” අපේ විත්ති ” සමඟ පිලිකුල් උනු අන්තිම පේලියට කලකට පසුව නැවතත් ගොඩ වැදීමි.
මෙකත් මේ අපි අන්තිම පේලියෙ ඉන්නකොට සිද්ධවෙච්චි දෙයක්. ඔය කාලෙ අපෙ උන්ට තිබ්බ ලොකුම උනේ තමයි සර් ලා මිස් ලා ව බයිට් කරන එක. 8 වසර ගණිතය ගුරුවරිය කියන්නෙ මුලු පංතියෙන්ම එක කොල්ලෙක් ( කොල්ලෙක් කිව්වට කොලු බාගයක්, ඌ නම් මහබඹා මොකක් හරි හිරිකිත වැඩක් කර කර ඉන්නකොට උපන් එකෙක් ) හැර අනික් උන් ඔක්කොටම පෙන්නන්න බැරි කෙනෙක්. ටර්ම් ටෙස්ට් එකට කොච්චර හොඳ ලිව්වත් හෙමොටම ලකුණු 50න් පහළ.
ඒ දවස්වල අපි හිටියෙ හදලා ඉවර නැති බිල්ඩින්ග් එකක. බිත්තිවල පලංචි වලට හදාපු සිදුරු වහල තිබුනෙ නැ. කපරාදු කරලත් නෑ. ආන්ඩුවෙ කොන්ත්‍රාත් කාරයන්ට පින්සිද්ධ වෙන්න ඕනම වැස්සකට බිත්ති අතරින් පංතිය ඇතුලට වතුර ටිකක් හරි ගලනවා. අපි සෙට් වෙලා, ටිකක් වැස්ස ගමන්, ගණිතය පීරියඩ් එකට කලින් අර පලංචි සිදුරකින් හෝස් එකක් දාලා පංතිය ඇතුලට වතුර පුරවනව. එහෙම දවසට ගණිතය මිස් නෙවෙයි පැත්ත පලාතෙ එන්නෙ. දවසක් අර කොල්ල ( ඔව් ඔව් ඒ පී ඩයල් එක තමා ) අපිට කියනව ” අනේ ඔයාල හරී නරකයි මෙයාලා මම කියනව මිස්ට කොහොමද පන්තියට වතුර ආවෙ කියල ” මේක කියපු ගමන් අපෙ එකෙක් දුන්න මුට කණ රත් වෙන්න එකක්. මූ ඒකත් කාල අඬාගෙන ගිහින් නැවතුනෙ පින්සිපල් ළඟ. නඩු දෙකයි.
ඔහොම නවය වසරටත් පාස් උනා කියමුකෝ…
හිටපු ගණිතය මිස්ට අපිත් එක්ක බැ කියල පන්ති කීපයකට විතරක් ඉගැන්නුවා.අපිට වැටුනා සිරා සර් කෙනෙක්. කොල්ලො කරේ නැගලා උප්පු උප්පු ( ඔව් ඔව් අර පොඩි කාලෙ කරන්නෙ ලුණු ගෙනියනව කියලා, අන්න ඒක තමයි ) ගියෙ නැති ටික විතරයි.
ඔහොම 10 වසරට ආවම වානිජ්ය විශය අපෙ ෆේවරිට්ම ( කට් එක දාන්න ෆේවරිට්ම ) සබ්ජෙක්ට් එක උනා.
ඒ විශය කලෙත් එවකට අපිට එපාම කල ගුරුවරියක් ( හැබැයි අපි අස්වීම ගන්න ගිය වෙලාවෙ අපිට චරිත සහතිකයට රටේ නැති සංගම් වල ලොකු ලොකු නිලතල වල හිටිය කියල දාල දුන්න හරිම ආදරෙන්, එකම සංගමයට එකම අවුරුද්දෙ සභහාපතිලා දුසිමක් විතර හිටියා )
දවසක් පන්තියෙ උගන්වන කොට උද්ධමනය ගැන කතා කලා. එක කැසිල්ලක් තියෙන එකෙක් ගොං ප්‍රශ්නයක් දැම්මා. ” මිස්… දැන් ඔය උද්ධමනය පහල යන එකට මොකද්ද කියන වචනය “( ඒ කියන්නෙ උද්ධමනයේ විරුද්ධ පදය ) මේකට මිස් උත්තර දෙන්න කලින් මගෙ එහා පැත්තෙ එකා හිමින් කියපි ” සඡ්ඡක ධමනය නෙ ” කියලා. මේ කලබල අස්සෙ මිස්ට මේක ඇහුනෙ මම කියනව වගේ. මට සඳ ගුටිය. අන්තිම පේලියෙ උන් පාවල දෙන්නෙ නේ. ඒ වගෙම තමන් නිසා අනිත් උන්ට ගුටි කන්න තියන්නෙත් නේ. ඇත්තටම ඒක කියපු වීරයා ඉදිරිපත් උනා. උටත් ජයටම තෑගි ලැබුනා.
මිස් එයාගෙන් වෙච්ච වරදට සමාව ඉල්ලන්න අමතක කලෙත් නෑ. මම රිදෙන කම්මුල අතගගා ” කමක් නෑ මිස් ” කියල වාඩි උනා. එදායින් පස්සෙ මගෙ වැරදි වලට මිස් මට ගහද්දි හිනාවෙලා හිමින් ගහන්නෙ. වෙච්ච වරද මතක් වෙලා වෙන්න ඇති.
ඒ දවස්වල ගුරුවරුන්ට ( හොඳ අයට ) දීපු වද මතක් කරලා හිනා උනත් දැන් පුංචි වේදනාවකුත් දැනෙනවා. මොනව උනත් ඒ අය කට කැඩෙනකං කෑ ගැහුවෙ අපි ලොකු තැනකට යවල තමන්ට උදව් ගන්න නෙවෙයිනෙ. වැඩිම උනොත් අහවල් බැංකුවෙ වෙඩකරන්නෙ මගෙ ගෝලයෙක්, අහවල් කම්පනියෙ මගේ ගෝලයෙක් ලොක්කෙක් වෙලා ඉන්නව කියලා ලඟ ඉන්න කෙනෙකුට පෙන්නාවි. පෙන්නල ආත්ම තෘප්තියක් ලබාවි. පව්…



අන්තිම පේළිය සිරා බන්…!!!:-D
සිප්කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ….:-D
Melo rahak na. mewada ubala iskole karapu lokuma scene tika?
. Pandithayo wage thawa mekatath dala piyaru babala tika.
Ow ban. Mun me api 1 de 2 de karapu wada O/L kale karala thiyenne.
100% agree bro. This is ridiculous.
පව් යකෝ. චූටි මල්ලිය කතාවක් දැම්මොත් මොකාක් හරි කියනවා. උඹලට තේරෙයි දැං චූටි මල්ලි අයියට මල පැනලා අනික් පැත්තට කියන්ඩ ගත්තම.
Na kassa hithapanko api iskole kohoma athalda gaththe kiyala. Ubata mathakada iskole big match eka dawase api beela wadi wela ube kalisama galewwe score board eka issaraha.
. lol
ඔව් ඔව් ඔය සීන් එක මමත් අහල තියනවා. එදා මූ යටට මොකුත් ඇඳල හිටියෙත් නෑලු නේද?
හොද වැඩෙ ඇඩ්මියට.ඇතිනෙ අහගත්තා
Na na kassa uba eda supurudu paridi dawas 5 ma adina ubata thibunu ekama nil pata joka adala hitiye. Ara world famous joka. Nil pata than than hil wela thibune
Ela ela. chooti malliyo mun kiyana ewa ganan ganna epa. Oya digatama liyanna mage sudu choooooti manika.
අර මහා වලත්ත කතාවක් ශාස්ත්‍රියව ලියලා ” මම සිංහල බාසාවේ වියංගාර්තය කොතරම් දක්ෂ ලෙස යොදාගෙන තිබේද, බලන්න ” කියලා තමන්ම අප්පුඩි ගහගන්න වල් පණ්ඩිත ටෝකකට වඩා ගොඩාක් වටිනව චූටි මල්ලි උඹේ කතාව. හිනාවෙන්න දෙයක් නැතිවුනාට හිතන්න ගොඩක් දේ තියෙනවා. මටත් මගේ පාසල් කාලය මතක් වුනා.
දිගටම ලියපං.! අපි කියවනවා.!! රසවිඳිනවා.!!!
උඹල ඔය කියන පොස්ට් අයින් කරාට පස්සෙවත් උඹලගෙ ඔය ගොන් පාර්ට් නවත්ත ගන්න බෑ නේද?
රන්ඩු වෙන්න එපා මල්ලිලා…
තරහ ගන්න දෙයක් නෑ… ඔනම කෙනෙකුට tags ටික (ඇත්තම සීන්, ඉස්කෝලෙ, කුණුහරුප නෙවේ, දුකට ලියපුවා, විහිළු නෙවේ, හිනා යන්නෑ ) බලලා අනවශ්ය නම් මෙ කතාව කියවන්නෙ නැතුව ඉන්න තිබ්බා.
අර ඇඩ්මින් කියනවා වගේ ප්‍රශ්නෙ තියෙන්නෙ මා එක්ක නම්, අකමැති අය මගේ නම තියෙන ඒවා බලන්න එපා.
මෙ කතාවෙ මම කාටවත් හිත රිදෙන මුකුත් ලියලා නෑනෙ.
එක එක අදහස් තියෙන්න පුලුවන්. සේරම සතුටින් බාරගන්නවා… ජය !!!
උඹ සැලෙන්න එපා කොල්ලො…… ආතල් වලට කොහෙද බන් ශ්‍රේණියක්.
ඇඩ්ඩින් මොකක්ද බන් මෙ හරුපෙ…..උඹ ජොකා සෝදන්නෙ නැහැ කියන්නේ…
බිග් මැච් නම් ඕනෙම නැහැ ඉතින්….පට්ට ආතල් ගත්තෙ…….
චුටි මල්ලිගේ කතාව නියමයි…