මගේ පළවෙනි කතාව පබ්ලිෂ් කළාට ඇඩ්මින් සහෝදරයට පින්. කොටද්දි වුණු අකුරු අඩුපාඩු ගොඩක් තිබුණා. සියල්ලෝ කමත්වා.
මේ කතාව මට මතක් වුණේ එළිසබෙත් රැජිණ සහ සර් ජෝන් කොතලාවල ගැන ලියපු කතා කියවද්දි. මේක තිබුණේ අවුරුදු ගාණකට කළින් සති අන්ත පුවත්පතක. හැබැයි සිද්ධියට සම්බන්ධ ලංකාවේ පොර සර් ජෝන්මද කියලා මට හරියටම මතක නැහැ. මතක විදියට සර් ජෝන් තමයි.
රැජිණ ලංකාවට ආපු වෙලාවේ කොළඹ නැරඹුම් සංචාරයේ යනවලු. මුඩුක්කු පැත්තක් ළඟින් යනකොට රැජින දැක්කලු, අවරුදු තුනක හතරක විතර දුප්පත් දැරිවියක් පුංචි ටින් පියනක් පාවිච්චි කරලා අමුතු විදියට, නිරුවත වහගෙන ඉන්නවා. ඒ කියුවේ නූල් කෑල්ලක් ඉණ වටේ ගැට ගහලා, අඹුඩයක් ගහලා පිරිපසට ටින් පියනක් එල්ලගන ඉන්නවා. අමුඩ සිස්ටම් එකම තමයි.
අද කාලේ නම් මෝස්තර නිරූපිකාවෝ මේ වගේ ඇඳුම් ඇන්දට, ඒ දවස්වල රැජිණ මෙහෙම ඇඳුමක් දැකලා තිබ්බේ නෑ.
රැජිණ සර් ජෝන් ට කියුවලු `මට ලංකාවෙන් යනකොට සමරුවක් විදියට ගෙනියන්න අර වගේ එක්ක හොයලා දෙන්න` කියලා.
ගෑණුන්ටත් ඕන නැති ටින් පියනක් නැහැනෙ. ඕනකමකටම නෙවෙයිනෙ ගෑණු මෙහෙම ඉල්ලන්නේ. දැක්ක නිසා ඉල්ලනවා. ඊට පස්සෙ මතකවත් නැහැනෙ. සර් ජෝන් දන්නෙ නැත්තම්, ගෑණු ගැන වෙන කවුද දන්නෙ. ඉතින් සර් ජෝන් ඒ වෙලාවෙ `හරි මම හොයලා දෙන්නම් උත්මාවියණි` කියලා කියුවට ඒක අමතක කරලම දැම්මලු.
ඔන්න දැන් රැජිණ ලංකාවෙන් පිටත් වෙන දවස ආවා. සර් ජෝන්ව ගුවන් තොටුපළේදි දැක්ක ගමන් රැජිණ ඇහුවේ ’කෝ අර මට හොයලා දෙනවා කියපු ඇඳුම?’ කියලා. සර් ජෝන්ට ටින් ඇඳුම මතක් වුණේ දැන්. සර් ජෝන්ට කට උත්තරත් නෑ. ඩාදියත් දාලා. දැන් මොන ලෝකෙන් කියලා ටින් පියන් ඇඳුමක් හොයන්නද? රැජිණ ගුවන් යානයට ගොඩවෙන්නත් ලෑස්තියි. සර් ජෝන් හිතුවේ නැහැ රැජිණ මෙච්චර සීරියස් ඕක ඉල්ලයි කියලා. රැජිණ ස්පෙෂල් ගෑණියක් කියන්නෙ ඕකනේ.
සර් ජෝන් තත්පර දෙක තුනක් රැජිණගේ සුදු මූණ දිහා බලන් ඉඳලා, ඇඟට පතට නොදැනිම මෙහෙම කියුවලු.
`මම මුලු ලංකාව පුරාම හෙව්වා. ඒත් ඔබතුමියගේ සයිස් එකට හරියන එකක් තමයි හොයා ගන්න බැරි වුනෙ`.
රැජිණගෙ ටින් අමුඩෙ,



patta patta
අපරාදේ ජෝන්ට තිබ්බේ ලොකු පිගානක් හොයල දෙන්න
ඒ කියන්නේ ජෝන් දන්නවා රැජිනගේ සය්ස් එක …