ලුනු කියන කොට මතක් වෙන්නේ හම්බන්තොටය. නැත්නම් පුත්තලමය. එහෙමත් නැත්නම් කුස්සියේ තියෙන ලුනු පොල් කට්ටය. දැන් ගෙවල් වල නම් ලුනු පොල් කටු දැකිය නොහැක.
ලුනු වර්ග කීපයකි. මේස ලුනු, සහිඳ ලුනු , යවකාර ලුනු , වෙඩි ලුනු ආදී වශයෙනි.
ලුනු රසක් නැතිව කිසි දෙයක් කටේ තියන්ට බැරිය.
ගෑණු ළමයි මොනවා නැතත් හොද්දට ලුනු දමන හැටි ඉගෙන ගත යුතුය. නැත්නම් ප්‍රශ්න ඇති වන්නේ දීග ගිය දාටය.
” හොද්දට ලුනු දමන පදම – හොඳට ඉගෙන ගනින් දුවේ ” යයි පැරණි සිංදුවක් ද ඇත.
අලුත ගෙනා ලේලියගේ වරදක් සොයා ගැනීමට මාන බැලීම සමහර නැන්දම්මලාගෙ හැටියක්ය. ලේලිය ඉවූ වෑංජනයට ලුනු අඩු වුවහොත් ” හොද්දක් හදා ගන්ටවත් බැරිද”
වැඩි උනොත් ” කටේ තියන්ට බෑ පුත්තලම හරවලා” යයි ආඩපාලි කියයි.
හොද්ද ඉවර වෙන තුරු මාරුවෙන් මාරුවට ” ලුනු ” බැලූ නැන්දම්මා හා ලේලි කෙනෙක් ගැන මා අසා ඇත.
ආර්තික විද්‍යාවේ නම්‍යතා සංකල්පයේදී , භාණ්ඩවල මිළ ඉහළ යනවිට මිළ දී ගන්නා ප්‍රමාණය අඩුවන බවද, මිළ පහළ යනවිට , මිළ දී ගන්නා ප්‍රමාණය වැඩිවන බවද කියැවේ. කෙතරම් මිළ පහල ගියත් ගන්නා ප්‍රමාණය නොවෙනස්ව පවතින්නේ ” ලුනු ” වලය.
ලුනු වෙනුවට යොදා ගත හැකි වෙනත් ආදේශකයක් ද නැත.
අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට ලුනු අගුනය.
විවාහ වූ අලුත අපේ එක්කෙනාට ලුනු පිළිබඳ ප්‍රශ්නයක් තිබුනි. එක්කෝ ලුනු අඩුය. එක්කෝ කටේ තියන්ට බැරිය. ඒ මොකද කියා ඇසූ විට ඇස් දෙකේම කඳුලු පුරවා ගනී. සමහර බිරියන් කඳුලුයි බතුයි කනවා කියන්නේ කඳුලු ලුනු රස නිසා ද ?
ලුනු සොයා ගැනීම , ශිෂ්ටාචාරයේ වැදගත් සන්ධිස්තානයකි. එක් කලෙක මුදල් වෙනුවටද ලුනු භාවිතා විය.
බටහිර රටවල ආදි වාසිකයෝ නිර්වස්තරෙන් අමු මස් කන විට, අපේ රටේ ආදි වාසිකයෝ, මැටි වලින් හැදූ භාජනවල , ලුනු දමා ආහාර පිළියෙල කර ගත් බව ” බලංගොඩ” කැණීම් වලින් හෙළි වේ. ඒ කාලයේ ලුනු වෙනුවට පොල් පිති යොදා ගනිමින් ආහාරයට ලුනු එක් කර ගෙන ඇත.
ලුනු , දියවෙන එකක් වුනත් ගෙදරක ලුනු හිග වීම මූසලය. එහෙම දෙයක් වුනොත් කාගෙන් හරි ලුනු ඇඹුල් ඇතිව අහගන්නට පුළුවන.
මා උග්‍ර UNP / SLFP…. විරෝධියෙකි. උන් අපටවත් , රටටවත් කළ දෙයක් නැත. එහෙත් එදා මහින්ද රාජපක්ෂ පොළොව සිප ගන්නා විට , මගේ කටට ලුනු රසක් දැනුනි. ඇසට ඉනූ කඳුලු බිඳුවක් කම්මුල දිගේ රූරා ඇවිත් කට තුලට ගොස් ඇත. මා අඬා ඇත, ඒ සතුට වැඩි කමටය.
කඳුද ලුනු රසය.




නිහාල්ගේ සමහර කතා මහ ගොන් පාට් කියලා මට හිතෙන්නේ ඇයි…?? ඇයි යකෝ ලියන්න දෙයක් නැත්නම් නිකං හිටපංකො….
මචන් සරූන් උඹ්ට එහෙම හිතෙනවා ඇත්තෙ උඹ ඒ වර්ගයට අයත් හින්ද වෙන්න ඇති. ඒක එච්චර ගනන් ගන්න එපා………….
Thank you for for reading my “gon part”
ගොන් පාට් කියලා දන්නව නම් ඇයි දෙය්යෝ මේ වගේ පල් හෑලි දාන්නේ…..?? නිහාල් මහත්තයත් එක්ක මගේ පුද්ගලික තරහක් නෑ. මේ හැමෝම දන්න කියන සාමාන්‍ය දේවල්නෙ…. මේවත් වැදගත් කියලා හිතන ගොබ්බයොන්ට ඕනෙ නම් පුලුවන් ඔය හැම පොත් කඩේකම තියෙන මෙලෝ රහක් නැති නවකතාවක් අරගෙන උදේ හවස කියවන්න…
තලස්ට්‍රොවේ දැන් මානවයෝ වර්ග දෙකකි
නිහාල් ට දෙන උන්
සහ
නිහාල් ට අරින උන්ය
…
නිහාල්ට දෙන උන් නිහාල් වැනිමය
උන්ට ඇත්තේද ලොකු නාමය
ලොකු අය්යා, උසා උදාහරණය
තවකෙකුට ඇත්තේ සුපර් හීරෝ නාමය.
උන් කිසිවකුටත් නිහාල්ට වචනයක් කීම රුස්සන්නේ නැතුවය
එයට හේතු උන්ගේ අදෝ මුක්යන් වලට කතා කල හැකිනම් අසා ගත හැකිය
ජෙමාට ඔච්චර රිදෙන්න දෙයක් අපි අතින් කියවුනාද ? ජෙමා ඉන්නෙ නිහාල් ට අරින පැත්තෙද දෙන පැත්තෙද ?
ලෝකයේ පැරනිම පිලිස්සූ මැටි රූප හමුවන්නේ දැනට චෙක් රිපබ්ලික් නමින් හදුන්වන රටේදීය (wki: Gravettian). ඒ දැනට වසර 29,000කට පමණ පෙරය. ලෝකයේ පැරනිම වලන් හමුවන්නේ චීනයෙන් සහ ජපානයෙන්ය. (wiki : Jōmon Pottery). බලන්ගොඩින් පිලිස්සූ වලන් හමූවූ බවක් නම් මා දන්නේ නැත. බලන්ගොඩ ශිෂ්ඨාචාරය ගල් පතුරු ආයූද (microliths) යොදා ගෙන ඇත්තේ යුරෝපයට පෙරය. ආසියාවේ සහ අප්‍රිකාවේ මානවයන්, යුරෝපයේ මානවයන්ට වඩා පෙර, තාක්ශණික සදාචාරයකට ඇතුලත් වී ඇත.
යුරෝපයේ මානවයන් තවත් වසර දස දහසක් යනකම්, ඒ සදාචාරයට නොපැමිනියේ ඇයීදැයී පුරා විද්‍යාඥ්යන් දන්නේ නැත. නමුත් මාගේ පෞද්ගලික අදහසනම්, “අපි අපේ ඉපැරණි සංස්කෘතිය, සදාචාරය, දේශීයත්වය රැක ගන්න ඕනෑ” යැයී කිය කියා බටහිර මානවායන් සිටි නිසා, තාක්ශණික අතින් පසුබෑමකට ලක්වී ඇති බවයී.
බලන්ගොඩ මානවයා පොල් අතු තැම්බූ බවක් නම් මා දන්නේ නැත. පුරාවිද්ඥායන් කියන්නේ, වසර තිස්දාහකට පමණ පෙර බලන්ගොඩ මානවයා හෝ-ගානා පොකුනෙන් ලුනු පොජ්ජක් මන්දු කරගෙන ආ බවය. නමුත් මුහුදු වතුරෙන් ලුනු වෙන් කර ගැනීමේ තාක්ශණය බලන්ඩොඩ ශිෂ්ඨාචාරයට තිබුනායැයී සිතිය නොහැක.
ලෝකයේ පැරණිම හම් සපත්තුවක් හමුවන්නේ ඇමරිකාවෙනි.. ලෝකයේ පැරණිම ඉදිකටුව හමුවී ඇත්තේ රුසියාවෙනි. ඒ අදින් වසර 30,000 පමණ පෙරය. පැරණිම රෙදී (සත්ව හම් නොවේ) හමුවී ඇත්තේ වසර 36,000 පමණ පෙර ජෝර්ජියාවෙනි. ඒ නිසා, අපි රෙදි ඇන්දගෙන ඉන්නා කල බටහිර මානවයන් හෙලුවෙන් හිටියායැයී කීම මෝඩ කතාවකී. රෙදී ඇදීම මුලින්ම අවශ්‍ය වන්නේ සීත දේශගුණයන්ගේය. උශ්ණ දේශගුණයක් ඇති ලංකාවේ ඇදත් වැද්දන්ට රෙදි ගැන අමුතුවෙන් තැකීමේ උවමනාවක් නැත. බලන්ගොඩ ශිෂ්ඨාචාරයෙන් මැක්කන් හමුවී නැති නිසා, බලන්ගොඩ මානවයා ඇග වැසෙන රෙදි ඇන්දෑදැයී නැද්දයී නිසකවම කිවිය නොහැක.
ගල් යුගයේ මානවයන් සත්ව හම් සහ ස්බාවික දෙයීන් ශරීරය ආවරණය/ආරක්ශා කරන්න ඇති. විලිය, බොහෝ කලයකට පසුව, විශේශයෙන්ම ක්‍රිස්තියානි ආගමත් සමග, පැතිරුනු සංකල්පයක් නිසා, බලන්ගොඩ මානවායට හෝ වෙනත් කිසිම මානවයෙකුට විලි ලැජ්ජාවක් තිබුනායැයී මා සිතන්නේ නැත.
machan, wikipedia wala hari google eke hari ne kiyanne nihal kiyapuwa boru kiyala newe. tawa tikak hoyala balanna.
පුරා විද්‍යාව හෝ ඉතිහාසය මගේ විෂයයන් නොවේ. මා ඒ දෙකටම කැමැත්තෙන් සිටිය නමුත් ඒ ආසාව ඉටු කර ගැනීමට බැරි උනා.
අවුරුදු ගණනාවකට පෙර ශිරාන් දැරණියගල නම් කෙනෙක් සිලුමිණ පත්තරේට ලිපියක් ලියා තිබුනා. බලංගොඩ කැණීම් වලදී වලං කැබලි හමුවූ බවක්. පොල් පිති වලින් ලුණු සපයා ගත් බවත් එහි කියා තිබුනා.
මැක්කන් ගෙන් බේරීමට ඇඳුම් වලට හුරු වුන බව නම් ,ටිකක් පැහැදිලි මදි. අදටත් නවසීලන්තය කිට්ටුව දූපතක ඇඳුම් රහිත මිනිසුන් ජීවත් වන බව ට්‍රැවල් චැනල් එකෙන් පෙන්නුවා. පසුව ඒ ගැන කතා කරමු.
ක්‍රිස්තියානි ආගම එන්නටත් පෙර මිනිසුන් ඇඳුම් ඇන්දා නේද ?
Nihal ayya ara kiyana duupatha koheda tyenne kiyala dannawada…
baluwe ada ma yanna ee pathhe… hiks…..
ඉතිහාසය මාගේ විෂය නොවුනත්, ඉතාම රසවත් විශයක් නිසා, දුටු තැන ඒ දේවල් කියවනවා.
බලන්ගොඩ (ප්රදේශය) සහ බලන්ගොඩ ශිෂ්ඨාචාරය දෙකකී. බලන්ගොඩ ශිෂ්ඨාචාරය අයීතිවන්නේ ගල් යුගයටයී (වසර 300,000 පෙර). ඒ ශිෂ්ඨාචාරයේ (පසුකාලයේදී නොවෙයී) මැටි වලන් හැදීමේ තාක්ශ්ණය තිබුනාදැයී යන්න නිසකවම දැනගැනීමට මම කැමතියී. ඒ ගැන වැඩි විස්තර හමු වුනෝතින් ලියන්න.
විලි ලැජ්ජාව නැති උදවිය පහත්යැයී යන සංකල්පය පසූ කාලීනය. ඒ ක්රිස්තියානි සංකල්පය කොතරම් තදබල ලෙස අපි තුල ස්තාපිත වී ඇත්දැයී යන්න, අපි ඇදුම් අදීන්නේ විලි වසා ගැනීමටයැයී යන්න අප තුල මුල් බැස ගෙන ඇත. ජෛන මහා වීර ඇදුම් ඇන්දේ නැත. ගාන්දී ඇන්දා නොඇන්දා ගානය. විලි ලැජ්ජාව නැති වූ පලියට යමෙකු පහත් වන්නේ නැත. අදත් අපි ඇදුම් අදින්නේ විලි ලැජ්ජාව නිසාම නොව, ශරීරය ආරක්ශා කර ගත යුතු නිසාය. සීතකාලෙට වලහාට ලොම් ඇත. මානවයාට ලොම් නැත. වලහාගේ ලොම් දෙස බැලූ මානවයා, ලොම් නම් නියමයී, අනේ මටත් ලොම් තිබුනානම් යැයී කියා, වලහා මරා ඌගේ ලොම් පොරවා ගත්තේය. ඒ විලි ලජ්ජාව නිසා නොවේය.
මානවාගේ ඇගේ ලොම් නැත. ඒ නිසා ඇගේ මැක්කෝ නැත. මානවාගේ ලොම් ඇත්තේ ප්රදේශ දෙකක පමණි. ඒ ප්රදේශ දෙකේ ඇති මැක්කන් වර්ග දෙකකී. දූපත් වශයෙන් වෙන් වී ඇති මේ ප්රදේශ දෙකේ මැක්කන් මුහු වන්නේ නැත. මේ මැක්කන් වර්ග දෙකට වඩා වෙනස් වූ මැක්කන් හමු වී ඇත්නම්, ඒ මානවාය රෙදි/හම් ඇදී නිසාය. හෝ, දූපත් දෙකේ මැක්කන් මුහු වී ඇත්නම්, ඒ රෙදි ඇන්ද නිසාය.
සරූන් කිඋව එකට මමත් එකග වෙමි…:P
coz ලියන්න දෙයක් නෑත්නම් මේ වගෙ ගොන් පාර්ට් ලියන්නෙ නෑතිව නොලිය ඉන්න එක කියවන අප සෑමගෙ කලය ඉටුරු කර දීමකි….මක් නිසාද යත් අපි ලියුව එකාව හොයන්නේ කියවලා අවසන් වු පසුය……
මගෙ අදහස නිහාල් කියල තියන දේ “ගොන් පාර්ට්” එකක් වශයෙන් සලකලා ඉවත දැමිය යුතු කතාවක් නෙමේ කියන එකයි. . . .
අපි අනිත් දේ ගැන පඩි වදන් දෙන්න කලින් අපේම ඉතිහාසය ටිකක් හරි දැනගෙන ඉන්න ඕනෙ.
නිහාල් කියල තියන විස්තරේ ගොඩක් දුරට නිවැරදියි කියල “ආචාර්ය ශිරාන් දැරනියගල” ගෙ ලිපි කියවලා තියන ඕනෙම කෙනෙක් දන්නව.
මේ පහල තියන ලින්ක් එකට ඇනල බලන්න. . . . සමහරවිට මේ සම්බන්ද වැදගත් තොරතුරු ටිකක් කියවන්න පුලුවන් වෙයි.
http://niraarts.blogspot.com/2010/11/here-they-lived-and-died-pre-historical.html
අපි නිහාල්ට දෙන්නේ, අප ඔහුගේ ලිපිවලට කැමති නිසාය. ඔහු මේ ලිපි ලියන්නේ කුලියට නොවන නිසා, ඒ ගැන කෙලෙහිගුණයක් වශයෙනි. අඩුම ගනනේ මේ නිසා අපට තව දුරටත් නිහාල්ගේ ලිපි රස විඳීමේ හැකියාවවත් ලැබෙනු ඇත. නිහාල්ට බනින අය එසේ කිරීමෙන් ගන්නා ආතල් එකවත් ලබාගන්න හදන දෙය වත් මට නං පැහැදිලි නැත. අඩුමගනනේ නිහාල් කියනදේට එකඟ නොවේ නං “කොලූ” කියනවා වගේ තර්කාණුකූලව වැදගත් විදිහට ඒ විරෝධය පෑමට තරම්වත් ශිෂ්ට සම්පන්න වියයුතු බව මගේ අදහසයි.
අම්මපා. . . . පට්ටපල් . . . අමූලික. . . . සැටිපිකැට් . . . . ඇත්ත. . . . ! ! !
මොක්කුද මේ anonymouse comments දාන පො## වේ## පුතලා? යකෝ නිහාල් ලියන දේ තොපිට රහක් නැත්තේ තොපි නිවාඩු දවසක වත් class room එකේ last row එකේ වාඩි වෙලා නැති නිසා. තොපිට කොන්ද පණ තියෙනවා නම් අඩුම ගානේ fake email එකකින් හරි මේ site එකේ register වෙලා comment කරපල්ලා.
මචන් ඇඩ්මින් උඹව වත් මේකේ ඉන්න වෙන එකෙක්ව වත් මන් කලුද සුදුද කියලා දන්නේ නෑ. ඒක මට වැඩකුත් නෑ. අනේ යාලුවේ පුලුවන් නම් මේකේ register වෙච්ච උන්ට විතරක් comment දාන්න පුලුවන් විදියට හදපන්කෝ. නැති නම් එක එක පො## ප## ඇවිල්ලා නපුංසක comment දානවා.
Lats Row වදන් වලින්ම අමතන්න සිද්ද උනාට කණගාටුයි.
කොමෙන්ට් දානකොට සැලකිලිමත් වෙන්න. අන්තිම පෙලිය උනාට මෙක public site එකක්. කාටවත් විශෙෂයක් නෑ කුනුහරුප දැම්මොත් කොමෙන්ට් මොඩරේට් කරනවා.
kisi awulak ne yaluwe. math kemathi ne public place ekaka kunu harapa kiyanna. eth mata therena de ubata notheri thiyenna widiyak nehe ne. methana inna moda chun halparuwo dekkama ubata mona wachanada mathak wenne?
moderate kalaata kisi awulak ne. eth man me kiwa yojanawa gena poddak hithapan admin yaluwe.
@Gatta
ඔච්චර තරහ ගන්න දෙයක් නෑ යාලුවා… anonymous වෙන්නෙ නමක් නැති ඒවනේ…. බොහොම ලස්සනට නම කියලනෙ අපි කමෙන්ට්ස් දාලා තියෙන්නෙ… වැඩක් නෑ කියන්නෙ වැඩක් නැති නිසා.. ජරාවක් කියන්නෙ ජරාවක් නිසා…
අනික… ලාස්ට් රෝ එකේ හිටියා කියන්නේ කුණුහරුප මව් භාෂාව කර ගත්තා කියන එක නෙමෙයිනේ…
anonymouse comments දාන පො## වේ## පුතලා කියලා බනින එකත් comments දාන්නෙත් බොරු නම් වලිනි…..එතකොට උ කාගේ පුතෙක් දෑයි අපට හිතා ගන්න බෑරිය……LOL
හිනා යන කතා ලියපන් . නැත්තන් වැඩක් නෑ