මේකත් මගෙත් එක්ක වැඩ කරන අයියා කෙනෙක්ට වෙච්ච සීන් එකක්. පොර දවසක් මොකක් හරි වැඩක් කරගන්න ඇවිත් යන්ඩ ගොඩක් රෑ වෙලා කටුබැද්ද හන්දියෙන් කළුතර A/C බස් එකකට නැගලා. දන්නවනේ ඉතින් රෑ උනාම දුර ගමන් බස් කාරයෝ ළඟ බහින්නත් ගන්නවනේ. අපේ අයියත් ඉතින් බස් එකට නැගලා සීට් එකක හරිබරි ගැහිලා වාඩි උනාලු. රියදුරු මහත්තයට පිටි පස්සේ තියෙන පොඩි සීට් එකේ ඉන්නවලු හොඳටම බීපු ඩයල් එකක්. පොර බීලා කියල බස් එකෙන් එළියේ ඉන්න එවුන්ට පවා තේරෙන ගනන්ලු.
ටික වෙලාවක් යනකොට අපේ අයියට තෙරුනලු අර ඉස්සරහ ඉන්න පොර කබරයා දාන්ඩ වගේ ට්‍රයි එකක් දෙනවා. හිතුව වගේම පොර තමන්ගේ දෙපාමුලටම කබරයා පාර දැම්මලු. ඩ්‍රයිවර් කාරයට මලම පැන්නලු. පොර කියනවලු, “මොකක්ද ඕයි… එක්කෝ කලින් කියන්ඩ ඕනේ වමනේ යන්ඩ එනවා කියල, නැත්තන් ජනේලේ ඇරලා එලියට දාන්ඩ එපයි කියල”… බීපු ඩයල් එකත් කතාව ඇත ඇරියේ නෑලු. පොර ගත් කටටම කිව්වලු “පිස්සුද ඕයි තමුසෙට, ජනේලේ ඇරියම A/C එක එලියට යනවනේ” කියල… අර මිනිහට දෙකක් ඇත අරින්ඩ කියල හිතන් හිටපු කොන්දයි, ඩ්‍රයිවරුයි දෙන්නාම පානදුරේට යනකන්ම මුළු බස් එකේම හිටපු උන් එක්ක හිනා වේවි ගියාලු….
ජනේලේ ඇරියම…
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ. එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=2585" style="font-size:16px;" target="_blank"> <strong > post : ජනේලේ ඇරියම… by thilinadg </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=2585][size=16][b] post : ජනේලේ ඇරියම… by thilinadg[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.


Thilina Moratuwa campus eke wage?
Yes yes…
මං campus ඉන්න කාලේ නිතර වෙන දෙයක් තමයි 100 bus එකේ නින්ද ගිහින් මොරටුව නැත්තං පානදුර යන එක. මගේ යාලුවෙක් දවසක් ඇහැරිලා ඉද්දිත් bus එකෙන් බහින්න අමතක වෙලා පානදුර ගියා.
කොටුවෙ ඉදල කැලනියට යන බස් එක දන්නව නෙද…? (මට route number එක මතක නැහැ) ඔය බස් එක යනව නෙමේ බඩගනව…..රෑ ජමෙට චාටර් කාපු එවුන් ඕක හොදටම දන්නව…(කැලනි කැම්පස් ගිය එවුන් එහෙම)
දවසක් රෑ අන්තිම බස් එකට බීපු බුවෙක් කන සාක්කුවට දාගෙන ඇවිත් නැග්ගලු ….
දැන් බස් එක ඔහොම කොට කොට ඉදල යන්න පිටත් උනා කියමුකො . . .
ටෙක්නිකල් හන්ඩියෙදි මේක හිට්ටලු….
කොන්දා බැහැල කට්ටියට කරුනික ආයාචනයක් දැම්ම්ලු……”කට්ටියම බැහැල බස් එක තල්ලු කරමු . . . මේක දවසෙ අන්තිම බස් එක”
ඉතින් කට්ටියට වෙන කරන්න දෙයක් නැති නිසා බැහැල තල්ලු කරල start කරගත්තලු….
දැන් ඔහොම යනව කියමුකො…..
මල කෙලියයි….පන්චිකාවත්තෙදි මෙක ආපහු හිට්ට්ලු….
ආයෙත් පරන සෙල්ලමම කරල ඇංජිම පත්තු කරගන යනවලු…..
මලා….. ආයෙත් ආමර් වීදිය හන්දියෙදි මේක හිටියලු…..
ආයෙත් පරන කතාවමයි . . .
ඔය විදිහට මෙ උලව්ව සුගතදාසෙ ගාවත් හිටල…..අයෙත් පෑලියගොඩත් හිටියලු….
තල්ලු කරල …. තල්ලු කරල බැරිම තැන මේ බීපු බුවා කොන්ද ගාවට වැනි වැනි ගිහිල්ලා අහනව…..
“මල්ලි … මේක බස් එකක්ද……??? නැත්නම් ප**ක්ද….???”
මේක නගිනව…..බහිනව…නගිනව…..බහිනව…නගිනව…..බහිනව…ඉවරයක් නෑ
maxxxaaaaa. LOL
235 bus eka wenna ona