90

ආදර ගැටලුවක්!

කතාවක් ලියන්න හැදුවත් මතක් වෙන්නෙම නැති හින්දා මට හිතුනා අද පොඩි ගැටලුවක් නිරාකරණය කොරගන්න. මේක ආදරේ ගැන එකක්. අ.පේ. හිනාවට වගේම හැඟීමටත් එක හා සමාන තැනක් තියන හින්දා මේක අහන්න හිතුවෙ. මෙන්න මේකයි සීන් එක.
මගේ බුජු පිට් එකක් ඉන්නවා. බුවා මගේ වයසේ. බුවාට දැන් අවුරුදු තුනක් තිස්සෙ කරගෙන එන ලව් එකක් තියනවා. බොක්කෙ තියාගෙනයි කරන්නෙ. බොක්කෙ තියාගෙන කිව්වෙ ඌ ඒ කෙල්ල ගිලල එහෙම නෙවෙයි ඉන්නෙ. :D   කොහොම හරි දෙන්න ලව් එක කරගෙන යනවා බොහෝම සංතෝසෙන්. හැබැයි දෙන්න අතර එකම එක ගැටලුවක් තියනවා. ඒ තමයි වයස. මගේ යාලුවට වඩා එයාගේ ප්‍රියාවිය අවුරුදු දෙකක් වැඩිමල්. (මම මේකට ගැටලුවක් කිව්වට මේක ඒ දෙන්නට ගැටලුවක් එහෙම නෙවෙයි.)
ඒත් මම අහලා තියනවා හොඳ විවාහ ජීවිතයක් ගතකරන්න නම්, කොල්ලට වඩා කෙල්ල වයසින් බාල වෙන එක හොඳයි කියලා.

මට තියන ගැටලුව, කෙල්ල කොල්ලාට වඩා වැඩිමල් වෙන එකෙන් සිද්ද වෙන වැරැද්ද මොකක්ද? දෙන්නාට දෙන්නා අවබෝදයෙන් ඉන්නවා නම්, දෙන්නාට දෙන්න ආදරේ නම්, මෙහෙම දෙන්නෙක් විවාහ වෙන එකේ වැරැද්දක් මම නම් දකින්නෙ නෑ.

ඒත් මට දැනගන්න ඕනි මේ විදියේ විවාහයකින් සංකීර්ණ අවුලක් සිද්ද වෙනවද කියලා.

(මගේ තවත් යාලුවෙක් ඉන්නවා, එයා බැඳලා ඉන්නෙත් එයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ගෑනු ළමයෙක්. දැන් අවුරුදු 10ක පවුල් ජීවිතයක් ගත කරනවා කිසිම අවුලක් නැතුව, කෙලි පැටික්කියෝ දෙන්නෙකුත් එක්ක.)

අන්තිම පේලියේ කොල්ලො කෙල්ලො වගේම පරිණත අත්දැකීම් බහුල ක්‍රීඩකයොත් ඉන්න හින්දා හැමෝගෙම අදහස් කියන්න පුලුවන්නම් හොඳා!

GD Star Rating
loading...
ආදර ගැටලුවක්!, 7.2 out of 10 based on 13 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=7242 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


90 Responses to "ආදර ගැටලුවක්!"

  1. පරිණත ක්‍රිඩකයොන්ට ඉඩ දීලා අපි වගේ වෙන්න ඉන්න ක්‍රිඩකයො පැත්තකට වෙලා ඉන්න එක තමයි හොද.
    ලගදි ඔය පිලිබදව ලියවෙච්ච ලිපියක් මං කියෙව්වා.අපේ ලොකු අයියලා විස්තර අනිවාර්යෙන් කියන නිසා මං කියලා වැඩක් නැ…

    GD Star Rating
    loading...
  2. අනේ මන්දා මටත් ආදර පලහිලව් ගැන නම් කිසිම අත්දැකීමක් නැත. මමත් ඒ නිසා කිසිවක් නොකියමි. පලපුරුදු ක්‍රීඩකයෝ ඉන්නවනේ උත්තර බඳින්න……

    GD Star Rating
    loading...
    • ප්‍රේක්සකයන්ගෙ අදහසුත් වටිනව ගොඩස්.. හිතෙන දේ කිව්වනම් තමයි වටින්නෙ..

      GD Star Rating
      loading...
      • මට හිතෙන දේ කියන්න කීව නිසා කියන්නේ මේ….. උන් දෙන්නට උන් දෙන්නා ගැලපෙනවා කියලා හිතෙනවා නම් කාටවත් මොකද ???
        ( හැබැයි පුතෝ ආදර පලහිලව් වලදී දෙමාපියන්ගේ හිත රිදවෙන එකට නම් මම කැමති නෑ. ඒ නිසා උන් දෙන්නගේ අම්මා තාත්තාත් වැඩේට මනාප වුනොත් තමා හොඳ )

        GD Star Rating
        loading...
      • ඒක නම් හැබෑව ගොඩස්.. දෙමාපිය කැමැත්තෙන් තොරව කරන එක නම් හරි මදි..

        GD Star Rating
        loading...
      • ඈ බං ඒ ගමන උබත් මගේ නම වෙනස් කොරන්න වෑයම් කොරනවාද ???? මට ඔය පොස් ස් කෑලි හරියන්නේ නෑ බං…. ගොඩයා නැත්නම් ගොඩේ…. ඔය දෙක තමා තක්කෙටම ගැලපෙන්නේ…. :D

        GD Star Rating
        loading...
      • කොහොමද බන් කටක් ඇරල ගොඩය කියන්නෙ.. මගෙ හිතට වාවන්නෙ නෑ.. :D

        GD Star Rating
        loading...
  3. දෙන්නට තිහ පනිද්දිලු කචල් එක එන්නේ. මොකද කොල්ලට වඩා කෙල්ලට වයස වගේ හින්දා ඔය සමහර දේවල් පුරස්න වෙන්න පුළුවන්ලු. අනික තමා ඉක්මනට ළමයි හදන්න වෙන එක. වයසෙන් බලද්දි කෙල්ලෙක් ළමයෙක් හදන්නේ කොල්ලෙකුට වඩා අවුරුදු දෙක තුනක්වත් කලින්නේ. සෝ ඕන් සෝ ඕන් ලියන්ට ඇහැකි ඒත් ඉතින් දෙන්නට අවුලක් නැත්තන් අහක යන මට අහවල් අවුලයැ.

    මේ ටික හෙව්වෙත් ඔය පුරස්නේ ඔය විදිහටම මටත් ඇති හින්දා ඕන්.

    GD Star Rating
    loading...
    • ඔය සිද්දිය මටත් තියනවා මචන්..
      දන්න කියන හැමදේම කියපන්කො, අර සෝ ඔන් ටිකත් කියල දාපන්.. කමෙන්ට් එකට තැන්ක්ස්..

      GD Star Rating
      loading...
      • marmite says:

        අඩෝ මුකදානය, තෝ තමා දවසකටත් බඩුව. යකෝ උඹටම මතක නැති උනානේ මේක උඹට උන සිද්දියක් නෙමෙයි උඹේ බුජු පිට් එකකට උන සිද්දියක් කියල පටන් ගත්තේ. උඹ නම් නියම මිනිහ බළල්ලු ලඋව කොස් ඇට බාවන්න.

        GD Star Rating
        loading...
      • මුකදාන says:

        :D :D :D
        මාමයිටෝ.. ගම කෑව නේද මුකදාන කිව්වලු..
        ඇත්තම කිව්වට මොකද මේක මගෙම සිද්දියක් තමයි…

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        අනේ බන් අපේ කන් වලින් රිංගන්න උඹ තාම ඉගෙන ගෙන මදි

        GD Star Rating
        loading...
      • හික්ස්.. මට ඒක හංගන්න හිත දුන්නෙ නැ බං..

        GD Star Rating
        loading...
  4. දැං මෙහෙමනෙ මලේ . . . . ඔය ඩෝනමෝර් සාමිගෙ කාලෙ ලංකාවට ආපු සුද්දෙක්ද කොහෙද කියල තියනව . . . . .”බිලෝ ද බුරිය . . . . ඒජ් ඉස් නොට් අ බැරියර්” කියල . . . . .ඒක නිසා වැඩිය හිතට ගන්න එපා කියපං. . . . .

    GD Star Rating
    loading...
  5. Avatar of Rehan Rehan says:

    පට්ට කතාව ඕයි!

    GD Star Rating
    loading...
  6. marmite says:

    කොහොම උනත් මගේ අදහසනම් මේකයි :
    ඇත්තටම ඔය බර්ත් සෙටිපිකෙට් කියන ඉලඋව නැත්තම් අවුරුදු තුනක් හතරක් උනත් වයස් පරතරයක් තිබුනත් කොහොම කියල හොයන්නද? ඒක නිසා ඕකනම් කිසිම ප්‍රශ්නයක් වෙන කෙහෙල් මලක් නෙමෙයි. හැබැයි පුතෝ මම දෙන්නම් අවවාදයක් උඹල දෙන්නගේ බර්ත් සෙටිපිකටේ රටේ ලෝකේ හැම බල්ලටම පෙන්නන්න යන්න එපා. අනිත් එක තමා උඹල දෙන්නත් ඕක ගැන වැරදි හැඟීමක් හිතට ගන්න එපා. උඹ විශ්වාස කරපන් උඹල දෙන්න ලවු කරන්න ගත්ත ඩිසිසොන් එක සීයට සීයක් ම හරියි කියල. අනික වෙන එකෙක් ඇස් දෙක ලොකු කරලා කෙල්ල උඹට වඩා වැඩිමල් නේද කියල අහපුවාම කිසිම ගානකට නැතුව ඔව් කියන්න පුරුදු වෙයන්.
    අනිත් දේ තමා මචෝ ඔය තිහ පැන්නම වයස පේනවා කියන කුණු හරුපෙ. උඹම බලහන් කොච්චර ගැණු ඉන්නවද වයස හතලිහ පැන්නත් තාම විසි පහක් කියලවත් පෙන්නේ නැති?ඇත්තටම මචෝ මගේ මතේ නම් අපේ ගැනුන්ගේ ඔය වැඩිපුර වයස පෙන්නේ ළමයි හදල, ඒ මදිවට ගෙදර වැඩ නිසා විඳින්න පුළුවන් උපරිම දුක් කන්දරාවක් උන් බැන්දට පස්සේ විඳවන නිසා.
    බුදු බනෙත් මම අහල තියන විදියට නම් කියන්නේ වයස් පරතරය ඕනවට වඩා වැඩි දෙන්නෙක් අතර කෙරෙන විවාහය අසාර්ථකයි කියල. එකට හේතුව විදිහට දක්වල තියෙන්නේ එක්කෙනෙක් අනිත් කෙනාට වඩා ඉක්මනින් වයසට යන නිසා වයසට නොගිය කෙනා වෙන තරුණ විරුද්ද ලිංගිකයන් දිහාවට ඇදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. ඕකෙන් කියන්නේ වයස් පරතරය අවුරුදු දහය විස්ස ඇතිව කෙරෙන විවාහ ගැන. උඹලට එහෙම ප්‍රශ්නයක් නැ නේ.
    ඔන්න ඉතින් උඹල දෙන්නගේ අනාගතේ සුභම සුභ වෙන්න කියල මේ මාමයිට ප්‍රර්ථනා කොලා එහෙනම්.

    GD Star Rating
    loading...
    • marmite says:

      මාමයිට හෙනම පඬි ටෝක්ස් දෙන්න පටන් අරන් ඒපාර. මූ මොන බල්ලෙක්ද අපිට පොර ටෝක්ස් දෙන්න?
      ඔන්න උඹල මට මඩ ගහන්න කලින් මම ම ගහ ගත්ත

      GD Star Rating
      loading...
      • මුකදාන says:

        මාමයිට් බොක්ක.. අදහස් ටික නම් පන්කාදු පහයි තුන්කාලයි.. උඹ කියන එක ඇත්ත, උප්පැන්න සහතිකේ තමයි හැම ඉටිගෙඩියම හොයා ගන්න තියන උලව්ව.. අපිට නම් මේක කිසිම කේස් එකක් නෙවෙයි බන්, ඒත් සමාජය මේ වගේ සීන් දිහා බලන විදිය තමයි මට දැනගන්න ඕනි.. වයස වැඩි නෙවෙයි අඩු උනත් සමහර ගෑණු උදවිය බොහෝම වයසට ගිහිල්ල කියල පේනව නෙව විදින දුක් කන්දරාව හින්දා..

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        අපේ රටේ කිදාහක් නම් ඉන්නවද බන් *න්න පිරිමි තමුන්ගේ ගැනිගෙන් හම්බ කරගෙන කන. අනික මම හිතන විදියට නම් උඹට තාම 25 පැනල නැ. මොකද ටිකක් මෝරනකොට ඔව්ව ප්‍රශ්නයක් කියල හිතෙන්නේ වත් නැ

        GD Star Rating
        loading...
  7. Avatar of Buddiක Buddiක says:

    ලොකු ලොකු කොමෙන්ට් කොටල කාරිය නාගන්න බෑ…. කොහොම වුනත් ඕක අම්මලට ලොකු දෙයක් වුනාට අපිටනම් ලොකු දෙයක් නෙවෙයි කියාගෙන තමා මමත් ඉන්නේ…
    එනි වේ… බුජු පිට් එකගෙ වැඩේ ගොඩ යන්න කියල ඉත සිතින් ප්‍රර්ථනා කොරනව මේ පැත්තෙනුත් :D

    GD Star Rating
    loading...
    • මුකදාන says:

      පින් සිද්ද වෙච්චාවෙ මචෝ..

      GD Star Rating
      loading...
  8. suddi says:

    අනේ මන්ද මමත් සෆරින් ෆ්‍රොම් මේ ප්‍රශ්නෙ…..මාත් ඉන්නේ බයෙන් බයෙන්..

    GD Star Rating
    loading...
    • මුකදාන says:

      සුද්දිටත් මේ ප්‍රශ්නෙ තියනවද? සුද්දිගෙ අදහසත් කියන්න බොහොම වටිනව..

      GD Star Rating
      loading...
      • Avatar of marmite marmite says:

        තොපි දෙන්න නෙමෙයි නේද සෙට් වෙලා ඉන්නේ?

        GD Star Rating
        loading...
      • හෑ……

        GD Star Rating
        loading...
      • suddi says:

        අනේ ඔව් අප්පා…මට වඩා අව් 1ක් එයා බාලයි,,,,පෙනුමින් වත් ආදරෙදි වත් අපි දෙන්නා අතර කිසිම කිසිම වෙනසක් නෑ,,,,කිසිම ගෑටලුවක් නෑ,,,,අපි හුගක් ආදරෙන් ඉන්නවා,,,ඒත් අපිට නම් තියන ප්‍රශ්නේ ගෙවල් වලින් ප්‍රශ්න අති වේ කියන එක තමයි…කොහොමත් මගෙ අදසහ නම් අපිට අපි ආදරෙ නම්…මම වයසින් වෑඩි එක එයට ප්‍රශ්නයක් නෙවේ නම්,,,,,,අපිව අපි තෙරුම් අරන් නම්…..ඔය කිසිම දෙයක් අපිට නම් බාදාවක් නෙවේ….

        GD Star Rating
        loading...
    • සුද්දියෙ..ප්‍රශ්නෙ සරලයි…ඔයාගෙ බර්ත් සෙටිෆිකට් එක කොලුවගෙ ගෙදරට පෙන්නන්ට යන්ට එපා..මාමන්ඩිල අහන එකකුත් නෑ..වැඩේ සෙට්..සුද්දියි සුද්දයි බැන්ද…සභා තොමෝ සතුටින් විසිර ගියහ :) මම හිත හැදුව කියල මට තැන්කූ කියනවකෝ :D :D :D

      GD Star Rating
      loading...
      • suddi says:

        අනෙ ටන්කුයි වදුරු පටියො….ඊලග පාර සූ අවම කෙහෙල් ඈවරියක්ම ගෙනත් දෙන්වා..ආම්මප

        GD Star Rating
        loading...
  9. Vindula says:

    රජ පවුලටත් හොදනම් අපිට මොකෝ බන් වෙන්නේ

    GD Star Rating
    loading...
    • marmite says:

      මෙන්න දවසේ උත්තරේ

      GD Star Rating
      loading...
    • මුකදාන says:

      සිරාවට විලියම් කේටුත් මෙහෙමයි නෙවද?
      ඇයි අයිස්චර්යා අබිසේක් දෙන්නත් මෙහෙමයි කියල තමයි පත පොතේ සඳහන් වෙන්නෙ..

      GD Star Rating
      loading...
      • marmite says:

        අනේ මන්ද බන් ඔය උනහපුලුවට අයිෂ්ව මොකට සෙට් උනාද කියල. බලන්ගියාම හොඳ අඹ කන්නෙම පනුවෝනෙ

        GD Star Rating
        loading...
  10. මාමයිට් අයියා කියන දේනම් ඇත්ත… ඒත් මෙතන පොඩි පටලැවිල්ලක් තියනවා.. ඔය 30 කියන වයස ගැන…. මම අහල තියන විදිහටනම් කෙල්ලෙක්.. කෙල්ලෙක් කීවට ගැහැනු කෙනෙක්ට වයස 30 න් පස්සේ .. පිලිසිද ගැනීම් වලදි පොඩි පොඩි ගැටලු වලට මුහුන දෙන්න වෙනවා කියලා….ඒකෙන් අදහස් කරන්නේ…ළමයෙක් හදනවනම් වයස 30ට කලින් ඒක කරන ඒක වඩාත් සුදුසුයි කියන ඒකයි…
    මේක අනිවාර්ය සාදකයක් නම් නෙමෙයි… මැද්දි/ මෙඩ්ඩි අක්ක අවහම මෙගැන හරියටම කියලා දේවි මම හිතන්නේ…

    GD Star Rating
    loading...
    • Avatar of Observer Observer says:

      “නාකි විසේ ගෙටත් උසේ”

      ඔය කියන්නේ පිරිමින්ට වෙන්ටැති.
      ගෑනිටත් ඇතිවෙන්න විසේ තියෙනවා නං වයස ප්‍රශ්නයක් වෙන එකක් නැහැ

      GD Star Rating
      loading...
      • මුකදාන says:

        මෙන්න පරිණත ක්‍රීඩකයෙක් අදහස් දක්වලා.. :D
        ඔබා මාමා ගේ මසුරන් අදහස…

        GD Star Rating
        loading...
    • මුකදාන says:

      ඔව් මචන්.. මෙහෙම සිද්දියක් නම් මාත් අහල තියනවා… ඒත් අවුරුදු 30 අවටම ඕව වෙනවද? මන් හිතුවෙ 35 විතර පැන්නම මෙහෙම සිද්දි වෙනව කියලා…

      GD Star Rating
      loading...
    • Avatar of marmite marmite says:

      මොනවද බන් උඹලට තියෙන මේ ගොන් ප්‍රශ්න? යකෝ උඹලගෙම ළමයෙක් හදන්න බැරි උනොත්, අරන් හදපිය ඔය ඕනි තරම් අම්ම අප්පා නැති ළමයි රටේ ඉන්නේ

      GD Star Rating
      loading...
    • ඇයි යකෝ මෙඩ්ඩි..මේ මං ඉන්නෙ..මගෙන් අහපල්ල. අපි ඔව්වට එක්ස්පර්ට්ල..ඔය කිව්වට මමත් දන්නෙ නෑ..මම දන්න හැටියට නම් අවුරුදු 30න් පස්සෙ එහෙම අවුලක් කියන්ඩ බෑ(කාන්තාවගේ විශේශ රෝගයක් නැත්තම්) ..මොකද ගෑනු කෙනෙක්ට ආර්තවහරනය වෙන්නෙ අවුරුදු 40ක් 45ක් විතර වෙද්දි..ඊට පස්සෙ නම් මොන සෙල්ලම් දාලවත් ලමයි හදන්ට බෑ..ඒ හින්දා ඊට කලින් ලමයි හදන එකයි කාරිය.

      මගෙන් ගනිල්ල විශේශ උපදෙසක්..සුපිරි මොල ඇති ලමයි ඕනෙ උං ඉන්නවනං අවුරුදු 2ක් බාල කෙල්ලෙක්ව බැඳහල්ල. ඒ කොරල කෙල්ලට 28 (කොල්ලට30 ) වෙද්දි ලමයි හදහල්ල..ඉතිහාසයෙ සුපිරි ලමයි බිහි උන හැම වෙලාවෙදිම අම්මල තාත්තලගෙ වයස එහෙමලු තිබ්බෙ කියලයි පොතේ සඳහන් වෙන්නෙ

      GD Star Rating
      loading...
      • එතකොට ඒ පැටියට වයස විස්සක් විසි පහක් විතර වෙද්දි ඌ “සුපර් මෑන්” වෙයිද ????

        GD Star Rating
        loading...
      • බොරු කියන්න එපා බන් .ඉතින් අපේ ammagei thaththagei වයස පරතරය අවු 2 නෙමෙය්නේ.තාත්තා බැන්දෙත් 30 නෙමෙය්නේ .

        GD Star Rating
        loading...
      • Avatar of marmite marmite says:

        අඩේ බන්, උඹ කලිසමට උඩින් ජොකා ඇඳ ගත්ත කියල ඇන්ඩයිය කියන සුපර් මෑන් වෙන්නේ නැ. ඌ කියන සුපර් මෑන්ට අහසින් පියාඹන්ඩ පුළුවන් පෙලේන් එකක් වගේ

        GD Star Rating
        loading...
      • සුපර් මෑන් ද බැට් මෑන්ද නිච්චියක් නෑ ඇන්ඩයියෙ..මක්ක උනත් ඌ ඇල්බට් අයින්ස්ටයින්ල අයිසැක් නිව්ටන්ල වගේ වෙනවලු..හැබැයි එහෙම උනාට පස්සෙ ඒ ලෙවල් කොරන කොල්ලො කෙල්ලො බනින්නෙ උංගෙ අම්මලටත් එක්කනෙ..උඹලට නොමිලේම පිං අනුමෝදන් වෙයි :D

        GD Star Rating
        loading...
      • අඩේ චුට්ටෙ . . . මම උඹට කියන්නද කතාවක් . . . .????
        ඔන්න පොරක් හන්ටිං යන්න කියල උදෑනැක්කෙම (පාන්දර පහට විතර කියමුකො) පිටත් උනාලු. බුවා නිදිමතයි, පාන්දර කරුවලයි සහ තියන හදිසියයි නිසා තුවක්කුව වෙනුවට ගෙනිහිං තියෙන්නෙ ගෙදර තිබ්බ කුඩේ . . . . බුවා මේ බව දැනගත්තෙ කැලේදි ෆේස් ‍ටු ෆේස් කොටි හපුවෙක් සෙට් වෙලා වෙඩි තියන්න බලද්දියි . . . . කරන්න දෙයක් නෑ නෙ . . . අඩුම ගානෙ කොටියව බය කරන්න හරි පුලුවං වෙයිනෙ කියල බුවා කුඩේ මෑනුව කොටිය දිහෑට හරියට නිකං තුවක්කුව මානනව වගේ . . . . .
        එකපාරටම වෙඩිල්ලක් වැදිල කොටිය මැරිල වැ‍ටුනලු . . . . . .

        දැං තෙරෙනව නේද උඹ වගේ “සුපිරි කොල්ලෙක්” බිහි උනේ කොහොමද කියල ?????

        GD Star Rating
        loading...
      • Avatar of Observer Observer says:

        චිම්පා,
        ඉස්සෙල්ලම කියාපන් “ආර්තවහරනය” කියන එකේ තේරුම සිංහලෙන් කිව්වොත් මෙනපෝස් ද මොකද්ද කියන මගුලද?
        ෂා…. මන් බඳිනකොට උඹේ ටාර්ගට් එකෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා. මට 29 ය් Mrs .Observer ට 28 ය්. හැබය් දරුවො දෙන්නම අපි දෙන්නට වඩා හුඟක් ඉගෙන ගත්ත, අපිට වඩා ඉහළටත් ගියා.

        අපි දෙන්නට 40 ,41 කාලෙදි ලැබුන දරුවා “still born ” අන්තිම මොහොතෙ නැති වුනෙ. අන්තිමට දොස්තරල තීරණය කලේ දෙමව්පියන්ගෙ වයස බලපාන්න ඇති කියල, හරි තීන්දුවක් ලැබුනෙ නැහැ. සමහර කොමෙන්ට් වල තිබුන වගෙ, දෙමව්පියන්ගෙ වයස බලපානවා කියන එක හරි. අපි දෙන්නගෙ ජීවිතේ අවාසනාවන්තම සිද්ධිය තමා ඒ පුතා අපිට අහිමි වීම, අපි තවම අව්රුද්දක් ගානේ කොල්ලගෙ උපන් දිනේට පින් කම් කරනවා වගෙ අපිට පුළුවන් දේවල් කරනව. මට හුඟක් දුරට හිත හදාගන්න පුළුවන් වුනත් Mrs .Observer ට මතක් වුනාම තවම දවසම අඬනව. මම පුළුවන් තරං උපන් දිනේ කිට්ටු වෙන කොට හැර කොල්ල ගැන කතා නොකර ඉන්න උත්සාහ කරනව.

        කොමෙන්ට් එක පටන් ගත්තේ චිම්පට විහිළුවක් කරන්න, ඉවර වුනෙ, මගෙ අවාසනාවන්ත අත්දැකීමක් කියල, I’m Sorry .

        GD Star Rating
        loading...
      • ඕක සැර වැඩිද මන්ද ඇන්ඩි අයියේ…

        GD Star Rating
        loading...
      • අපිටත් හරිම කණගා‍ටුයි ඔබා මාමේ…

        GD Star Rating
        loading...
      • ආර්තව හරනය කියන්නෙ සීතාහරනය වගේ එකක් නොවැ. ආර්තව චක්කරය නතර වෙන එකටනෙ ඕක කියන්නෙ.

        ඔබා අයියා..මේ අපේ එවුංගෙ ඔය සොරි කතා ඉවත් කරමු බං.මාත් ආයෙ සොරි කියන්නෙ නෑ..අපි අපිට මොන සොරිද ඔබා අයියා..ඔබා අයියගෙ පුතා දැන් හොඳ තැනක ඉපදිලා සතුටින් ජීවත් වෙනව ඇති..පිං දීල ඔබා අයියලත් හිත හදගන්ට ට්‍රයි කොරනවනෙ..ඔව්ව ඔහොම තමයි..කෝකත් වෙන්නෙ මිනිස්සුන්ටනෙ ඔබා අයියා..ඔබා අක්කටත් හිත හදාගෙන ඉන්ට කියමු

        GD Star Rating
        loading...
      • හරිම කණගාටුයි ඔබා මාමා..

        GD Star Rating
        loading...
      • Avatar of DongaAyya DongaAyya says:

        ඔබා අයියගේ comment එක අද දැක්කේ , ජීවතය ඔහොම තමයි…..ආදරය,දුක සතුට අපි කැමති වෙලාවටම එන්නෙත් නෑ, අකමැති වෙලාවට නෑවිත් ඉන්නෙත් නැ ……
        මේකට comment එකත් නොදා ඉන්න හිතුවත් අයෙත් දැම්මා,,
        ඔබා අයියා, අනිත් උන්ගේ හිත සතුටු කොරන මනුස්සයා වෙච්චි, අ.පේ එව්වෝ ඉන්නකන් දුක් වෙන්ටනම් ඉඩ හම්බු වේවිය කියලා නම් බලාපොරොත්තු වෙන්ට එපා, හරිය!

        GD Star Rating
        loading...
      • අඩේ… මමත් දැන්නේ ඔබා මාමාගේ කොමෙන්ට් එක දැක්කේ….. මටත් හරිම කණගාටුයි ඒ ගැන. සොරි කියන්නේ මොකටද ?? අන්තිම පේලියේ ඉන්න උන් හිනා වෙන්න වගේම තව කෙනෙක්ගේ දුකක් කරදරයක් තේරුම් ගන්න දන්න උන්. ජීවිතේදී අපිට ඕනේ දේවල් සේරම ලැබෙන්නෙත් නෑ ඒ වගේම ඕනේ නැති ඒවා නොලබෙන්නෙත් නෑ. ඔය දෙකටම අපි ඉතින් දුක් වෙනවා… කොහොමවුනත් මේ සිද්ධිය ගැන නම් මගෙත් බලවත් කනගාටුව…….. :( :( :(

        GD Star Rating
        loading...
  11. suddi says:

    අව් 30 න් පස්සෙ බබාලා හදන්න අමරුයි කියන එක නම් ඈත්ත වෙන්නෙ 10% වගෙ තමයි ..ගෑනු කෙනෙක්ට සාමන්යෙන් අව් 45 විතර වෙනකම් අම්මා කෙනෙක් වෙන්න හකියාව තියනව කියලයි පොත පතේ සදහන් වෙන්නෙ නම්……ඒත් අපේ මයිට කිඋවා වගෙ දෙමව්පියො නෑති දරොවො කොයි තරම් ඉන්නවද.ඉතින් ඔක නම් කොහෙත්ම ප්‍රශ්නයක් නෙවේ

    GD Star Rating
    loading...
  12. Avatar of Ranja Ranja says:

    කිසිම ප්‍රශ්නයක් නෑ….අත්දැකීමෙන් කියන්නෙ දෙන්නට දෙන්න ආදරේ නම් වයස ප්‍රශ්නයක් නෑ. ඕකට හේතුව කියන්නෙ 35 පැන්නහම ගෑනු අයට වලට ටිකක් අඩු ආසාවක් තියෙන්නෙ. පිරිමි අපිට ඉතින් 60 පැන්නත් වදුරො බිම යන්නෙ නෑ වගෙ හින්ද. ඒ වෙනකොට ප්‍රශ්න ඇතිවෙයි කියන බය තමයි තියෙන්නෙ.

    තේරුනද මන්ද?

    GD Star Rating
    loading...
    • මුකදාන says:

      රන්ජා අය්යටත් මේ සීන් එක තියනවද? අත්දැකීමෙන් කිව්ව කියල කිව්වෙ.

      GD Star Rating
      loading...
  13. Avatar of Ranja Ranja says:

    හුටා කෑල්ලක් අඩු වෙලා…..

    35 පැන්නහම ගෑනු අයට sexවලට ටිකක් අඩු ආසාවක් තියෙන්නෙ.

    GD Star Rating
    loading...
    • Avatar of Observer Observer says:

      ප්‍රශ්න දෙකක්….
      (1) රන්ජා ගෙ වයස කීයද?
      (2) අත්දැකීම ගෙදරින්ද,හොරකොටු වලින්ද? (වයස 35 ට වැඩි නං හොරකොටු වලින් වුනාට කමක් නැත)

      GD Star Rating
      loading...
  14. දැන් මගේ උපදෙස..මුකදාන වෙත:

    මචෝ..බොක්කෙ තියාගෙන කොරනවනම් කවදාවත් වමනෙ දාන්ට හෙම එපා..ගිලගෙනම හිටහන්..කෙල්ල කොල්ලට වඩා වැඩිමල් වීමෙන් උඹලට මුකුත් වරදක් වෙන්නෙ නෑ..වරද වෙන්නෙ වටේ ඉන්න හැත්තට නොවැ..උංට අහවල් එකක් කොරගන්ට කියහන්..සංකීර්න අවුලක් කියල ලබ්බක් මේ ලෝකෙ නෑ බං.ඔව්ව මේ එක එකා හදාගත්තු බර වචන.

    මගේ බොක්කක් මේ දිනවල හෙන අවුලක ඉන්නෙ..උගෙ වැඩේ පටන්ගන්ටත් කලින්ම කෙල්ලගෙ ගෙදරට මාට්ටු..කෙල්ලගෙ අම්මල කේන්දරයක් ගැන මගුලක් කතා කරනව. තාම කේන්දර බලන වයසක් නෑ..උං දෙන්නම ඉන්නෙ නිකන් මලගෙයක ගියා වගේ..උංට දෙන්ට උපදෙසකුත් මේ ගමංම කියහල්ලකො.මට ඇඩ්ඩ්‍රස් නැති වෙලා ඉන්නෙ

    GD Star Rating
    loading...
    • Avatar of marmite marmite says:

      ඔකටනම් සිම්පල් උත්තරයක් තමා මට නම් දෙන්න තියෙන්නේ. උඹේ බොක්කට කියපන් උගේ බොක්කි ගෙන් ඉල්ල ගන්න කියල එකී ඉපදුනු වෙලාව. ඉස්සෙල්ලම ඌට කියපන් ඔය කේන්දර බලන ගොජබි ඩයල් එකක් ලඟට ගිහින් වෙලාව චෙක් කර ගන්න කියල. මැච් වෙන්නේ නැත්තම් හදන්න කියපන් උගේ කේන්දරේ ඒකිට ගැලපෙන්න. ඔඋවත් වැඩද බන්.

      GD Star Rating
      loading...
    • හාපෝ ඔය කේන්දර වල නම් තියෙන්නෙ පට්ටපල් බොරු. සමහර අයට නම් ඒ කියන ඒවා හරියනවත් ඇති. හැබැයි මට නම් කවදාවත් හරි ගිහිල්ල නෑ. මගේ කේන්දරේට එක පාරක් කිව්වලු 2010 වසර මට බොහොම නරක හිත රිදෙන වසරක් කියලා. මොන පිස්සුද 2010 වසර මම සෑහෙන සතුටින් හිටපු, හොඳම හොඳ දේවල් වුණු වසරක්.

      GD Star Rating
      loading...
      • හඳහන් සම්බන්ද වැඩ වලට නියම බුවෙක් ඉන්නව . . . ඔබා අයියගෙ ‍ෆිට් එකක් . . . ඔබා අයිය හරහ කරගත්තෑකි ඔය හඳහන් බලන වැඩේ

        GD Star Rating
        loading...
    • මුකදාන says:

      එල එල චිම්පා.. සුපිරි මොලයක් නම් නැතත් කමක්නෑ බං ඉපදෙන එකාට බෙහෙතකට ගන්න හරි මොලයක් තියනවනම් ඒ ඇති..

      මාත් කියන්නෙ හඳහන කියන එක සත පහකට ගනන් ගන්න එපා කියලා තමයි.. ඕකෙ කියන ඒව හරියන්න වගේම වරදින්නත් අම්බානක ඉඩක් තියනවා.. ඒක හරියට ඉගෙන ගත්ත එකා කියන ඒව හරියන්න ඉඩ තියනව උනත් බාගෙට ඉගෙන ගත්ත එකා කියන ඒව අහල කෙලවෙන්නත් ඉඩ තියනවා…

      GD Star Rating
      loading...
      • හඳහන් පස්සෙ වැටිච්චි මිනිස්සු තාමත් ඉන්නවනෙ බං..හඳහන් විස්වාස කොලාට කමක් නෑ..එව්වල අන්තවාදී ලෙස ඇලී ගැලී ඉන්න එකනෙ පුරස්නෙ

        GD Star Rating
        loading...
  15. Banda says:

    විද්‍යාත්මක හේතුව මෙකය් …. පිරිමින්ගෙය් ගහනුන්ගෙය් පරිනතිය ( සිතන පතන විදිය ) සිද්ද වෙන්නේ එකම වයස් කාලයකදී නෙමෙය් .. සාමාන්යෙන් පිරිමියකුට වඩා ගැහැණියෙක් ඉක්මනින් පරිනතියකට පත් වෙනවා .. බහුතරයක් , මේක වෙනස් වෙන්නේ 2 years to 6 years .. ඒත් එක වෙනස් වෙන්න පුළුවන්… ඒ කියන්නේ best difference එක 4 years … තේරෙන විදියකට කීවොත් . අවුරුදු 20 ක ගැහැණියෙක් සිතන පතන විදිය සමාන වෙන්නේ අවුරුදු 24 ක පිරිමියෙකුට .. මේ සිද්දිය වෙන්නේ ඇගේ තියන හෝමෝන නිසා … වැඩේ තියෙන්නේ දැන් කාලේ family planing වලට පිටතින් ගන්න හෝමෝන නිසා මේ ඔක්කොම අවුල් .. මගේ පුද්ගලික මතය නම් මේ සේරටම වඩා දෙන්නගේ අවබෝදය කියන එක ලොකුය් …

    GD Star Rating
    loading...
    • අන්න ඒ හෝමෝන කේස් එක නිසයි පොඩි කාලෙදි කෙල්ලො, කොල්ලොන්ට වඩා උස :D :D :D

      GD Star Rating
      loading...
  16. අවුරුදු තුනක් හෝ හතරක වයස් පරතරයක් තිබීමේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලයි මට නම් කියන්න තියෙන්නේ. මම දන්න ඔය වගේ ජෝඩු 4ක් ඉන්නවා. ඒ අට දෙනාම ඉතාම සාර්ථක ජීවිත ගත කරන අය. එක කපල් එකක් මම අඳුරන අංකල් කෙනෙකුයි ආන්ටි කෙනෙකුයි. වයස විතරක් නෙමෙයි අධ්‍යාපන මට්ටමෙනුත් ආන්ටි ඉහල තැනක් ඉන්නෙ. ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් අවුරුදු 25 ක් එකට ජීවත් වෙලා තියෙනව.හැබැයි ඒ ආන්ටි ලස්සනට ඉන්න ලස්සන ඇඳුම් අඳින්න එහෙම උනන්දුයි. ඒ හින්ද්ද මන්ද වයස පේන්නෙ නෑ.
    මාමයිටගෙ උත්තරේ පංකාදුයි. මම කියන්න හිටිය ඔක්කොම කියලා තියෙනවා. ඔය වයස් ප්‍රශ්නය ලංකාවේ ඕපදූප උන්නැහේලට සෑහෙන ඉන්ටරෙස්ටින් කාරණයක්. ඕක දැනගත්තම තමයි අනිත් අයට නැති ඇදකුදත් පේන්නේ. ඒ නිසා කෙල්ල වැඩිමල් කියල දෙපැත්තෙ දෙමව්පියෝ , සහෝදර සහෝදරියො සහ ලඟම යාළුවො දැන ගත්තම හොඳටම ඇති. අනිත් අයට කියන්න ‘සේම් ඒජ්’ කියල.
    අපේ රටේ ගොඩක් ගෑණු ළමයි කෙල්ලො කාලේ වගේ නෙමෙයි බැන්දම රූපය ලස්සනට තියාගන්න, ලස්සනට අඳින්න, පිරිසිදුව ඉන්න එහෙම වැඩි සැලකිල්ලක් නෑ වගෙයි පේන්නෙ. ඒකත් එක හේතුවක් තමයි වයසට යනකොට දෙන්නෙක්ගෙ ආකර්ෂනය අඩු වෙන්න. එහෙම නැතුව ලස්සනට ඉන්නවනම් වයස මොකක් වුණත් දෙන්නටම සතුටින් ඉන්න පුළුවන් ජීවිත කාලෙටම.
    අනිත් එක කොච්චර මැචුවර්ඩ් වුණත් කෙල්ලො තමන් ආදරෙ කරන අය ඉස්සරහ පුංචි ලමයි වගේ.

    GD Star Rating
    loading...
    • Avatar of DongaAyya DongaAyya says:

      මුකයෝ,
      සමාවෙයන්, විහිළුවකට ගත්ත කියල හිතන් එපා.
      එත් ඉතින් කොච්චාර උත්සාහ කලත් මේවා දැකල පැත්තකට වෙලා ඉන්නේ කොහොමැයි….පොඩි මෙව්වා එකක් විතරක් කියලා යන්නම්..
      @ සොබා
      8 දෙනෙක්???8 දෙනාම සතුටින් ඉන්නවා!!ලංකාවේ ලොකු “group class” ද මොනාද තියෙනවා එහෙනම්….කවද අහපු කතාද බොලන්…
      “කෙල්ලො තමන් ආදරෙ කරන අය ඉස්සරහ පුංචි ලමයි වගේ.” සහතික ඇත්ත කතාව බොලන්…අර පොඩි එව්වෝ ඒකාලේ අසාවෙන්. …..(ආ ඕන නැ..)
      (මට මැරුම් කන්ට තමා වෙන්නේ අනේ බුදු සොබනියෙ තරහ ගන්ට එපා මම විහිලුවට කිව්වේ….)
      විහිලුවට මම කිව්ව මේ (ගොන්) කතාව නිසා සොබනිගේ comment එකේ වටිනාකම අඩු වෙන් නැ…කතාව ඇත්ත!
      මුකයෝ, අනිත් එවුන් කියන ඒවා ඇහුවොත් ඉතින් බඳින්ට වෙන එකක් නැ..උන්ය බැඳලා ජීවත් වෙන් නේ…( මේක උඹේ ස්ටොරිය නේද බොල)

      GD Star Rating
      loading...
      • උඹ කියන්ට හැදුවේ පොඩි උං ටොපි චොකලොට් ලොලිපොප් එහෙම කන හැටි නෙවෙයි නේද මචෝ :D :D

        GD Star Rating
        loading...
    • Avatar of nishantha nishantha says:

      “කොච්චර මැචුවර්ඩ් වුණත් කෙල්ලො තමන් ආදරෙ කරන අය ඉස්සරහ පුංචි ලමයි වගේ” I like this :)

      GD Star Rating
      loading...
    • මුකදාන says:

      මේකනෙ සොබනි අක්ක සීන් එක, ලන්කාවෙ ගෑනු විතරක් නෙවෙයි පිරිමිත් ඕපදූප හොයනවනෙ.. මේ වගේ සීන් එකක් දැක්කම උන්ට ඒ ඇති අවුරුද්දක් නොකා ඉන්න.. මමත් එතුමියත් ගැන අපේ සමීපම යාලුවෝ විතරයි දන්නෙ.. සමාජෙට මේක බලපාන හැටි දැනගන්න තමයි මට ඕනි උනේ..

      GD Star Rating
      loading...
  17. Avatar of ෂෝන් ෂෝන් says:

    අනේ මන්ද මචෝ දෙන්නා ආදරෙන් ඉන්නවානම් අවුලක් නෑ තමා. but අපි ඉන්නේ ලංකාවේ, අනුන්ගේ ඕපයක් හොයන උන් වැඩ්යි, උන්ගෙන් පරිසම් වෙයන්.
    මගෙත් පරණ කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩියි. වයස කේස් නිසා දෙපැත්තේම වැඩිහිටියෝ අකමති උනා.
    ෆුල් ට්‍රයි කරා ප්‍රස්නේ ගොඩදාගන්න, හරිගියේ නෑ. අන්තිමට අපි දෙන්නා කතාවෙලා සම්බන්දේ නැවැත්තුවා.

    GD Star Rating
    loading...
    • krish says:

      awuruddath wayasakda…. obathuma kelin hitiyanam oka echchara gemak newe…

      GD Star Rating
      loading...
    • krish says:

      mamath mage wifta wada 3 years balai.. eth api dennata eka thama getaluwak newei.. api santhosen awurudu thunak pawul kabnawa. inneth wides rataka.. wayasa love karanna prob ekak newe mithraya……….apeth love marrage ekak.. 4 years love karala api bedde

      GD Star Rating
      loading...
  18. Avatar of nishantha nishantha says:

    මම දකින විදිහටනම් මේක සාපේක්ෂව හිතුවොත් හරි.අපිට බිර්ත් සෙටිෆිකටේ එකක් තිබ්බේ නැත්තම් ඔය 30 කියන එක කොහොමද හොයන්නේ.දැන් බලපල්ලා සිද්දාර්ථ කුමාරයා බැන්දේ 16 න්,හැබැයි රාහුල හම්බුනේ 29 න්,ඒකාලේ මිනිස්සුන්ට කරන්ඩ තිබුන දේවල් අඩුයි. එකයි කලින් බැන්දේ. දැන් Bollywood / Hollywood වල මිනිස්සු ඔක්කොම බදිනකොට වයස 30 පැනල. අපි පාරේ යන කොච්චර ගැහැණු ළමයි දකිනවද.ඒ ළමයින්ගෙන් වයසේ ඇහුවේ නැත්තම් අපිට හරියටම වයස කියන්ඩ පුළුවන් කීයෙන් කීදෙනගේද?ඒක නිසා අවුරුදු 3 , 4 ක පරතරයක ලොකු ප්‍රශ්නයක් කියල මමනම් හිතන් නැහැ. හැබැයි ගොඩක් පරතරයක් තිබ්බොත් ගැටළුවක්.ඒක ඒක වයස් කාල වලදී ඒක එක්කෙනාගේ බලාපොරුත්තු සහ ආශාවන් වෙනස්.

    GD Star Rating
    loading...
  19. Avatar of Ranja Ranja says:

    @ oba….

    ඇයි මම කිව්වෙ මගෙ වයස….ඔව් අත්දැකීමෙන් මයි කිව්වෙ…කොටුවක් නම් කාලෙකින් පැන්නෙ නෑ…

    GD Star Rating
    loading...
    • Avatar of Observer Observer says:

      “කොටුවක් නම් කාලෙකින් පැන්නෙ නෑ…”

      හ්ම්….

      GD Star Rating
      loading...
  20. krish says:

    mamath mage wifta wada 3 years balai.. eth api dennata eka thama getaluwak newei.. api santhosen awurudu thunak pawul kabnawa. inneth wides rataka.. wayasa love karanna prob ekak newe mithraya……….

    GD Star Rating
    loading...
    • Avatar of Observer Observer says:

      @ krish,

      ටොකු එහෙම අනින් නැත්තන් ගෑනි, වයස කිසි ප්‍රශ්නයක් නෙමේ පොඩි එකෝ.(just joking)
      මට වෙලා තියෙන්නෙ අපිත් ඉන්නෙ වෙන රටක තමා, ඒ වුනාට ඉස්සර ආත්මෙක (sorry මේ ආත්මෙ අව්රුදු 20 කට විතර ඉස්සර) අපේ ගෑනි ටීචර් කෙනෙක්.

      තවම හිතං ඉන්නෙ මමත් එයාගෙ පන්තියක ඉන්න කරදර කාර කොල්ලෙක් කියල.

      GD Star Rating
      loading...
      • ඔබා අයිය පන්තියේ එකෙක් කියල හිතගත්තට නං පුරස්නයක් නෑ..මේ “කොල්ලෙක්” කියල හිතන් ඉන්නවයි කියන එකනෙ අවුල :D

        GD Star Rating
        loading...
      • “කරදර කාර කොල්ලෙක්”
        සහතික ඇත්ත… :P

        GD Star Rating
        loading...
      • krish says:

        thamanam mama kiyane ahagena adaren innawa…thama awurudu thunaine… passe kohoma weida danne nee…hehehe….

        GD Star Rating
        loading...
  21. Sarpaya says:

    අවුරුදු 2ක 10 තරම් භයානක නෑ …………………..

    GD Star Rating
    loading...
  22. මටත් තිබුන ඔය ප්‍රශ්නෙම…
    ඇත්තටම කිව්වොත් ප්‍රශ්න දෙකක්…..
    1. වෙන ජාතියක වීම (tamil)
    2. මට වඩා (1අවුරුද්දක්) බාල වීම

    වාසනාවට අපේ ගෙවල් දෙකින්ම අපේ සම්බන්දෙට කැමති වුනා .
    අපි දෙන්නගෙම දෙමවුපියෝ කිව්වේ;
    - ඔය දෙකටම උත්තර තියෙන්නේ ඕගොල්ලෝ ළඟ…..
    -ඉස්සරහට එකට ජීවත් වෙන්නේ ඕගොල්ලෝ…..
    -එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් කියල හිතනවා නම්
    -පිටින් එන ප්‍රශ්න මොනවා උනත්,
    ඔය දෙන්න ආදරෙන් සතුටින් & විශ්වාසයෙන් ඉන්නවා නම් අපෙත් කිසිම අකමැත්තක් නැහැ කියලය්…..

    ප. ලි.
    ඔන්න ඉතින් තව අවුරුද්දකින් දෙකකින් විවාහ වෙන්න තමා අපි හිතන් ඉන්නේ…..

    ජාති ආගම් වයස කියන දේවල් ආදරේට ප්‍රශ්නයක් නෙවෙය්…..

    GD Star Rating
    loading...
  23. හැමෝටම:
    කමෙන්ට් කරලා උදව් කරපු, අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තුතියි! හැමෝගෙම ජීවිත සාර්තක වීමට මේ පින හේතු වාසනා වේවා! :)

    GD Star Rating
    loading...
  24. Avatar of Jayya Jayya says:

    අනේ මන්ද මට මේකට එන්න උනේ බොහොම ප්‍රමාද වෙලයි. එත් ලියන්නම ඕන ..
    කෙටියෙන් කියන්නම්.. මේ වගේ ප්‍රශ්නයකට මුහුණදුන් අසාර්ථක වෙච්ච නිසා දික්කසාද උන දෙන්නෙක් මන් දන්නවා. දෙකටම හේතු උනේ නෝනා අනවශ්‍ය විදිහට මනුස්සය පාලනය කරන්න ගිය එකයි.. අනික නෝනා හැම වෙලාවේම මනුස්සය අඩු වයසේ ගෑනු හොයයි කියල බයෙන ඒක වලක්වන්න නොයෙකුත් මෝඩ වැඩ කල නිසයි.. අපරාදේ හොඳ ආදරෙන් ඉඳපු උන් නිකන් වෙන් උනා. එතෙන්ට ආවට පස්සේ වෙන් වෙන එක වඩා හොඳයි අඬ දබර කර කර වයස් ගත වෙනකල් ජීවත් වෙන්නේ මොකටද ? අපි උපදින්නේ තනිවමනේ.. හැබැයි ඔය ඩිරෙක්ෂන් එකට ජීවිතේ යනවනම් ළමයි නොහද ඉන්න ඒක හොඳයි .. එහෙම නැත්නම්..අපිට වගකීමක් තියෙනවා අපි මේ ලෝකෙට ගෙනා උන් නිසා දත්මිටි කාගෙන එකට ඉන්න….
    ඒ වගේම එහෙම එකතුවෙලා හොඳ ජොලියේ ඉන්න බොහෝ දෙනෙකුත් මං දන්නවා. එහෙම ඉන්න ගණන අති විසාලයි ..
    මිනිහට වැඩිය නෝනා බාල වෙලත් ජීවිතේ හොල්මන් කරගත්ත ගණන ඊටත් වඩා වැඩියි.
    මම මේ ගැන කියවපු ලිපියක තිබුන මෙහෙම දෙයක්.. සාමාන්‍යයෙන් කාන්තාව අම්ම කෙනෙක් නිසා වයසින් වැඩි කෙනා අඩු කෙනාව ටිකක් පාලනය කරන්න හදනවා කියල..MOTHERING
    (අපේ සුවිට් හාට් එක මට වඩා හොඳට බාල උනත් මාව පාලනය කරනවා බන් .. ( ආදරෙන් .. කඳුලෙන්.. ඉස්ට්‍රයික් එකෙන් .. පස්ස හරවාගෙන නිදාගැනීමෙන්- හැබැයි අතක් දැම්මම අත දිගේ රෝල් වෙලා එනවා බන් .. මගේ ලමයි හදන්න පුළුවන් නම් මගේ ජීවිතේ බර ගන්න හොඳ නම් ටිකක් මාව කොන්ට්‍රෝල් කලාම මොකද ? මාත් ඉතින් හොඳම යකෙක් නෙවෙයිනේ ? ඔන්න මට ඉතින් නිවාඩුවක් දාල ගිහින් උන්දැව ඉඹින්න හිතෙනවා.. )
    අනික ඉතින් කෙල්ලෝ ටිකක් හුරතල් වෙන්න කැමතියිනේ.. (එක හොඳ දෙයක් ..නැත්නම් මේ ලෝකේ මහා කොන්ක්‍රීට් ගොඩක් වෙයි..) ඔය ටිකක් වයසින් වැඩි කෙනත් එහෙම නම් හොඳයි.. කොල්ල හුරතල්වෙන්න ගියොත් වන තමයි.. ඔන්න ඉතින් මං පිස්සු කෙලිනවා.. අවුරුදු දෙකක් කියන්නේ මොකක්ද ? ඕක ප්‍රශ්නයක් කරගන්න එපා.. ගැනු මිනිස්සු දෙගොල්ලම් එක සමානයි .. ඇයි ගෑනී විතරක් අඩුවෙලා මිනිහ වැඩි වෙන්න ඕන ? ඕක හදපු උන් පිරිමි … අර අරාබි කාරයෝ වගේ ගැණු යටත් කරගෙන ජීවත් වෙන්න කැමති උන් බන්..
    ඔන්න සුද්දියේ අම්ම පාට් එහෙම දාන්න එපා කොල්ලට.. ඕක හරියන්නේ නෑ.. හැම වෙලේම පොඩි එකී වගේ ඉඳපන්.. මුකයා පිස්සු කෙලින්නේ නැතුව බැඳපන්.. හැබැයි ඒ ටෝකන් එකෙන්ම කියන්නම් මනුස්සය හරි ගෑනී හරි විසාල වයස් පරතරයක් ඇතුව පටන් ගත්තොත් හබක්.. බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ එහෙමයි.. මිනිස්සු කියන්නේ පරිණාම උන සත්තුනේ.. අපේ ඇතුලේ ජීවත් වෙන තිරිසනාට අවශ්‍ය වෙලාවට ඉඩ හම්බුනොත් වෙන දේ අපි දන්නවනේ..
    ජීවිතේට හරියන සහකාරය හරි සහකාරී හරි ආවම ඔය ඉලවු වයස් හොයන්න පුලුවන්ද ?
    හැබැයි ඒ එක්කම තවත් දෙයක් කියන්න ඕන.
    ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ උඹ ළඟමයි..
    හැබැයි උඹටම ඕක ප්‍රශ්නයක් නම් දැන්ම නවත්වපන් අහිංසක ජීවිතයක් අමාරුවේ නොදා.
    කෙල්ලෙකුට වයස යන එක අපේ සමාජයේ ප්‍රශ්නයක්නේ..
    අහපන් උඹෙන්ම ප්‍රශ්නයක්.. උඹ උඹටම වංචා කරගන්නේ නැතුව අවංකව..
    මගේ හිතේ මේ ගැන කුකුසක් අබිලික් එකක් තියනවද ?
    එහෙම නැත්නම් ඔය කතාව වහල දාපන්.. ඔතනින් එහාට කාටවත් කියන්නත් එපා හිතන්නත් එපා..
    ඔන්න කොලු කෙල්ලනේ උඹ කිවුවට තරහ වෙන්න එපා.. මං උඹල කාටත් ආදරෙන් තමයි උඹ කියන්නේ.. උඹල වැඩිදෙනෙක් මගේ දරුවන්ට සමානයි උඹල මගේ ජීවිතේ ආතතිය නැතිකරන නොදුටු මිත්‍රයෝ ..

    GD Star Rating
    loading...
    • මුකදාන says:

      බොහොම ස්තුතියි ජය්යා අය්යා… මේ හැම කෙනෙක්ගෙම රිප්ලයි එකකින් මම මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා. ජය්යා අය්යාගේ මේ අදහස් ටික ඒ හැම දෙයක්ම මට ආයෙත් මතක් කලා…
      මම මේක ගැටලුවක් කිව්වට මේක මම කිසිම දවසක ප්‍රශ්නයක් කරගත්තේ නෑ ජය්යා අය්යා.. දැන් අවුරුදු තුනක් අපිට ආදරේ කරන්න මේවා කේස් උනේ නෑ… මට කවදාවත් එයාගේ වයස වැඩි කම දැනුනේ නෑ… ඒ වගේමයි මාව පාලනය කරන්න ට්‍රයි කරෙත් නෑ කවදාවත්… කොටින්ම කිව්වොත් ජය්යා අය්යා, මට වත් එතුමියටවත් මේ සිද්දිය ප්‍රශ්නයක් වුනේ නෑ… මම මේ පෝස්ට් එක දැම්මෙ ලංකාවෙ මිනිස්සු මේ වගේ සිද්දියක් දිහා බලන විදිය දැන ගන්නයි… අය්ය වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයොන්ගේ අදහස් මසුරන් වටින බව මම දැන් දැනගත්තා… :)

      GD Star Rating
      loading...
      • marmite says:

        තමුන්ගේම කෙල්ලට බඩුව කෑල්ල කියන උන් අතරේ, ඇයට “එතුමිය” කියපු උඹට මගේ ආචාරය!!

        GD Star Rating
        loading...
      • මතු දිනක බිරිඳක්, මවක් වන්නේ අද තරුණියක් නොවැ මාමයිට්.
        උඹත් හිතන්නෙ මෙපරිදිම බව දනිම්!
        ටැන්කුයි! :D

        GD Star Rating
        loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.