මට මේ කතාව මතක් වුනේ ජපන් දැනුම කියවනකොටයි.
මේ දවස් වල කිරිකැට් තරඟ උණුසුම ළඟ නිසා ක්‍රීඩකයෝ ගැන කතාවෙනව.. ඔය අතරේ තෝරාගැනීමේ කමිටු වලට දෙසපාලුවන්ගේ බලපෑම් ගැනත් කියවෙනවා.. අපේ රටේ ඉතින් දේසපාලනය නැතුව පුරසිද්ද වැසිකිළියක්වත් වත් හැදෙන්නේ නැහැ නෙව.. පන්දමක් නැතුව ගොබිලෙක් හරි කැකුලියක් හරි ආණ්ඩුවේ තැනකට මෑත කාලේ රිංගල තියෙනවා නම් ඒ ඉතින් අත් වැරද්දකින් වෙන්න් ඕන..
ඔය අන්චිය වැඩිය සද්ද බද්ද නැතිව කෙරෙන ක්‍රීඩා වලට බොහොම බලපානවා..කිරිකැට් වලට ටිකක් අඩුයි හැමෝම අවදියෙන් ඉන්නවා වගේ පෙනෙන නිසා.(එකෙක්වත් අවදියෙන් නැති බව දන්නවනම් ඒකටත් හොඳටම කෙල වෙනවා !)
මේ කතාව ලියවෙන්නේ මල්ලව පොර (wrestling ) ගැනයි..
එක අවුරුද්දක ආසියාතික මල්ලව පොර තරඟය තිබුනේ පිලිපීනයේ හරි ඉන්දුනීසියාවේ හරි ඔයවගේ රටකයි. ඉතින් අපේ රටේ මල්ලව පොර සුරයින්ටත් ආරාදනා තිබුන සහබාගි වෙන්න මේ තරඟ වලට.. ඉතින් ජාතික මල්ලවපොර සංගම් වලින් හොඳම ක්‍රීඩකයෝ තෝරලා වගකිවයුත්තන්ට දැනුම් දුන්න සිරි ලංකා කණ්ඩායම තෝරාගන්න කියල..
ඔන්න ඔහොම යනකොට ඔය බලදාරී ඇත්තන්ගේ නෑදෑ වෙන ගොබිලෙක් මේ ගැන දැන ගත්ත. මේ ගොබිලට දැන් යන්න ඕන අර රටට– තරඟයට සහබාගි වෙලා.
හැබැයි මේ බුතය මල්ලවපොර අල්ලනවා තියා ඒවා ක්‍රීඩා කරනවා දැකලවත් ඒ මැට් එකක් පාගලවත් නැති බය්යෙක් ! ඒ වුනාට ඌට වඩාම වැදගත් සුදුසුකම, ඒ කියන්නේ පන්දම තියෙනවා.. ඉතින් ඔන්න අන්තිම තරඟයට යන කණ්ඩායමට මේ යකාවත් ඇතුලත් කලා. එහෙම ඇතුලත් කරලා බල ඇත්ත කිවුව මේ ගොන් තඩියට මල්ලව පොර කරන තැනකට ගිහින් ටිකක් හරි ඉගෙන ගනින් කියල..
මොන…? මේ බූරුවා නිකමටවත් ඒ පැත්ත පළාතේ ගියේ නෑ !
ඔන්න ඉතින් කණ්ඩායමත් එක්ක බූරු තඩියත් රට ගියා.. දැන් තරඟ පටන් අරන්..
මිනිහගේ තියරිය වැඩේ පටන් ගත්ත ගමන්ම පැරදිලා ශේප් වෙන්නයි…
එක එක තරඟ ඉවර වෙලා මුගේ වාරෙත් ආවෙ නැද්ද ?
අනිත් තරඟකාරය ඒ රටේම කෙනෙක්.. සද්දන්ත පෙනුමක් තියෙන ගොබිලෙක්.. අපේ වීරයාගේ දනිස් කටු දැන්මම වෙවුලනවා ..
එත් මිනිහ දැන් මැට් එක උඩ.. අනික කරන විදිහටම රෙඩි වෙලා දෑත් දෙදනට තියාගෙන ඉන්නවා..
අනික පැන්න ගමන් දැම්ම මාට්ටුවක්… අපේ බුරුව බිම දැන් උගේ කකුලක් ගැටයකට අහු වෙලා..
ප්‍රතිමල්ලවය ගැටේ තද කරනකොට අපේ එකට චූ යන ගානට වේදනාව..
අම්මෝ !! ඌ කෙඳිරි ගාන්න ගත්ත.. යකඩ අඬුවකට අහු වුනා වගේ ඌ හිර වෙලා…
ඒ රටේ ඒකා කල්පනා කරනවා..
” යකෝ මූ මාර එකෙක්නෙ.. මෙච්චර වෙට්ට්ටුවක් දාලත් මූ අම්මෝ කියනවා….දෙන්න ඕන රිදෙන්න කියල.
(අම්මෝ කියන්නේ ඒ රටේ බාසාවෙන් කමෝන්!)
ඒ පාර “බුදු අම්මෝ” මූ මොර දෙනවා …
ප්‍රතිමල්ලවයට මලම පැන්නා. තදකලා නප්පියටම ….
කටස් … සද්දෙත් එක්ක අපේ එකාගේ කකුල කැඩුන.. මැච් ඔවර් !
කමෝන් , 8.9 out of 10 based on 13 ratings
http://www.thelastrow.net/?p=4756
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=4756" style="font-size:16px;" target="_blank"> <strong > post : කමෝන් by Jayya </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=4756][size=16][b] post : කමෝන් by Jayya[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්‍රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
ohoma wela madi
“බුදු අම්මෝ” කියන්නෙ ඒ බාෂාවෙන් මොකටද බන්???
මස්සිනා මේ ආසියාවේ හැම රටකම මිනිස්සු බුදු කියන වචනයේ තේරුම දන්නවා.. එක දැම්මම ඊළඟ එකේ බරපතලකම වැඩි වෙනවා.. . අපිට (බෞද්දයන්ට) ඉහලම පුද්ගලයා බුදු හාමුදුරුවෝ. ඊ ලඟට අම්ම. ඉතින් එක තමයි අපි බුදු අම්මෝ කියල කියන්නේ විඳ ගන්න බැරි වේදනාවක් දැනුනම.. .. හැබැයි මම නම් දැන් දැන් බුදු කියන වචනය යෙදෙන ආකාරය අපේ බුදු හාමුදුරුවන්ට අපහාසයක් හැටියට තමයි දකින්නේ…
ඒව එහෙම තමයි මචන්… හැමදේටම සල්ලි වලින් අගයක් ලැබෙනකොට තව දුරටත් ඒවට පූජනීය විධියට පවතින්න බෑ. විකිණෙනව. අන්තිමේ පූජනීය දේවල්(බුදුන්, ජේසුස්, අල්ලාහ්, අම්ම තාත්තා) තනි තනි මිනිස්සුන්ගෙ හිතේ විතරයි ඉතිරි වෙන්නෙ. ආගම් ගැන ලොකුවට කතාකරන සමාජයෙ අපරාධ වැඩිවෙන විධිය දැක්කම අපේ පරම්පරා වලින් පස්සෙ එහෙමවත් ඉතිරි වෙලා තිබුණොත් ලොකු දෙයක් වෙයි… මම නම් උඩ කමෙන්ට් එක දැම්මෙ බුදුන් ගැන හිතාගෙන නෙවෙයි. මේ කතාවෙ රසය ගැන හිතාගෙන විතරයි. අවුලක් හිතන්න එපා.
ආණ්ඩුවෙ තැන් වලට නම් මෑත කාලෙ විතරක් නෙමෙයි මචං ඕක පටං ගත්ත කාලෙ ඉඳන්ම රිංගන්න බෑ ඔය පන්දම නැතුව.
ඔයෙ ක්‍රිකට් වල වෙන දේවල් ඔනෙ නම් මට ලියන්න පුලුවන්.. ඒත් ඒකෙන් ලාස්ට් රෝ එකේ ආතල් එක නැතිවෙන නිසා නොලියන්නම්…
මට ඕකෙ වෙන දේවල් බොහෝමයක් මුල සිට අගටම වගේ කියන්න පුලුවන්…
නිකමට වගේ එකක් කියන්නම්,
ඕකෙ සමහරු ඉන්නව දුප්පත් ක්‍රීඩකයන් ව ගම් වලින් අරන් ඇවිත් නවාතැන් දීල කන්න බොන්න ඔක්කොම දෙනව.. අරුන් ටිකත් ඉතින් මූට වඳිනව පුදනව.. මොකද සිරාවටම උන්ට මූ කරන්නෙ මොකද්ද කියල කවදාවත් තේරුම් ගන්න බැරි නිසා.. උන් ප්‍රැක්ටිස් කරද්දි එහෙම ෆොටෝ ගන්නව ( ඔයෙ ක්‍රිකට් ෆොටො ගන්න ක්‍රමයක් තියෙනව, ගහපු අය දන්නව, එයගෙ යම් ප්‍රියතම ඇක්ශන් එකක් එක්ක තමයි ඒව ගන්නෙ.. ) තව එයාලගෙ බයෝ ඩේටා ( ජීව දත්ත ) එහෙමත් අරගෙන පිට රට ඇන්.ජී.ඕ. වලට යවනව වැඩි විස්තරත් එක්ක…
ඕවට අමතරව ඉතින් යවනව ඕක කරන එකාගෙ නම ගම විස්තර සහ බන්කු ගිනුම..
බැන්කු ගිනුම් විස්තර… ඔයෙ වෙනකන් ඉතින් තමන්ගෙ සල්ලි වලින් සහ වෙනත් ක්‍රිකට් සල්ලි වලින් ( සමහර ලංකාවෙ ම හොඳ මිනිස්සු සල්ලි දෙනව ඒ ලමයින්ට වියදම් කරන්න කියල, පරිත්‍යාග විදියට ) තමයි අර කොල්ලොන්ට සැලකුවෙ…
ඔයෙ විස්තර යවල ටික දවසකින් ඉතින් ඔයෙ පිට රට්ටො අවිත් කොල්ලන්වත් බලල, ඕක කරන එකාගෙ අතට හොඳ ගානකුත් දීල යනව ( උන් සල්ලි දෙන්නෙත් හොඳට… මේ ලමයින් ගෙ දියුනුවට කියල තමයි… මොනා උනත් එතනදි සුද්දත් හොඳ හිතින් තමයි ඒ සල්ලි දෙන්නෙ…) ඊට පස්සෙ ඉතින් අරූගෙ බැන්කු ගිනුමට ඩොලර් මිලියන ගනන් සල්ලි එනව…
ඕක තමයි ජාවාරම…
මම අහගෙන දවසක් ඕව කරන එකෙක් ටී.වී එකෙත් ඇවිල්ල ලොක්ක වගේ කියනව ඌ උදව් කරන බව.. ඕක කරන දේවල් දන්න අපිට ඉතින් පු*නුත් හිනා යනව… ඒ වෙලාවෙ සාමාන්‍ය මනුස්සයෙකුත් ඒ වැඩසටහනව කෝල් කරල අර මිනිහට ප්‍රසංසා කරා එහෙම කරන එක ගැන… ඇත්තටම ඉතින් මිනිස්සු හැමෝම හිතන්නෙ එහෙම තමයි… අරූ හොඳ කෙනෙක් කියල… හි හි…
දුප්පත් කොල්ලොන්ව හූරන් කන ක්‍රම…
ක්‍රිකට් විතරක් නෙවෙයි මලය ඔය වැඩේ අපේ උන් කරනවා අහිංසක අනාත ළමයි, කඳවුරු වල ඉන්න අනාත මිනිස්සු පාවිච්චි කරලා… හුඟක් charity කියල කරන අය කරන්නේ තම තමන්ට හම්බ කර ගන්න එක…