| Title | Votes | Rating | Review | No results.
හ්ම්ම් කාලෙකට පස්සේ… කට්ටිය ඔක්කොම හොඳින් කියල හිතනවා ! මේක ලොකු හිනා යන කතාවක් නෙවෙයි.. අපේ සෙට් එකේ කතාවක් වැඩිය වත්ත වටේ යන්නේ නැතුව මම කතාවට බහිනවා ඔන්න… බලාගෙන හිටිය වගේ ලිව්වට.. මේක අහපු එකක්.. එක නිසා ගොඩක් ලූල භෂාව (ලු) ඇති හොඳේ..
ඔන්න අපේ කතා නායකයා තමයි රුවන්… රුවන් ගැන ලියන්න මට වෙනම බ්ලොග් එකක් අරින්න වෙයි.. සරලව ටිකක් විසේ කාරය, මනමාලය, ජැන්ඩි පහට හැඩට ඉන්න එකෙක්… නැව ගිලුනත් චූන් එකේ ඉන්න එකෙක්…. කෙල්ලෙක්ව බයිට් කලොත් ආයේ තව කාටවත් ඒකිව ඉතුරු කොරන්නේ නැති ජාතියේ අමුතු dial එකක්… bite කොරපු කෙල්ලෙක් ගේ අවසානය කඳුල තමයි… ඒකිව හප කොරනවා හැබැයි හැම කෙලෙක්ටම එහෙම නෑ අපේ භාෂාවෙන් බොක්කෙන් නම් බොක්කෙන්… ඔය අතරේ ඌව අන්දන්න අවොත් ඒකිට දෙවියන්ගේ පිහිට තමයි…
ඔය අතරේ රුවගේ අල්ලපු ගමේ ඉන්න ඉස්කෝලේ යාලුවෙක් මුව bite කරන්න කියල හිතාගෙන එයාලගේ ගමේ නංගී කෙනෙක්ට රුවා ගැන කියල .. කොන්තරාතුවක් දීල.. ඌව පොඩ්ඩක් කරකවල පොඩි fun එකක් ගන්න. අනේ අර නංගිත් රුවා ගැන වැඩිය අහගෙන නෑ ඒකිට තිබ්බ kick එකට වැඩේ භාර අරන්… කාලයාගේ ඇවෑමෙන් කොහොමින් හරි… දැන් කෙල්ල රුවාට sms, calls එහෙමත් දීල නමෝ විත්තියෙන් සෙල්ලම පටන් අරන්… රුවත් ඉතින් ඕවට ඔට්ටුයි ! කොහොම හරි mans උත් දැන් මේ සෙල්ලම ඇදගෙන යනවලු… කෙල්ලගෙන් දන්නා ජාති දාල ඇහුවලු කොහොමද මගේ no එක හොයා ගත්තේ අනං මනං ගෝනියයි…. නමුත් කෙල්ල නෙමයි වචනයක් වත් කියල තියෙන්නේ එකී දස්සි…
එකී දස්සි 


![]()
මම කිව්වනේ රුවා හොඳට හොඳින්… but ඔය නංගී late උනා වැඩියි.. දැන් තමයි රුවගේ බයිට් එක පටන් ගන්නේ… රුවා උගේ class එකේ යාලුවෝ දෙන්නක්ට call දාලා කිව්වලු මචන් පොඩි වැඩක් තියෙනවා කියල කෙල්ලගේ විස්තරේ කියන්නේ නැතුව කිව්වලු රතු පාට T – ෂර්ට් එකකුයි කළු පාට කලිසමයි ඇඳන් අර ඉස්සෙල්ල හන්දියටම එන්න කියල කතා කරගෙන… උගේ යාළුවොත් උටම කියාපු සෙට් එක…. ප්‍රශ්න මුකුත් නෑ හා කියල දැන් කට්ටියම සෙට්… රුවා කියපු වෙලාවට විනාඩි 10ක් විතර කලින් හන්දියට යනකොටත් අර කතා කර ගත්ත style එකට අඳ ගත්තු ඉන්න කෙල්ලෙක් ඉන්නවලු කඩේ.. නමුත් මූ වගේ වගක් නැතුව ළඟ ලයිට් කණුවකට 4 ගහගෙන හිටියලු… කෙල්ල මූ දිහා බලනවලු හිනා වෙනවලු… මූ නෙවියි ගානට ගත්තේ… අනේ පව් කෙල්ල ගත්තලු call එකක් මුගේ ෆොනේ එක silent… රුවා වැඩේට සෙට් වෙලා ඇවිල්ල තියෙන්නේ… ටික වෙලාවකට පස්සේ ඔන්න අනිත් රතු රත්නත් ආවලු…. දැන් කෙල්ල ටිකක් තුෂ්නිම් භූත වෙලා… අනේ අර 2 වෙනියට අපු එක්කත් හිනා උනාලු… නමුත් ඌටත් එට්චර ගානක් නෑ ලු… ඌ දන්නේ නෑ නේ මේ කතා… දැන් කෙල්ලට upset… ආයේ ආයෙත් call ගන්නවලු රුවා වගේ වගක් නෑ… ඔන්න ටික වෙලාවකින් 3 වෙනි රත්තත් ආව… දැන් තුනම රතු රත්නල… එක වගේ… පාරේ අනිත් පැත්තේ ඉන්න රුවාට පේනවලු මේකිගේ ඇස් දිලිසෙනවා… 3 වෙනි එකා ඇවිදන් එන ගමන්ම අනිත් රුවායි අනිකයි එකතු වෙලා… හැබැයි කෙල්ලගේ ගැටලුව එහෙමමයි.. එකේවත් අත වනුවේ නෑ නේ… රුවා අනිත් උන් දෙනාට හිමීට කිව්වලු… කඩේ පැත්තේ කෙල්ලෙක් ඉන්නවා එක පාරට හැරිලා වනපල්ලා අත කිව්වලු… කට්ටිය හැරුනලු වැනුවලු අත…. හිතා ගනිල්ලකෝ… අර ඉන්දියන් නාට්‍ය වල (ඔව් ඔව් අර හැම දාම අඬන එව්වා තමයි…) 5-6 වතාවක් මූණ ලං කරලා පෙන්වනවා වගේ තියෙන්නේ ඇති කෙල්ලට… කෙල්ල හොල්මන්… මූණ රතු උනාලු… අඬාගෙනම මූණ පාත් කරන් දිව්වලු… පස්සේ තමයි අනිත් උන් scene එක දැනගෙන තියෙන්නේ…
පස්සේ රුවාට දිගම දිග message එකක් දාල තිබ්බලු… සමාව ඉල්ලලා සහ ඒකිගේ ආදරයත් ප්‍රකාශ කරලා… රුවා ඔලුව අත ගලා ටොක්ක අනින ජාතිය… shape එක දාල කොන්තරතුව දීපු එකාගේ විස්තර අහගෙන කිව්වලු… සමාව දෙන්නම් හැබැයි නංගෝ… මට කෙනෙක් ඉන්නවා කියල… අදටත් ඒ නංගිට රුවා කවුද කියල දන්නේ නැතුව ඇති…. කොන්තරතුව දීපු එකට දීපු return එකත් මාරු කතා පොඩ්ඩ ඒක ඊළඟ ට දෙන්නම්….
උඹල දාන comments… කෙලින්ම රුවාට යවන්නේ… බය වෙන එපා… ඌ ඕන දෙයක් බොක්කේ ඉඳන් දිරවන එකෙක්… 


![]()



aneee waaasanaaawai………..
maxxa කොල්ලෙක් නේ …පැණි බින්දුවක් ඇගේ නැ
))
අන්න කොල්ලො…
රුවා උඹ පැණි පෙරාගෙන කෙල්ලොන්ට කුරුවල්වෙන….
පිරිමි ජාතිය නගා සිටුවන්න ආපු දෙවියෙක්…
එල බුවෙක් මචන් උඹ නම්
Disgusting. Real boys don’t play with emotions of girls. Only PONZ do so
අනිවා අදහස හරි… ඒත් මෙතන එහෙම දෙයක් වෙලා නැති නිසා… ඔය කතාව මෙතනට කොතෙක් දුරට හරිද කියන එකේ ගැටළුවක් තියෙනවා මචන්… මෙතන වෙලා තියෙන්නේ… කෙල්ල… රුවා එක්ක සෙල්ලන් කොරන්න ඇවිත්… ඉල්ලන් කාපු එකක්… වරහන් වල දැම්මනේ… කෙල්ල serious කියල දැන ගන්න්තේ පස්සේ කියලා.. කියල සමාවත් දුන්න නේ… කෙල්ල පිළිගත්ත වැඩේ පටන් ගත්තේ වැරදියට කියල…. මචන් එක්ක කිසි අවුලක් නෑ… එත් තව ටිකක් හිතල බලන්නකෝ…
ඒ කියන්නේ රුවා මුල ඉදලම බයිට් එකටම සෙට් වෙල තියෙන්නේ…..
මරු මරු….
මචන උඹම නේද ඔය රුවා ..hehe මට පෙන්නේ මේ රුවාම තමය් කතාව ලියල තියෙන්නේ .
මම නෙවයි….. මචන්… ආයේ මොටද බොරු… සිරා ගුලියා වන මම ඔවැනි… දෙයක් කිරීමට තරම් දස්ස නෑ බන්…
අපෝ මොනවා උනත් ඔය කරපු වැඩේ චාටර් බං. කෙල්ල එන්නෙ හොඳකට නෙමෙයි කියලා තේරුනාම රිප්ලයි නොකර ඉන්න තිබුනා.
අනිත් එක උඹේ ඔය රුවා මාර දක්ශයා කෙල්ල මුලින් සෙට් වුනේ සිරාවට නෙමේ කියල තේරුම් ගන්න. උට මොකෝ දන්නේ නැහැ කෙල්ල පස්සේ serious කියලා මීටර් වුනේ නැත්තේ.
වෙරි සොරි. කෙල්ල serious කියල තේරිලත් ඔහොම දෙයක් කලනම් පමු ඔන්නයෙක් කියලා තමයි කියන්න වෙන්නේ.
මෙන්න චීත්තයක් !
xD xD hariyata hari
සිරා චීත්තයක්
සහෝදරයා…. අපි එක එක අය වෙනස්… අපේ එකත් ඉතින් හොඳින් ඇහුව… පස්සේ කෙල්ල එයාගේ අදහස කියල තිබ්බේ උගේ return එක දුන්නට පස්සේ නේ …. එතකොට ඉතින් පරක්කු වැඩි නැද්ද… මෙහෙමයි ඉතින්…. උඹලට මේකේ තියෙන සිංහලේ තේරුම් කොරන්න මම සිංහල භාෂා පරමේශ්වර වෙන්න වෙයි…. මචන් බූට් කාල නැතුව ඇති… කෙල්ලෝ… කොල්ලන්ව අන්දලා… කරකවල… අන්දලා චාටර් උන කිව්වම උඹලම කියයි… නිවටය, පැණිය නන්නත්තාර දේවල් කියයි… කොහොම හරි… comment එකට තැන්ක්ස් ! ජය වේවා !
කට්ටියටම තැන්ක්ස් කිව්වා… comments වලට
යකෝ කෙල්ලන්ට කොල්ලෝ පදිරි කරන්න හොදයි. කොල්ලෙක් , තමන්ව බයිට් කරන්න එන කෙල්ලව බයිට් කලාම ඇයි සමහරුන්ට කේන්ති යන්නේ ???
අනේද කියන්නේ…
ඕව් ඒක ඇත්ත. තමන්ව බයිට් කරන්න එන එවුන් ව බයිට් කරාම ඇති වැරැද්ද මොකක්ද? අනික කතාවේ පැහැදිලිවම කියල තියෙනවනේ ?
ඉතින් රුවා දුන්න රෙටුර්න් එකට මොකද උනෙ ? එකත් ලිව්වොත් නරකද?
දෙන්නම් මචන්… week end එකේ වගේ.. එල නේ…
කෝ බන් මේකේ දෙවෙනි කොටස???