා)

    GD Star Rating
    loading...
    • ආ……….. සුද්දිට යාන්තමට මොලේ පොඩ්ඩක් තියනවා. ලොකු දෙයක් ඒක තේරුම් ගත්ත එක. ප්‍රේක්ෂකයෝ වශයෙන් අපි ඒ තීරණය අගේ කරනවා…… ඒත් බොල සුද්දියේ බෑ බෑ ගාන්නේ නැතුව ලියපන් ඔය පද හතරක්….. අගේට ටික දවසක් යද්දී බට්ටි වගේ ලියයි………

      GD Star Rating
      loading...
      • Avatar of suddi suddi says:

        මට දුකේ බෑරුවා,,,,,ගොඩය අය්ය මට මොලේ ටීකයි තියන්නේ කිඋවා නේ….මට වාවන්නේ නෑ,,

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        සුද්දියේ,
        සන්තෝස වෙයන් ඌ උඹේ හිත හැදෙන්න කියල බොරුවට හරි එහෙම කිව් එකට, හරිය!
        නැතුව ඌ නොදන්නවා නොවේ ටිකක් වත් නැති බව!

        GD Star Rating
        loading...
    • marmite says:

      අපි ඉතින් පුරුදු වෙන්න කියල මේවුවයේ චාටර් වෙනවා යැ සුද්දියේ? අනික අපේ කාර්ඩ් වල තව කුඩු වෙන්න කියල දෙයක් තියේයැ. ඔන්න ඔහේ කවියක් කොටල දාපන්

      GD Star Rating
      loading...
  5. Avatar of DongaAyya DongaAyya says:

    ම්යිටෝ, මේකට මොනා කියන්නද කියල හිත ගන්න බැ බොල !
    එල කියල කිව්වට, මේවගේ දේවල් වලට එල කියල කොහොම කියන්නෙයි..කාපු එක නොව දන්නේ බූටේ බරසාර බව!!
    කෙල්ලෝ ගැන නම් කුමන කතාද!!! කතා ඇති..නැත්නම් මටත් මොනා කියෙවේද දන් නැ?
    බොට බනිනින්ට වෙන්නේ කලින් නොලිය හිටියට… මෙහෙම ලියවෙනවා නම් දිගටම ලියවෙන්ට ඇරපන්…

    GD Star Rating
    loading...
    • Avatar of suddi suddi says:

      ඔයලා නලකම නලකයි…එනවලකො අපේ පාරෙන්,,,මම අම්මල කියලා ගුටි ගස්සනවා…(හ හා ඩොන්ග්ස් අය්යත් කලා වගේ ලෙදෙර් බූට් එකක්,,,

      GD Star Rating
      loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        අම්මපා බොල, බලපල්ලකො මේ කෙල්ලන්ට හරි සතුටක් නෙව තියෙන්නේ කොල්ලෙක් බූටක් කෑවම!!

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        සුද්දියේ, මොනා ගුටියක්ද දෙන්ට හදන්නේ!
        පයින් දෙන ගුටියක් නම් පා ගුටියක්
        තෑග්ගක් විදිහට දෙනවා නම් තැ ගුටියක්
        තව එකක් තියෙනවා එක නම් කියන්නේ නැ ඕන්..

        GD Star Rating
        loading...
    • marmite says:

      මම නම් කියන්නේ මිනිහෙක් උනාම බුට් එකක් කලා තියෙන්නම ඕනි ඩොන්ගයියේ. මොකද එකෙන් එන එක්ස්පිරියන්ස් එක වෙන කිසිම දේකට සමාන කරන්න බෑ

      GD Star Rating
      loading...
  6. මුකදාන says:

    ආදරේ කරත් කොතරම්
    බාමින් මියුරු උරුවම්
    නොදැනේ අගය මනරම්
    කනතෙක් බූට් ලදරම්
    :D

    GD Star Rating
    loading...
    • marmite says:

      ඔබම මාද විය
      මාද ඔබම විය
      ඔබ අන්සතු විය
      මට කෙල විය

      GD Star Rating
      loading...
      • මුකදාන says:

        දුව පැන එකට නටමින්
        වැස්සේ දිගට තෙමෙමින්
        පෙම් බස් දෙඩූ සමගින්
        අතීතය දැන් අවසන්

        ඈ හට වෙනත් දිවියක්
        දැන් ඇත නොවන් තව දුක්
        උඹ දැන් අලුත් මිනිහෙක්
        අරඹමු නැවුම් දිවියක්

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        අමතක කොට සියලු දුක්
        මිනිසෙකු වී අලුත්
        ඇරඹුමට නැවුම් දිවියක්
        සොයමි කුසයට රිංගා ගත හැකි කතක්

        GD Star Rating
        loading...
  7. Avatar of Jayya Jayya says:

    අහිමි දෙය වටී වැඩියෙන් හිමි දේට
    එකයි සොබාවය පොදු මිනිසත් කමට
    අහිමි පෙමින් හිමි වන වේදනාවට
    හේතුව මෙයයි එය පොදුවෙයි අප සැමට

    GD Star Rating
    loading...
  8. සතරත විසිරුණු සිත අහිමිව ඇත
    නිතරම තැබු තැන මා සිත අද නැත

    GD Star Rating
    loading...
    • marmite says:

      කොහෙද බන් එතකොට ඔය හිත තියෙන්නේ දැන්?

      GD Star Rating
      loading...
  9. Avatar of Observer Observer says:

    කව්ද මන්ද ගෑනු ළමය් බස් වලට උපමා කරල කියපු කවියක පද දෙකක් මතක් වුනා.

    ගෑනු ළමය් පාරේ යන බස් වැනිය
    එකක් මිස් වුනොත් තවෙකක යා හැකිය

    GD Star Rating
    loading...
  10. Avatar of Jayya Jayya says:

    ඔබාගෙ ඉතිරි පද දෙක:_

    දෙවෙනි බස් එකත් නොනැවැත්විය හැකිය
    මගියෙකු නොවී ඔබ රියදුරු විය යුතුය

    GD Star Rating
    loading...
    • Avatar of DongaAyya DongaAyya says:

      වෙන අය ගියත් තෙරපි එහි තදබදය
      රිය පදවනා රියදුරුටයි ෆුල් සොමිය

      GD Star Rating
      loading...
      • marmite says:

        තාම ඩරයිවින් ලයිසොම නැ නේ බොල

        GD Star Rating
        loading...
    • මුකදාන says:

      බසයේ ඉන්නෙ රිය ඇදුරා විතරක් ද?
      කොන්දොස්තරත් නැග ඉන්නේ එහි නේද?
      කවුරු උනත් කීව එකා මේ දෙපද
      සහතිකයටම ඇත්තම කියලා නොවෙද?

      GD Star Rating
      loading...
      • Avatar of marmite marmite says:

        රියදුරු කොන්ද නැති බසයක් ඇද්ද
        කැලි සෙට් වෙන්නේ උන්ටම විතරක්ද
        අනේ අපොයි දැන් එතකොට අපි කළුද
        අපිට පිහිට වෙන්න ඉන්නේ අපේ අතද

        GD Star Rating
        loading...
  11. ජෝක් එකක් වී ඇත අද බූට් එක
    මට තේරුනා මයිටෝ උඹෙ හාට් එක
    මම කා නැතත් කෙදිනකවත් බූට් එක
    ඉවසාපං මචෝ ඒකයි ෆේට් එක

    මගෙ කවි වගේ ගොං කවි කොහෙවත් දැකල තියෙනවද බොලව් ..

    GD Star Rating
    loading...
    • marmite says:

      අපිට ඉතින් මොනාද බන් ජෝක් එකක් උනේ නැත්තේ? කාට ගොන් උනත් මට නම් සිරා

      GD Star Rating
      loading...
  12. කරන කලට ලව් මිහිරිය මී සේ
    බූට් වැදුණු කල නිරයේ ගිණි සේ
    හැඳින එ තිර දුක මේ සංසාරේ
    බඩ බැඳගෙන නොකරවු ඔය ආලේ

    ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකක් වේ
    අප්‍රිය අය හමුවීමද දුක දේ
    ඔය හැමදේ දිවි ගෙවනා තුරු නේ
    දිනයක සියල්ල අතහැර යුතු වේ

    GD Star Rating
    loading...
    • Avatar of DongaAyya DongaAyya says:

      සොබාගේ මහත්මයාට ඔය ටික තේරුම් කොරල දීල ඇති මයේ හිතේ!
      සහතික ඇත්ත සෝබෝ , ඔය ආලේ කොරන්ට ගිහින් බඩ බැඳ ගත්ත වුන් එමටයි නොව..
      හොඳ ආදුරුසේ, උඹ දුන්නේ එවුන්ට! හැදෙනවා නම් මේවා නොවෑ ඔවා !

      GD Star Rating
      loading...
      • දිව ගාගෙන හිටියත් ඔය හැමෝම හැමදේම අත ඇරලා යම් දවසක අපිට යන්න වෙනවනෙ ඩොංගයියේ. ඔන්න ඕක දැනගෙන වාසය තමයි හොඳ. තැන්කූ කොමෙන්ට් එකට.

        GD Star Rating
        loading...
      • marmite says:

        පින් සිදුවෙයි කොමෙන්ටු දැමු හැම දෙනට
        නැත වයිරයක් එන්නේ මගේ නම් සිතට
        මේ ගැන තවත් කවි පද බැඳ කියන්නට
        නොම තේරෙයි ඇයි හැකි නැත්තේ මෙමට

        GD Star Rating
        loading...
      • @Marmite: ඇයි මම කණාමැදිරියෙක් කියල හිතුවද? :-p
        @Observer: ‘මාරයගෙ හෝරාව’ කිව්වෙ මොකද්ද අංකල්? :-o

        GD Star Rating
        loading...
    • marmite says:

      අනේ මන්ද සොබනියෙ, ඔහොම උඹ හිතන්න පුරුදු උනේ පොඩි කාලේ මහන වෙලා වත් හිටියද?

      GD Star Rating
      loading...
      • හි හී.. මම මුකුත් අමුතු දෙයක් කිව්වෙ නෑ මාමයිටො. ඕක මේ අපි හැමෝටම පේන ලෝක ස්වභාවය. මිනිස්සු ඉපදෙනව මැරෙනව කියන්නෙ හරියට හැමදාම උදේට ඉර පායනවා හවසට ඉර බහිනව වගේ සාමාන්‍ය දෙයක්. ඕක තේරුම් ගන්න මහණ වෙන්න ඕන නෑ.

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        පිලි ගමි සොබනියෙ ඔබ කියනා ඇත්ත
        මරු ආ විටදී යා යුතු ගනු බැහැ කැත්ත
        ඇයි අපි නොඉන්නේ මිනිසුන් ලෙස සත්ත
        දිවි අනියතයි නිවනයි පරමම සැපත

        බොලන් කියන කතාව ඇත්ත තමා අපි හැමදාම ඉන්න ඈයෝනෙවි තමා , ඒ නිසායි බොලන්, ඉන්න ටික බැඳීමෙන් ඉන්න ඕන. අතහරින්න බලාන නම් එකතු වෙන්නේ මොටයි , එහෙම නම් පැත්තකට වෙලා හිටියාම කාටත් හොඳයි නෙව. අපි ඉස්සෙල්ලා පොඩි දේවල් හරියට කොරන්ට ඕන , මේ බැඳීම් වලින් අත් මිදෙන එක,සියල්ලු දේවල නිස්සාර බව අත්විඳිනඑක ගොඩක් දියුණු මට්ටමක් බොලන්. අපි අපේ වාසියට( දැන හෝ නොදැන) තමා ඒ දේවල් පෙන්නලා , අපි කොරන දේවල අඩු පාඩු අපෙන්ම වහන් කොර ගෙන සතුටු වෙනවා. ඇත්තටම මේ බැඳීම් වල නිසරු බව තේරුම් ගිය කෙනෙක් නම් අපි එතනින් ඉදිරියට මිසක් පස්සට එන්ට නරකයි. අපි මිනිස්සු බොලල්ලා, ඒ නිසා ජීවත් වෙන කොට කොරන මුලික වැරදි ටික හදා ගන්ට ඕන.ඒ නිසා ඒ වැරදි හද ගත්ත දවසට , ඊළඟ පියවර මොකක් උනත් ඒක කොරන්ට ඕන. එහෙම නැතුව අපි ලොකු දේවල ගෙන හිතලා සුළු දේවල් මග හරින එක තමා බොහෝ විට කොලේ. එහෙම නොකර කලින් කිව විදියට කළා නම් අපි එක දශමයක් හරි ඉස්සරහට ඇවිත් ඇති. එනිසා අපි කවදාහරි යන බව දැන ගෙන ඉන්ට ඕන, ඒ නිසාම ඉන්න ටික හොඳින්ම බැඳීමෙන් ඉන්න ඕන. යමක් පොරොන්දු උනා නම් මැරිලා හරි කොරන්ට උත්සාහ ගන්ට ඕන, සමහරවිට බැරි වෙයි බොලන්, එත් අර අපි ගන්න ඒ උත්සාහය තමයි බොලන් ජීවිත් වෙනවය කියන්නේ මට අනුව නම්.කෙටියෙන් කියනවනම් , මනුස්සකම තමයි බොලන් අංක එක, pranghawa (wisdom-එකට ඉංගිරිස් වචනේ හරියටම හරිද දන් නැ ) එකත් එක්කම තියෙනවා නම් ඌ සුපිරිම තමා. එනිසා හරියටම කරනවා කියල ඕන දෙයක් පටන් ගන්ට , වැරදෙනවා නම් කරන්ට දෙයක් නැ , හරියට කොරන්ට ට්‍රය් කොරන්න, එත් බැරිම නම් වැරදි දේ නොකර නවත්වලා දැම්මට කමක් නැ.හරි සාධාරණ විදිහට ..මේක ලව් එකට නෙමෙයි බොලන් කෝකටත් එහෙමයි…මනුස්සකම තියේනම් එච්චරයි. නැත් නම් පුරුදු කර ගන්ට උත්සාහ කොරල්ලා..
        ජයියගේ මේ කවි පදය මසුරන් වටින්නේ එකයි..“ඉන්ජෙක් ඩොකෙක් නොව මිනිසෙක් හදාපිය “.
        බොලේ මේකේ දිග !!! , හෑල්ලක් ලියවිලා නෙව, මගේ දහම් දැනුමක් නම් නැහැ බොලන් මේ කිව්වේ මට දැනෙන දේවල් තමා..ඒ නිසා මේක විකාරයක් වගේ හිතෙන ඈයෝ ඉග්නොර් කොරල දාපල්ලා. ගණන් ගන්ට එපා. අපිටත් ඉන්ට බැහැ නෙව.,අතේ මර්ම්යිට් ගා ගන් නැතුව !
        @marmite
        බොල මයිටෝ උඹ මේ පොස්ට්ටුවක් දාලා මක්කයි කොලේ , ඩොන්ග අයියාගේ ඇත්ත සොබාවයත් එලි වෙනවා නොව මෙහෙම ගියොත්, කමක් නැ පරණ දේවල් ඕන උනත්, එපා උනත්, හිතට වද දෙනවා තමා බොලන්…( මගෙත් බූටක් නම් නෙවි එත් ..)
        @සොබා
        උඹගේ යහපත් චේතනාව සලකලා මම ” දිව ගාගෙන හිටියත්..” කියන එක ගැන මගේ හිතට එන පැහැදිලි කිරීම් නොලියා හිටියා.
        බොලන් ඔය වගේ කතා කියන කොට පොඩ්ඩක් හිතහල්ල මේකේ ඉන්න එවුන් ගේ හැටි දන්නවා නෙව ( හැම ඈයෝම ඇන්ඩිල, ම්යිටල වගේ හොඳ එව්වෝ නොවෙයි බොලන්)

        GD Star Rating
        loading...
      • ඔව් ඔව්. මටත් ඕක හිතුණා පෝස්ට් කරාට පස්සෙ. මම නිකම් කතා වහරෙට කිව්වෙ. වෙලාවට මේක ඇන්ඩයිය දකින්න කලින් ඩොංගයියා දැක්කෙ. :)

        GD Star Rating
        loading...
      • ඉහත ‘මේක’ යන්නෙන් අදහස් කර ඇත්තේ ඉහත මාගේ කොමෙන්ට් එක බව කරුණාවෙන් සලකන්න.
        (කොහෙද දැන් අපිට හිතේ හැටියට කතා කොරන්ට වත් බෑනෙ :( )

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        @soba
        සී සී බොලන්, මේ සොබා කෙලිත් දැන් මහා නරක විදියට නොවේ හිතන්නේ.
        අනේ දුවේ අපිට නම් තුන් හිතකින් වත් ඔය වගේ දේවල් කල්පනා වෙනවයි..
        “ඉහත මේක” කිව්වාම නම් මට පොඩ්ඩක් තේරුම් ගන්ට අමාරු උනා..
        සාමාන්‍යයෙන් ඉහත සමග “අරක” , පහත සමග “මේක’ කියන වචන තමා යොදා ගන්ට ඕන මගේ බස් දැනුම හැටියට..

        GD Star Rating
        loading...
      • marmite says:

        @ සොබනි : අම්මප මට ඔය ටික තේරුම් ගියේ ලවු එක කඩාගෙන හිතෙන් වැටිලා අත පය හතරත් කඩා ගත්තට පස්සේ නේ. දැන් නම් ඉතින් මීහරකට වගේ තේරෙනවා ඔං. අපිත් ඉතින් ලවු කරන්න ගියාම බොක්කටත් පල්ලෙහායින් තියෙන අග්නියාසෙන් නේ ලවු කරන්නේ.

        GD Star Rating
        loading...
      • මුකදාන says:

        සොබා අක්කගේ කතාව සැටිපිකට් ඇත්ත.. ඕනෑම දෙයක් වෙලා වෙන් වෙන්න පුලුවන් කියල හිතේ කොනේ සූටියට හරි අවබෝදයක් තියනවනම්, දුක අඩුයි තමයි කියලයි හිතෙන්නෙ.

        (සැටිපිකට් © ඇන්ඩය්යා)

        GD Star Rating
        loading...
      • මුකදාන says:

        තව එකක්… සොබා අක්කගේ අවතාරෙ හරිම කුයිට්..

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        නිකන් නෙමෙයි, ලකෙන් පුයිට්

        GD Star Rating
        loading...
      • Avatar of Observer Observer says:

        “මාරයාගේ හෝරාව” කියවනව ඇති සමහර විට

        GD Star Rating
        loading...
    • UK_Boy says:

      බඩ බැදගෙන ලව් කරත් කමක් නෑ, බඩ වෙන්නේ නැතුව….

      GD Star Rating
      loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        එක තමා බන් සොබත් කියල තියෙන්නේ, කවි බසින්..
        “බඩ බැඳගෙන නොකරවු ඔය ආලේ”
        ලව් කරනකොට බඩවල් හදා ගන්න එපා, එහෙම නොවෙන්න වග බල ගන්න එක දෙදෙනාගේම ( දෙකට වඩා වැඩි වීමටද පුළුවන) වගකීම කියල තමා ඔය කවියේ අරුත..

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        අනිත් මෙව්වා එකෙන් කියල තියෙනවා දිව දාන්ට එපාද මොකක්ද කියා කතාවක් (මට නම් එකේ අරුත පැහැදිලි මදි )

        GD Star Rating
        loading...
    • UK_Boy says:

      @DongaAyya, නැහැ බන්, එක නෙවෙයි සොබා නගා කියල තියෙන්නේ, බොක්කෙන්, ඒ කියන්නේ සිරාවට කරන්න එපා කියලයි. බඩ බැදගන්නවා කියන්නේ එකට .සොබා නගේ, මම හරි නේද?

      GD Star Rating
      loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        මම මේ විහිලුවට බොලන් කිව්වේ?

        GD Star Rating
        loading...
      • @UK Boy: ඔයා නම් හොඳ ලමයෙක්. ඒකට මේ ඩොංග යකා නම්.. #$%^&*(

        GD Star Rating
        loading...
      • හැබැයි UK මම කියන්නෙ සිරාවට කරන්නෙ නැතුව තමන්ගෙ සහකරුවව රවට්ටන්න කියලා නෙමෙයි. අපි කරන මේ දේවල් ඔක්කොම තාවකාලිකයි කියල දැනගෙන ඉන්න කියලා. හිත රිදෙන දෙයක් වුණත් එතකොට දුක අඩුයි නේ.

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        අනේ බොලන් , කවි අරුත් පසිදින්න ගොහින් මම අහ ගන්න ඒවා, අපිට මෙහෙම වෙලා මදි හරිය!….
        පොඩි ළමයන්ට පවා දෙන අවවාද තමා මම මේ කිව්වේ( අනිත් අයට දිව දාල පෙන්නංට එපා දිව දික් වෙනවා , ඒවා කරන්නේ නාක ළමයි ,..වගේ කතා)
        අහිංසක මට මේ වගේ චෝදනා කොරන එව්වොන්ව උඩ ඉන්න එක්කෙනාම (ඇඩ්මියා ) බල ගන්ට ඕන!
        මමනම් ආයේ කටයි..ඇහැයි පියන් ඉන්නවා මොක කිව්වත්….
        මා එකදු අසැබි වදනක් හෝ කියා නොමැති බව මාගේ හෘද සාක්කිය සහ අ.පෙ. ගොඩක් එව්වෝ දනියි…
        එහෙම නම් ..ඉහ්..ඉහ්..හි මම යන්නම්.( දරා ගන්ට බැහැ බොලන්..)හරිය..

        GD Star Rating
        loading...
    • UK_Boy says:

      @Sobani, ස්තුතියි සොබා නගේ, ඔයාට විතරයි මගේ හිත තේරුනේ..

      GD Star Rating
      loading...
  13. marmite says:

    ඒ මගුලත් වැරදි තැන පොස්ට් උනේ…

    පින් සිදුවෙයි කොමෙන්ටු දැමු හැම දෙනට
    නැත වයිරයක් එන්නේ මගේ නම් සිතට
    මේ ගැන තවත් කවි පද බැඳ කියන්නට
    නොම තේරෙයි ඇයි හැකි නැත්තේ මෙමට

    GD Star Rating
    loading...
    • Avatar of wije wije says:

      ලව් නං අලංකාරං
      බුටං බයංකාරං
      බොක්කෙං කරා නං
      දුකම පමණයි උරුම නේ බං

      GD Star Rating
      loading...
  14. Avatar of DongaAyya DongaAyya says:

    දිව දානවා කියන්නේ බොලව් නරක වචනයක් නෙවේ…
    ඔන්න තරුණ ලස්සන දොස්තර නෝනා ගම් තුලානක අවරුදු කීපයක් වැඩ කොරල, කොළොඹ ඇවිත් වේද කම් කොරනවලු. ඔන්න ඉතින්, කොලු ගැටයෙක් ඇවිත් උගුරේ අමරුවක්ය කියාන.
    දොස්තර නෝනා කිව්වලු කොලුවව පොඩ්ඩක් බලාලා,
    “එහෙනම් පොඩ්ඩක් දිව දාන්නකෝ?”
    කොලුවා අන්ද මන්ද වෙලා, “කමක් නැද්ද මන්දා”?
    “ඒ නිසා නේ කිව්වේ, හා හා ඉක්මනට දිව දැම්ම නම් වෙලාව නාස්ති නොකර?”
    ඉන්පසු මොකක් උනාය කියල නම් දන්නේ නැහැ ඕන්!!

    GD Star Rating
    loading...
    • UK_Boy says:

      ඊට පස්සේ වෙලා තියෙන්නේ

      ඩොකා නැටුවලු ඩෙගා
      ඒක දැකපු අපේ ඩොගා
      ජීවිතය සිගා
      මාරුලු එතනින් බඩගා

      GD Star Rating
      loading...
      • Avatar of marmite marmite says:

        හික්ස්; මාරු කයිය

        GD Star Rating
        loading...
      • මුකදාන says:

        ඩොගා ගේ මේ කතා
        ෆට්ටම උනත් පුතා
        සැර වැඩි ද සිතා
        වසා දාමුද ඔතා?
        :D :D :D

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        මටත් පස්සේ හිතුන බන් සමහර එව්වා සැර වැඩිද කියලා,
        කොහෙද අද උදේම මනසා කචල් උනා නේ!
        ඇඩ්මින්ට කියල කොමේන්ට්ස් අයින් කරන්න පුළුවන් නම් හොඳයි!
        කොමෙන්ට්ස් වලින් කතා දාන එකත් හොඳ නැ තමයි.
        අප්සට් කතා ඇඩ්මින් පබ්ලිෂ් කරන්නේ නැනේ මචන්!

        GD Star Rating
        loading...
      • මුකදාන says:

        පිස්සුද ඩොංගය්යා?

        GD Star Rating
        loading...
    • UK_Boy says:

      කවියේ තව version එකක්
      ඩොගා බලන්න හැදුවලු …. දිවගා
      මල පැන්න ඩොකී නැටුවලු ඩෙගා
      බයටම අපේ ඩොගා
      මාරුලු එතනින් බඩගා

      ඩොගා අය්යේ, උබේ නම දැම්මේ, කවියේ එළිසමය ආරක්ෂා කරගන්න. නෙතුව තරහට නෙවෙයි මම දන්නවා උබ එහෙම කරන්නේ නැහැ කියල …

      GD Star Rating
      loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        @ UKBoy

        බලන්නට රස දිව ගා
        නැමුන පහතටඅය්යා ඩොන්ගා
        කනට වැදුනේ ඌ ගේ ඩුන් ගා
        පැනලා දිව්වා බිමින් රිංගා
        පිස්සුද බොලන් මම දන්නවා නෙව , මොකක් බෙදා ගන්ට බැරිවය මාත් එක්ක තරහ ගන්නේ!
        හැබයි මලේ ! උඹ නම් බොලන් මා ගැන හරියට දැන් නැති පාටයි !!!

        GD Star Rating
        loading...
  15. Avatar of Ranja Ranja says:

    කරලා පලමු ලව් එක
    කෑවාබූට් එක
    ඊලගට කල එක
    ඇද්දා සත් වසක් දිග

    ඇද සත් වසක් එය
    එල්ලා ගතිමි කරපිට
    රසය එහි මේ ලෙස
    ගැලක බැදි ගොන් රජෙකු විලසට

    GD Star Rating
    loading...
    • Avatar of marmite marmite says:

      පෙමින් වෙලී සිටිනා සඳ
      ඇය ගැන මෙලෙස සිතිනිද
      සිටින ඔබ සමඟින් නිබඳ
      දෝස කෙලෙසින් නුඹ දකින්නිද

      GD Star Rating
      loading...
  16. UK_Boy says:

    @DongaAyya, ඩොගා නටයි ඩෙගා ……….

    GD Star Rating
    loading...
  17. Avatar of Jayya Jayya says:

    අමාරුනම් කැටියක් උඹගේ හිතට
    “බුට් කතාවක්” බලපන් සැනසෙන්ට

    GD Star Rating
    loading...
  18. Avatar of Observer Observer says:

    මෙන්න 80 වෙනි කොමෙන්ට් එක, මං වැඩි කාලයක් නං නැහැ අන්තිම පේලියට ඇවිල්ල, මෙච්චර කොමෙන්ට් වැටුන පෝස්ට් එකක් දැකලත් නැහැ ඒ සුළු කාලෙට, “ඇන්ඩර්සන් ළමය” ගෙ කොමෙන්ට් එකක් නං දැක්කේ නැහැ, පොර අර ………..නෑ, නෑ, ඒ හරිය කියන්න ඕනෙ නැහැ….

    GD Star Rating
    loading...
    • Avatar of Jayya Jayya says:

      හේතුව සිම්පල් බුට් කාපු අය වැඩිය හිටියේ අන්තිම පේලියේ තමයි

      GD Star Rating
      loading...
      • marmite says:

        එතකොට උඹ කියන්නේ ජයියේ පලවෙනි පේලියේ උන් කන්නේ කැපිටල් බූට් කියලද?

        GD Star Rating
        loading...
    • ඔබා මාමා ඒ හරිය තියාගන්න. හදිස්සියේ ඇන්ඩයියා ඔයාට මඩක් ගහපු වෙලාවට තග දාන්න පුළුවන්නේ….. අන්තිමට අපිට එළකිරි කතාවක් කියවන්න ලැබේවා ……………..

      GD Star Rating
      loading...
    • marmite says:

      අනේමන්ද අන්තිම පේලියේ කොල්ලොන්ට සෙට් වෙන කෙල්ලෝ පලවෙනි පේලියේ උන් අරන් යනවද කොහෙද. මොකද කියන්නේ කට්ටියම සෙට් වෙලා ලිප්ටෝන් වට රවුමේ විරෝදතාවයක් වත් ඕගනිස් කරමුද?

      GD Star Rating
      loading...
      • UK_Boy says:

        Marmite butta tath hithena deval………… ohoma yan ohoma yna lipton watarauma gavatama…

        GD Star Rating
        loading...
  19. විශ්මිත ගමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මඟ ගැන අරුම
    සතු කර ගන්න මුල් පෙම නොපිදූ බැවින
    දුක් බර හිතට කීවෙමි නොහඬන ලෙසින

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුඹට කරදරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්

    GD Star Rating
    loading...
    • Avatar of marmite marmite says:

      එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
      නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
      හරගිය දිනේ ආවත් මා ගම් දොරට
      ආවේ ඇයිද විරහින් සිත අද්දරට

      අනේ මන්ද මචෝ, ඔය සින්දුවෙනම් තියෙන්නේ පුදුම අර්ථයක්. මගේ fav සොන්ග්ස් වලින් එකක්

      GD Star Rating
      loading...
    • සඳට පෙම් කල අඳුරු අහසට සඳ අහිමි වී නම්
      හිරුම වැඩියත් පලක් වේවිද අඳුර එළියයි දැන්
      ගඟක් ඉවුරක් සොයන දිය ගඟ නොදැක වැළපෙයි නම්
      විසල් මහ සාගරය ළඟ වුව සැනසෙයි ද කෙලෙසින්

      සමනල පියාපත පහස අයදින මලට ඒ නැති නම්
      බඹර තුඩකින් තැලෙනු කුමටද මියෙනු මිස එසැනින්
      මිරිඟුවක් බව දැන දැන ම ඔය නෙතට පෙම් කල මං
      තනිව දුක ළඟ නතර වෙමි රිදවනු එපා තව නම්

      GD Star Rating
      loading...
      • marmite says:

        පිස්සු බම්ප් වෙයි කිව්වලු. ඇත්තටම මෙක ලියුවෙ කව්ද සමනලී?
        කයිය නම් පට්ට. බොක්කටම වදිනව

        GD Star Rating
        loading...
      • ස්තුතියි.ස්තුතියි. මේක සමනලීගේ සමනල අදහසක් :)

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        මෙතන තවනම් මොනවා කියන්නද වෙලා චාටර් මම්
        ඔබගේ පිළිතුර පසක් කර දිනි කවිය යනු කීම නම්
        සියන් පත් මත වසා රොන් බොන සමනලිය ඔබනම්
        ඔබගේ ලස්සන බලා සැනහෙන ළදරුවා වෙමි මම්

        GD Star Rating
        loading...
  20. Avatar of marmite marmite says:

    මොකක්?? ඔන්න හෙට අනිද්දම සමනලීගේ කයියක් කවි මඩුවේ තිබුනේ නැත්තම් බලාගත්තහැකි. උඹේ කවිත් එක්ක අපේ කවි තිබ්බාම අපේ කවිවලට ගහන්න හිතෙනවා බන් පයින්

    GD Star Rating
    loading...
    • මෙන්න ජයග්‍රාහී සියවෙනි කොමෙන්ටුවත් අපේ marmite බට්ටාගෙන් :) (එකේ මගේ නමත් තියනවා, නියමයි)

      GD Star Rating
      loading...
      • මෙතන අනිවා මට නොතේරෙන
        යමක් ඇත සන්තෝසෙ දනවන
        බොරුද අම්මප මේ කීව කට
        සමනලී සහ මයිට මෙහෙබල ;)

        GD Star Rating
        loading...
      • මෙතන කිව්වේ ?

        GD Star Rating
        loading...
      • සමනලී මා ජෝක් කල බව
        නොදැන, නොමගනු තරහ, අවසර
        මෙතැන යයි මා කීවෙ මෙතැනයි
        මීට ඉහලින් තිබෙන රිප්ලයි

        GD Star Rating
        loading...
      • අපොයි නැහැ කිසි තරහ මා සිත
        ඒ නිසාවෙන් සමාවක් මොට
        මෝඩයන්ගේ මෝඩ වැඩ ගැන
        තරහ ගන්නේ මෝඩයෝ නෙව :)

        GD Star Rating
        loading...
      • මදැයි මෑගෙ තියන ලොකුකම
        නොදනීද ඔබ විහිලු තහලුව

        මෝඩයෙකි මම දනිමි හොඳහැටි
        නමුදු නැත හැදි මිටට වැඩි මැටි :D

        GD Star Rating
        loading...
      • නොමැත මා ළඟ ලොකු කමක් නම්
        විහිලුවට විහිළුවක් කලෙ මං :)

        ‘මෝඩයෙකි ඔබ’ කියා මා නම්
        නොකිව්වෙමි කිසි තැනක මෙහි දැන්

        GD Star Rating
        loading...
  21. මෙලොව අප සැම දෙනම
    පතන අම සැපත පෙම
    :)

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.