Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
8

මඟුල් ගෙදර

Kassa

කැලේ ඉන්න සත්තු පස් දෙනෙක් නම් කරන්න කිව්වම පොඩි එකෙක් කිව්වලු “සිංහයයි ජිරාෆ් ලා 4 දෙනයි කියලා”.මෙක ඒ වගේ එකක් නෙවෙ වෙනස් එකක්.

.

.

මේක ලංකාවෙ කැලයක්.කැලේ රජා සිංහයා (ඊට කලින් ඒ සිංහයගෙ තාත්තා). ඔය සිංහයට හිටියෙ දුවල දෙන්නෙක්.ඔය දුවලා දෙන්නගෙන් ලොකු එකී අල්ලපු කැලේ නරි කොල්ලෙක් එක්ක පැනලා ගියා.මේකට සිංහ රජතුමා ගොඩක් දුකෙන් හිටියේ.ලොකු දුව පැනලා ගිය හින්දම පොඩි කෙලීගෙ මඟුල ලොකුවටම ගන්න සිංහයා කල්පනා කලා. අවසානෙ කොහොම හරි තමන්ගෙ තරමට ගැලපෙන සිංහ කොල්ලෙක් ඈත කැලේකින් හම්බුනා.දෙපැත්තෙන්ම කැමතියි.මගුලට දිනත් තීන්දු කලා.

සිංහයට මේ මගුල ජයටම ගන්න ඔන කිව්වනෙ.සිංහය කැලේ ඉන්න අපා දෙපා සිව්පා හම එකාටම ඉන්ව්යිට් කලා.එහෙම කරලා නීති කීපයකුත් දැම්මා.(මොකෝ බැරි විධායක බලතල තියනවනේ , රජානෙ )

පලවෙනි නීතිය තමා ආරාධනා කරපු හැම සතාම පවුල පිටින් මගුල් ගෙදරට එන්න ඔන.

අනික තමා එන හැම සතාම ජාතික ඇඳුම ඇඳල එන්න ඔන (ස්මාර්ට් කැෂුවල් හරියන්නෑ).

ඔන්න ඉතින් මගුල් ගෙදර දවසත් ආවා.කැලේ ඔක්කොම සත්තු ලස්සනට මඟුල්ගෙදර ආවා.හංසයගෙ ඉඳන් අලියා දක්වා ඔක්කොම සත්තු මඟුල් ගෙදර ඇවිල්ල හිටියා.සිංහයටත් හරී සතුටුයි.සිංහයා මගුල්ගෙදර වටේ රවුමක් ගහලා බැලුවා හැම සතාම ඇවිල්ලද කියලා.ඒත් එක සතෙක් අඩුයි.මොකාද ඒ සතා??

.

.

.

.

.

.

.

.

.

වවුලා (හැබයි බැරිවෙලාවත් වවුලා ඇවිල්ල හිටියනම් මඟුල් ගෙදරට වෙනම ලයිට් ඕනෙත් නෑ)

.

(තාම කතාව තේරුනේ නැති ටියුබ් ලයිට් කෙල්ලන්ට – මෝඩියෙ ලංකාවෙ ජාතික අඳුම සරමයි කමිසෙයිනෙ.ඉතින් වවුලා කොහොමද සරම ගහං කකුල් දෙකෙන් එල්ලිලා ඉන්නෙ )

මඟුල් ගෙදර, 9.3 out of 10 based on 24 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
Kassa

Kassa

This user has not updated his description

 All posts by Kassa  Link to Kassa's blog

8 Responses to "මඟුල් ගෙදර"

  1. දිමුතු says:

    LOL

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  2. palaamalla says:

    LOL

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  3. dhanudp says:

    :-D lol

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. pavi says:

    lol…seriously It took me a while to realize da point..lolz..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 2 votes)
  5. ඇස්. ලොකු බණ්ඩා says:

    කෙල්ලනේ… එතකොට මාත් මේකට ලොල් කිව්වොත් හරි නොවැ…????
    ඕං එහෙනං “ලොල්”
    :D

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  6. ගැටවරයා ගැටවරයා says:

    අඩේ කස්සා ලියල තිබ්බ විදිය නිසා මමත් පොඩ්ඩක් බට ලයිට් වගේ උනා, හි හි උනාමයි ඔහොම වැඩක් මට මේ උපන්තේකට

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 84 queries in 0.623 seconds.