Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
14

තකතීරුවා

පැට්ටා

අද මම මෙ කියන්න තටමන්නෙ මගෙම කතාවක් නෙවෙයි….
මම ගියා ගලදාරි හෝටලෙ තිබ්බ ”විශන් ට්‍රේනින්ග්” ප්‍රොග්‍රෑම් එකකට ඊයෙ….

ඒක කරේ වෙන කවෘවත් නෙවෙයි ලන්කාවෙ ප්‍රසිද්ද නලුවෙක් වෙන සනත් ගුනතිලක මහත්මයා… ඒ නිසා මීට කලින් කට්ටිය මේක කලින් අහලත් ඈති..
එහෙම නම් සමාවෙලා සොරි වෙන්න ඕනා..

එතුමා ඒක කරද්දි දීපු සමහර උදාහරණ විහිලු මිශ්‍ර වටිනා උපදෙස් නිසා අ.පේලියෙ කොටන්න හිතුන

මේක තමන්ගෙ ආත්ම ගරුත්වය රෑක ගෑනීම ගෑන දීපු උදාහරණයක්.

ඉස්සර කාලෙ හිටියලු ඉරානයේ නසුර්ඩීන් කියල පොරක්. මට මතක සනත් මහත්ම කියපු විදිහට මෙයා කවියෙක්ද කොහෙද.. ඉතින් මේ පොර ආශ්‍රය කරන්නෙ ඔක්කම ලොකු ලොකු උදවිය ලු.. උසස් තලයෙ කවියො ඒ වගේම ප්‍රභු පෑලන්තියෙ පොරවල් තම ලු මෙයාගෙ ආස්සරේ…
දවසක් ප්‍රභූ පොරක් මෙයට කිව්වලු නසෘදීන් මට ඔයාව මීට් වෙන්න ඔනෙ කියල, ඉතින් නසෘදීන් පණිවිඩයක් යව්වලු මෙන්න මෙදාට එන්න, මම ගෙදර ඉන්නව කියල…

අර ප්‍රභු ඩයල් එකත් කියපු දවසට නසුර්දීන් ව මීට් වෙන්න එනවලු…
අනේ අවාසනාවකට එදා නසුර්දීන් ගෙ අම්ම අසනීප වෙලා අම්මව ඉස්පිරිතාලෙ අරන් යන්න උනාලු නසුර්දීන් ට.. ඒ කාලෙ ෆෝන් එහෙමත් නෑති කාලෙ නෙ අර පභු පොරට එන්නෙපා කියල පණිවිඩයක් දීගන්න ක්‍රමේකුත් නතිලු

ප්‍රභු පොරත් නසෘදීන් ගෙ ගෙදර ආවම කවෘත් නෑතිලු… (දන්නවනෙ ඒ වගෙ ඩයල් හරි ඔලුවෙන් නෙ ඉන්නේ ඉතින් මේ පොරට මල අතේලු..
ම0 මෙච්චර ප්‍රභු වරයෙක් වෙලත් මේකා මට එන්න කියල ගෙදර ඉන්නෙ නතුව ලොකු අවමානයක් කරා කියල හිතල, ගෙදර තිබ්බ බෝඩ් එකේ ”’තකතීරුවා” කියල ලියල ගියාලු…
නසුර්දීන් ඉස්පිරිතාලෙ ඉදන් ගෙදර ආපු ගමන් මේක දෑක්කලු.
ටක් ගාල ගියාලු අර ප්‍රභු කෙනාගෙ ගෙදර, ගිහින් කිව්වලු
අනේ මට සමා වෙන්න මම අද හදිස්සියෙ මගෙ අම්මට අසනීප උනා. ඉතින් මට අම්මත් එක්ක ඉස්පිරිතාලෙ යන්න උනා අරකද මේකද ලොකේ නෑති දෙවල් කියල පොරව ශේප් කරල සමාව ගත්තලු..

ඊට පස්සෙ අන්තිමට කිව්වලු ” හොද වෙලාවට ඔබ තුමා මගෙ ගෙදර බෝඩ් එකේ ඔබ තුමාගෙ නම ලියල ආවෙ, නෑත්තන් මට කව්ද අපෙ ගෙදර අවෙ කියල හොයාගන්න බෑරි වෙනව කියල ”

කොහොමද නසුර්දීන් ගෙ ටිකිරි මොලේ.

තකතීරුවා, 8.6 out of 10 based on 25 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
පැට්ටා

පැට්ටා

පික්සු කොර ගින්දර කොල්ලෙක් අම්මප...

 All posts by පැට්ටා  Link to පැට්ටා's blog

14 Responses to "තකතීරුවා"

  1. marmite marmite says:

    නසරුදීන් කියන්නෙ මට මතක විදිහටනම් මචෝ, අපේ රටේ හිටපු අන්දරේ වගේ මැද පෙරදිග හිටපු පොරක්. පොරගෙ කතා තියෙන පොතක්ම ගෙදර නම් තිබුන. ආයෙත් හොයල කියවන්න ඕනි.

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  2. හඳයා says:

    ඔය නස්රුදීන් ගෙ පොත මමත් කියවල තියෙනව. පට්ට කතා ටිකක් තියෙනව

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • marmite marmite says:

      එහෙනම් මචෝ මාරුවෙන් මාරුවට කතා ටික කොටමු ලාස්ට්‍රොවට

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
      • හඳයා says:

        එල එල. තව පොඩ්ඩක් මතක් කරගෙන කොටමු.

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
  3. Jayya says:

    පැට්ටෝ… මන් අහල තියෙන විදිහට නම් ඔය නළු බට්ටත් අර රැජින ළඟ ඉන්න කාලේ ඉඳල තියෙන්නේ ඔය කතාවේ චරිතෙට සමානවම තමයි. බලයෙන් හිස් උදුම්මාගෙන.. අනුන්ට බන කියන අය තමුන්ටම කියාගන්න එකයි වඩා හොඳ !!

    VN:F [1.9.22_1171]
    Rating: +6 (from 6 votes)
    • ජීනියස් ජීනියස් says:

      හොඳටම ඕක දැනගන්න පුළුවන් වික්ටර් අයිවන්ගේ “චෞර රැජින” කියෙවුවොත්..

      VA:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  4. Observer says:

    ජය්ය කියපු ටික මාත් අහල තියෙනව ඔය ප්‍රභූ වරය ගැන නං.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  5. නිශ් නිශ් says:

    මාත් මේ පොර ගැන කතා ගොඩක් අහලා තියෙනවා.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. ෂෝන් ෂෝන් says:

    පොර සලලිහිනියේ ලොක්ක වෙලත් හිටියනේ

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • පැට්ටා අවංක පැට්ටා says:

      සෑලලිහිනි කතාවකුත් පොර එදා කිව්වා තමා..

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  7. අවංක පැට්ටා says:

    අනේ හඳයෝ පොත හොයාගෙන අනිත් කතා ටිකත් දාහන්කො.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  8. කනමදය කනමදය says:

    ඉස්සර සනත් ට කියන්නෙ දිවාකර කියලලු
    …
    …දන්නවනෙ හේතුව

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. ජයියාගේ යෝජනාව මා ඉස්තිර කරමි

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. පැට්ටා අවංක පැට්ටා says:

    දේසපාලුවො ඔක්කමලා ඔහොමමනෙ අය්යන්ඩිලා..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 94 queries in 0.564 seconds.