Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
5

ජෝර්ජ් බුෂ්

මල්දෙණියේ සිමියොන්

මේක ඇවිල්ලා ජෝර්ජ් බුෂ්ගේ පාලනය ගැන තියෙන පරණ ඒත් ප්‍රසිද්ධ කතාවක්. මේකෙ ඉතින් එක එක වර්ෂන්ස් තියෙනවා. මේක ඉතින් මම අහලා තියෙන එක. ඇමරිකාවට විතරක්ම නෙවෙයි මේක ඕනැම රටකට අදාල කරගන්න් පුලුවන්.
මේකෙ තියෙන්නේ ජෝර්ජ් බුෂ්ගේ පාලනකාලයේදී ලයිට් බල්බ් එකක් මාරු කරන්න මිනිස්සු කොච්චරක් ඕනැද කියලා..

1. විදුලි බල්බය මාරු කිරීමට අවශ්ය බව ප්‍රතික්ශේප කිරීමට – 1
2. විදුලි බල්බය මාරු කිරීමට අවශ්ය බව පවසන අය දේශද්‍රෝහීන් බව ප්‍රකාශ කිරීමට – 1
3. විදුලි බල්බය පිච්චීම පිලිබඳ ‘ක්ලින්ටන්’ වගකිවයුතු බව ප්‍රකාශ කිරීමට – 1
4. විදුලි බල්බ තොග ඇති බව සැක කල හැකි රටක් ආක්‍රමණය කිරීමට සැලසුම් සකස් කිරීමට – 1
5. නව විදුලි බල්බ සඳහා ඩොලර් බිලියනයක කොන්ත්‍රාත්තුවක් ලබාදීමට – 1
6. ‘විදුලි බල්බය මාරු කිරීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කරන ලදි’ යනුවෙන් සඳහන් වන බැනරයක් අසල ජෝර්ජ් බුෂ් කුඩා ඉනිමගක නැග සිටින ආකාරය ඡායාරූපගත කිරීම සන්විධාන කිරීමට – 1
7. තම රැකියාවෙන් ඉල්ලා අස්වී ජෝර්ජ් බුෂ් එකල අඳුරේ සිටි ආකරය පිලිබඳව පොත් පින්චක් මුද්‍රණය කිරීමට – 1
8. #7 සඳහන් ක්‍රියාමාර්ගය දරුණු ලෙස විවේචනය කිරීමට – 1
9. විදුලි බල්බ පිලිබඳව ජෝර්ජ් බුෂ් සතුව නොවෙනස්වූ ප්‍රතිපත්තියක් අතීතයේ සිට පැවති බව රූපවාහිනී සාකච්ඡා සහ දේශපාලන රැලි වලදී පුන පුනා ප්‍රකාශ කිරීමට – 1
10. අඳුරේ සිටීම සහ විදුලි බල්බය මාරු කිරීම යන දෙකින් එකක් තමන් තෝරාගත යුතු බව අනෙකුත් රටවලට ප්‍රකාශ කිරීමට – 1

එකතුව – 10

ජෝර්ජ් බුෂ්, 6.9 out of 10 based on 13 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
මල්දෙණියේ සිමියොන්

මල්දෙණියේ සිමියොන්

This user has not updated his description

 All posts by මල්දෙණියේ සිමියොන්  Link to මල්දෙණියේ සිමියොන්'s blog

5 Responses to "ජෝර්ජ් බුෂ්"

  1. kani kani says:

    එල එල… මැක්සා කතාව..
    ජෝර්ජ් බුෂුත් (බුෂුත්??) හරියට අර රජිනි කාන්ත් වගේ මෑන්ස් කෙනෙක් නෙ බලන් ගියාම..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • siribiris says:

      මොකද්ද මචං ඒ රැජිනි කාන්ත් ගෙ case එක…?

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  2. Jayya says:

    මචන් ඕක ගැලපෙන්නේ අපේ රටට බුෂාගේ රටට නෙවි

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  3. AA says:

    :(

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 83 queries in 0.646 seconds.